Sunday, May 29, 2016

එල්දොරාදෝ


සැරසිගත් ආයිත්තමෙන් ඉහළ
එක් නයිට්වරයෙක් ශූර
දහවල ද අඳුරේ ද
බෝ දුරකතරක් ගොස් ය.
ගයමින් ගීතයක්
සොයමින් එල්දොරාදෝව.

වියපත් වී ගියේය හේ
ධීර නයිට්වරයා මේ
ඔහුගේ හදවත මත්තේ
දුක් සෙවණැල්ලක් වැටුණේ
මහ පොළොවේ එක තැනකුදු හෝ
නොවූ නිසා මෙන් එල්දොරාදෝ

අවසන සිය ඔද 
හැරදා යද්දී
මුණගැසුණා ඔහුට
සෙවණැල්ලක් යන වන්දනාවක
"මායාව," ඇසුවා ඔහු
"කොහේද ඇත්තේ මේ
එල්දොරාදෝ නම් බිම?"

"නිසයුරුගේ කඳු වැටියට එපිටින්
මායා මිටියාවතේ පහළින්
යනු, යනු එඩිතරව,"
පිලිවදන් දුණි මායාව
"සොයනුයේම නම් ඔබ එල්දොරාදෝව!"

එඩ්ගා ඇලන් පෝ

4 comments:

  1. Replies
    1. ආ...එල්දොරාදෝ කියන්නෙ ගොල්ඩන් සිටි වලට. අර කට්ටිය පණ යනකම් චිත්‍රපටි හදන්නෙ දකුණු ඇමරිකාවෙ අතුරුදහන් වුණු ස්වර්ණමය නගරය හොයාගෙන යන වික්‍රමාන්විත ගමන්. සරලවම ඔය කවියෙන් කියන්නෙ එක ශූර නයිට්වරයෙන් තමන්ගෙ ජීවිත කාලෙම එල්දොරාදෝව හොයාගෙන ගිහින් අන්තිමට මුණගැහෙන මරණයෙන් පාර අහගෙන මරණය වෙතම යන්න යනවා කියන තේරුමයි.

      Delete
  2. විල් පතුලේ,ගණ කැලෑවේ,කඳුවැටි වල,ගංගා ඉවුරු වල එල් ඩොරාඩෝව නොහොත් රන් නගරය හෙව්වා.එල් ඩොරාඩෝවේ රජතුමා රන් කුඩු ආලේප කරලලු ස්නානය කරන්නේ.එහෙම තමයි කියන්නේ.ඒ හැමෝම උමතුවෙන් වගේ එල් ඩොරාඩෝ හෙව්වේ රත්තරන් නිසා.දිලිසෙන කහපාට ලෝහයක් නිසා.ඒකත් පිස්සුවක් තමයි.තණ්හාවේ පිස්සුව. එල් ඩොරාඩෝව සොයාගිය හැමෝවම සාදරයෙන් පිළිගත්තේ මරණය විතරමයි.අර රන් කුඩු ආලේප කරගෙන පාරුවේ ඉන්න රජතුමා තවමත් හිනාවෙනවා.. කෝ හොයාගත්තද මගේ රාජධානිය කියලා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete