Monday, May 30, 2016

සෙන් කතා i

වරක් එක්තරා තරුණ සෙන් ශිෂ්‍යයයෙකු අතින් සිය ගුරුතුමාගේ ප්‍රියතම මල් බඳුන බිඳී ගියේය. 
ගුරුතුමාගේ පියවර හඬ ඇසුණු ගෝලයා හනික බිඳී ගිය මල් බඳුනේ කොටස් පිටුපසට කරගෙන සඟවා ගත්තේය.
ගුරුතුමා සිය ආසන්නයට පැමිණි විට ගෝලයා මෙසේ අසයි.
"ගුරුතුමනි, අයෙකු මිය යන්නේ ඇයිද?"
"එය සොබාවික සිදුවීමක්," ගුරුතුමා පිළිතුරු දෙයි. "සියල්ලටම ඇතිවීමක් සහ නැසීයාමක් තිබෙනවා. සියල්ල ඒවාට හැකි කලක් පැවතී පසුව නැසී යනවා."
ගෝලයා තමා සඟවාගෙන සිටි බිඳුණු මල් බඳුනේ කැබලි ටික ගුරුවරයා වෙත පාමින් මෙසේ කියයි. "ගුරුතුමනි, ඔබේ මල් බඳුනටත් නැසී යාමට කාලය උදාවී තිබෙන හැඩයි."

2 comments:

  1. අන්න මං වගේ පොරක්

    ReplyDelete
  2. පොඩි හාමුදුරුවෝ කියලා ජාතික රූපවාහිනියේ ඒකාංගික නාට්‍යයක් ගියා ඒකත් මෙ කතාවට සමානයි මං හිතන්නේ එහෙනං මේ කතාවෙන් තමයි ආභාෂය ගන්න ඇත්තේ. මං හරි කැමතියි සෙන් කතා කියවන්න ලස්සනයි දිගටම ලියන්න.

    ReplyDelete