Monday, May 30, 2016

ඇනාබෙල් ලී


වස් ගණනාවකට එපිට
සිඳු අද්දර රජදහනක
අඳුනනවා ඇති නුඹත්
සිටියා එහි එක දැරිවියක්
නමින් ඇය ඇනාබෙල් ලී ය.
අන් සිතැඟි නැති ඒ යුවතිය
පෙම් ලබා මගෙන් පෙම් කරන්නිය මට
ඇය දැරියකද මා කොලුවෙකුද වී සිටියා
රජදහනේ සිඳු අද්දර
නුමුදු අපි ආලය කළෙමු
ප්‍රේමයට වඩා වූ ප්‍රේමයකින්
-මා ද මගේ ඇනාබෙල් ලී ද-
ආලය නිසාවෙන්
පියපතරැති දෙව්පුර සුර දූතයින්
බැඳුණා ලොබින් ඇයටද මට ද

නිමිති විය එය, බොහෝ කලකට පෙර
රජදහනේ සිඳු අද්දර
රාත්‍රිය අසබඩ වූ වලාවකින්
පැන ආ මාරුතය
සීත කර ගියා මගේ ඇනාබෙල් ලී ව.
ඇගේ කුලවත් නෑසියන් විත්
ගෙන ගියා ඈ මගෙන්
සොහොන් කුටියක ලා වසන්නට
රජදහනේ සිඳු අද්දර

දෙව්පුර සුරදූතයින් අසතුටුව
රික්ෂාවෙන් ඈ හා මා ගැන
ඔව්! එයම විය නිමිත්ත. (කවුරුත් දනියි
රජදහනේ සිඳු අද්දර)
වලාවකින් පැන ආ මාරුතය
සීත කර මරා දැම්මා
මගේ ඇනාබෙල් ලී ව.

නුමුදු අපගේ ආලය
සවිමත්ය
අපට පෙර සිටි උන්ගේ
අපට වැඩි නුවනැත්තන්ගේ
ප්‍රේමයන්ට වැඩිය.
දෙව්පුර උඩ වැඩි සුරදූතයන්ට
හෝ සමුදුර පත්ලේ ඉන්නා යකුන්ට
මාගේ ආත්මය වෙන් කළ නොහැකිය
ආත්මයෙන් ඇනාබෙල් ලී ගේ සුන්දර.


සුන්දර ඇනාබෙල් ලී ගැන මා වෙත
සීන නොගෙන සඳ පායන්නේ නැත.
කිසිදින තරුකැට පිබිදෙන්නේ නැත
නුමුදු දකිමි මම
සුන්දර ඇනාබෙල් ලී ගේ දිදුලන මිණි දෑස.
එ නිසා හැම උදම්-රාත්‍රියකම
වාඩිගෙන සිටිමි මම, අසලින්ම
මාගේ පෙම්බර, මාගේ සොඳුර, මාගේ ප්‍රාණය,මගේ මනාලිය
ඇගේ සොහොන් කුටියේ සිඳු අද්දර
ඇගෙ සොහොනේ සිඳු අද්දර.

එඩ්ගා ඇලන් පෝ

2 comments:

  1. මෙයාද ටාසන් ලියුවේ

    ReplyDelete
  2. බුදු සන්තෝ නෑ! ඒක ලිව්වෙ එඩ්ගාර් රයිස් බරෝස්. රන් මකුණා ඇතුලු ගොතික් ආරයේ සහ සයන්ටිෆික් එලැඹුමක් එක්ක කාතාන්තර ලිව්ව කෙනෙක් නොවැ ඔය පෝ. එයාගේ Black Raven කියන දීර්ඝ පැදිය හුඟක් ප්‍රසිද්ධයි.

    ReplyDelete