පාන්දර හතරේ කණිසමට අවදි වෙන අත්තම්මා මල්ලීට බත් ගෙඩියක් බඳින්නට හොදි මාළු උයයි. මාළු තුනක්වත් බතට නොතිබ්බෝතින් එදාට අත්තම්මාගේ හිතට හොඳ මදිය. අපි පැය ගාණකට උයන ටික ඕ පැය බාගෙකින් පමණ උයා අහවර කරයි. සමහරදාක ඈ උයන්නේ දර ලිපේ ය.අම්මාගේ ගෝරියෙන් බේරෙන්නට බැරිකමට ඈ දැන් වැඩිපුර උයන්නේ ගෑස් ලිපේය. ගෙදර කවුරුකවුරුත් නිදා සිටින අල්ලපනල්ලේ පහළ මඩුවෙන් දර අදින්නට යාම නිසා අම්මා අත්තම්මා සමග ගෝරි අල්ලන්නීය. එදාට ගෙදර ලෝක යුද්ධෙකටත් හපන්ය.
පාන්දර නිදිමරගාතේ අපි නැගිටගන්නා විට අත්තම්මා උදේට උයා මල්ලීව ද පිටත් කර හමාරය. කුස්සිය අතුගානා ගමන් ඕ අපට තේ හදයි. උදේට කිරි බොන්න හොඳ නෑ අත්තම්මේ'යි කීවද ඇගේ පදමට රහ කහට කිරි කෝප්පයෙන් බේරීම බොරුය. හාන්සි පුටුවට වැටී කබ කඩන ඩිංගට ඕ කිරි කෝප්පය අපේ අතේ තබයි. උඹලා බඩ පිරෙන්න බත් කනටකොට තමා මගේ බඩ පිරෙන්නෙ, අත්තම්මා කියයි. හදිස්සියකටවත් ගෙදර කාටවත් ඩයට් කිරීම උගහටය. අනේ උඹේ කෑම පාලනේ, ගිහින් අන්න කොච්චි එක්ක කරෝල තෙල් දාලා සම්බෝලයක් අඹරලා ඇති බෙදාගෙන කාපන්, ඇය කියයි. කනකම්ම අත්තම්මාගෙන් බේරිල්ලක් නැතිය. අත්තම්මාගේ රහේ බැරි කරෝල බැදුම එක්ක බත් පිඟන් දෙක තුනක් ඇඹරීම අපට ද මහ කාරියක නොවේය.
යුද්දෙ කාලෙ පුතේ සුද්දො ලංකාවට අරං ආවා කාබෙරි කියලා ජාතියක්, අපි බත් ගිලින අතරේ ඇය කියයි. බුදු අප්පේ උංගේ විසාල. අඩි හතකට වැඩි මිසක් අඩු නෑ මයෙ හිතේ. උංගේ තියෙන්නෙ බරි තොල්. කටවල් කන් ලඟටම දිගයි. උංගෙ තොල් මේං මේ කොස්සෙ මිට විතර ඇති මහතයි. එව්වා උන්ගේ නිකටවල ගෑවෙනවා. ඒ විතරක්යැ, උංගෙ කළු! කළුම කළුයි. මිනිස්සු කියනවා උන්ගෙන් සමහරක් මිනී කනවාය කියලා.
ඒ කාලෙ මයෙ වයස අවුරුදු දොළහක් විතර වෙන්ට ඇති. මායි අපේ අක්කයි අම්මයි එක්ක මං යනවා ගෙවල් අහ තිවුණ ඇලකට. ඒ කාලේ වතුර හිඟයක් නිසා ඇලේ ලිං වගේ වළවල් හාරලා තිවුණා ගම්මුන්ට නාන්ට. ඉතිං ඕං මාත් රෙදි කෑල්ලකුත් ඇඟේ ඔතාගෙන නානවා. අම්මයි අක්කයිත් නානවා. මට ඉතිං වටපිටාව ගැනත් එහෙමයි කියලා වගක් නෑනේ. මෙන්න බොලේ එක පාරටම අපෙ අක්කයි අම්මයි ඇලෙන් ගොඩට පැනලා පණ යන්ට වගේ දුවන්වා. මට හිතාගන්න බැරිවුණා මොකද වෙන්නෙ කියලා. මේ අම්මණ්ඩිලා දෙන්නාම රෙදිත් උස්සාගෙන දුවලා ගිහිල්ලා ඒ අහල තිවුණ හබරල ගාලක් අස්සට ගාල් වුණා. මොකෝ වෙන්නෙ කියලා හිතා ගන්න බැරිව උන්නු මට ඇල කණ්ඩියට ඉහළින් සර සර සද්දයක් ඇහුණා. බාගෙට නාගෙන පොල් කට්ටක් ද සෙම්බුවක්ද කොහේද අතේ තියාගෙන රෙදි කඩමල්ලක් ඇඳගෙන හිටපු මං හැරිලා බැලුවා මොකද්දෑ මේ සද්දෙ කියල. ඇත්තමයි පුතේ අල කණ්ඩිය දිහා බලපු හැටියෙ මගේ සරුවාංගෙම සීතල වෙලා ගියා.
කළුම කළු විසාල කාබෙරියෝ තුන් දෙනෙක් ඇල කණ්ඩිය උඩට වෙලා මගේ දිහාව බලාගෙන ඉන්නවා. උංව දැක්ක හැටියේ මට දුවාගන්ටවත් සිහිපතක් තිවුණේ නෑ. කාබෙරියෝ තුන්දෙනාම අඟුරු කළුයි. සද්දන්තයි. ඒ මදිවට මැද හිටිය එකාගේ කටට අලි තඩි ඉබ්බෙක් දාලා. එහෙම කටට ඉබ්බො දාන්නෙ මිනී කන කාබෙරියො කියලා මං අහලා තිබුණා. මාව දාල දුවපු අම්මණ්ඩිලා දෙන්නාත් හබරල ගාලෙ ගුලි ගැහිලා බලාගෙන ඉන්නවා වෙව්ල වෙව්ල. මං හිටියා හිටි පයම හැලහොල්මනක් නැතුව. මට හරි බය හිතුණා උන් මාව අල්ලගනීය කියලා. මං දිහාවෙ බලාගෙනම උං ඇල කන්ඩියෙන් පහළට බැස්සා. එහා පැත්තෙ හිටිය කාබෙරියා මැද හිටිය කටේ ඉබ්බා දාලා තිබුණු කාබෙරියාට මොකද්දෝ කිව්වා. ඊට පස්සෙ උන් තුන්දෙනාම හෙමීට එහා ඇල කණ්ඩියට නැගලා ඇල ඉහළට ඇවිදගෙන ගියා. ඒ කාලෙ ඔය මාලඹේ දිහාවෙ තිබුණලු කාබෙරියෝ ගෙනහල්ලා රඳෝලා තියන කඳවුර වගේ එකක්. එකත් එකටම අර කාබෙරි තුන්දෙනා ඒකෙන් පැනලා යනවා. ඇල ඉහෙන් කාබෙරියො තුන්දෙනා පේන්නෙ නැතුව ගියාටත් පස්සෙ තමයි අර හබරල ගාලේ හැංගිලා හිටි අම්මණ්ඩිලා දෙන්නා එළියට ආවෙ ඔන්න.එදා උන් පැනලා යන ගමන් නොවෙන්ට උන් ඉන්තේරුවෙන්ම මාව කාලා දාලා, අත්තම්මා කියන්නේ සිනාසෙන ගමන්ය.
සිරම්බඩියේ , මඩකලපුවේ , කොම්පඤඤවීදියේ එහෙමත් හිටියා කියනවනේ , ඇයි කාපිරි මුඩුක්කුවේ ( රෝහිනි පටුමග )
ReplyDeleteමේ පසුබිමේ අකුරු කියවන්න ටිකක් අමාරුයි
සිරම්බඩියේ , මඩකලපුවේ , කොම්පඤඤවීදියේ එහෙමත් හිටියා කියනවනේ , ඇයි කාපිරි මුඩුක්කුවේ ( රෝහිනි පටුමග )
ReplyDeleteමේ පසුබිමේ අකුරු කියවන්න ටිකක් අමාරුයි
කටට ඉබ්බො දාන කතාව ආවෙ lip piercing (lip rings/plates) නිසා වෙන්න ඇති. සමහර අප්‍රිකානු ගෝත්‍රවල සම්ප්‍රදායික ආභරණයක්. https://en.wikipedia.org/wiki/Lip_plate
ReplyDeleteබ්‍රිටිෂ් ආමි එකේ සේවය කරපු අයත් ඒ ජාතියෙ පලඳනා දැම්මද දන්නෙ නෑ සමහරවිට කලාතුරකින් ඉන්න ඇති
ඔබේ බ්ලොගය හමුවීම සතුටක්. පරණ පෝස්ට් දෙක තුනකුත් ආසාවෙන් කියෙව්වා
Deleteතොල් තැටි පැලදීම කරන්නේ වැඩිපුර ගැහැනු අය නේද , ඔය වාගෙම කතාවක් මට කීවා , අමාලිගේ කිරි අම්මා , එයා කියුවේ මුල් කාලේ පිරිමි අය විතරක් හිටියයි කියල , පස්සේ ටික කාලයකින් ගෑනු අයත් එකතු උනා කියල , මං කියන්නේ ඉබ්බෝ දැම්මාමයි කියල නෙමෙයි.
Deleteඅනික ඔය එන්ගලන්තය වහලුන් දඩයම් කල ඒරියාවල තොල් තැටි පැලදිමේ සම්ප්‍රදාය නැ නේද ,
තව එකක් එයාල කෙලින් අප්රිකාවෙන් මෙහෙට ගෙනාවේ නැ නේද ,
ඔය බ්‍රිටිෂ් ආමි එකට අප්‍රිකානු සෙබලුන් (මුලින්ම Askaris විදිහට අප්‍රිකාවෙ යුරෝපීයන්ගේ යටත්විජිතවල ) බඳවා ගන්න කාලෙ වහල් වෙලඳාම (නීත්‍යානුකූල එක) නතරවෙලා හුඟක් කල්. බ්‍රිතාන්‍ය නාවික හමුදාව 1800 ගණන්වල ඇමරිකාව හා වෙනත් රටවල වහලුන් ප්‍රවාහනයට විරුද්ධව ලොකු මෙහෙයක් කලා. හුඟක් අය දන්නෙ නැති දෙයක් වහල් සේවය හා වෙලඳාමට එරෙහිව නීති හා යුධ ක්‍රියා මාර්ග ගත්ත පලමු හා ඉදිරියෙන්ම සිටි රටක් බ්‍රිතාන්‍යය. වහල් සේවය දිගටම ගෙනයන්න අන්තිම වෙනකන්ම තැත්කලේ ඇමරිකාව් (දකුණු ප්‍රාන්ත විශේෂයෙන්). බ්‍රිතාන්‍යය වහල් වෙලඳාම තහනම් කරන්න ඉස්සරත් වහලුන් දඩයම් කලේ ඔවුන් නෙමෙයි. ඒක කලේ සතුරු අප්‍රිකානු ගෝත්‍ර, අරාබීන්, පෘතුගීසීන්, තූර්කීන් ආදීන්. සමහර අප්‍රිකානු රජවරු (නායකයන් ) හිටිය ඔවුන්ගේ ලොකුම ආදායම වුනේ වෙනත් ගෝත්‍රවලින් අල්ලගෙන වහලුන් අරාබීන්ට සැපයීම.
Deleteඅප්‍රිකානු වහලුන් ලංකාවට වැඩියෙන් ගෙනාවෙ පෘතුගීසීන් සහ ලංදේසීන්.
(සමහරවිට අරාබීන් ඊට ඉස්සර ගේන්නත් ඇති )
කෙසේවෙතත් ලෝක යුද්ධ (20වන සියවස ) කාලවල හිටියෙ වහලුන් නෙමෙයි. බ්‍රිතාන්‍ය අප්‍රිකානු රෙජිමේන්තුවලට බඳවාගත් සෙබලුන්. ඔවුන් විවිධ ගෝත්‍රවලට අයිතිවුනා.
මටත් සැක තියනවා ලිප් ප්ලේට් දාගෙන හිටියද කියල ඔවුන් යුනිෆොර්මුත් ඇඳගෙන. සමහරවිට තොල් මුදු දාගෙන ඉන්න ඇති කීප දෙනෙක්.එහෙම නැත්නම් ඊට ඉස්සර හිටපු කාපිරි සෙබලුන් හෝ වහලුන් ගැන කතා නිසා වෙන්න ඇති
ෆලෝ පාරක් දැම්මා.. බ්ලොග් රෝලටත් දා ගන්නම්.. පස්සේ ඇවිත් කියවන්න වෙන්නේ.. අටමා තමයි පාර කියුවේ.. ජය වේවා!
ReplyDeleteලියපු දෙයක් කට්ටිය කියවන එක තරම වෙන සතුටක් කොහේද! අටම්පහුරෙ ඇටොම් ඈන්ට් අයියටත් බොහෝම ඉස්තූතියි කට්ටිය සැට් එකට මාවත් එක්කහු කරගත්තාට.
Deleteඅටමා ගේ පාරෙන් තවත් රස තැනකට!
ReplyDeleteඅත්තම්මාගේ කතා අහන්න ආයෙත් එන්නංකෝ එහෙනං
එන්න එන්න! ඇවිත් කියෙව්වාට ඉස්තූතියි!
Deleteජය වේවා. හෙමින් කියවගෙන එන්නං ලෝඩ් එක.. තැන්ක්ස් මැසින් බිජ්ජා
ReplyDeleteප්‍රාගෙ ලිප් පියර්සිං කතාව හා එකඟයි. මමත් දන්න විදිහට එහෙම තමයි.
ReplyDeleteඑහෙම කාබේරින් (BTW කාබේරි කියන්නෙ කෆීර් කියන අරාබි වචනෙ අපේ අයගෙ කටට හුරුවුන විදිහ.( Kaffir = unbeliever ) ඇහැට දැක්ක අය ඔය ගැන විස්තරේ එක දෙක කරල කියන්ට ඇති. අන්තිමට නතර වුනේ මිනිස්සු මරාගෙන කන හින්ද කටට ඉබ්බො දාල හිටිය කියල කතාවක් හැදිලයි. ඉඩි අමීන් ගොයියත් ලෝක යුද්ද කාලෙ ලංකාවෙ ඉඳල තියනව. බ්‍රිටිෂ් ආමි එකේ සාජන්ට් කෙනෙක් හැටියටද කොහෙද...
ඔය යුද්ද කාලෙ අග්නිදිග ආසියා බ්‍රිතාන්‍ය හමුදා මූලස්ථානය පිහිටුවල තිබුනෙ පේරාදෙණිය මල් වත්තෙ.මවුන්ට්බැට්න් සාමිවරයා තමයි ප්‍රධාන සේනාධිනායක. ඒ මූලස්ථානයෙ වැඩට ගෙනල්ල තියනව කාබේරියො.උං හින්ද මගෙ නැන්දම්මගෙ ඉස්කෝල ගමනත් නතර වෙලා අටේ පන්තියෙන්. ඒ කතාව වෙනම කියන්නං ආය දවසක...:)
උබගේ කතා නං ඉවර වෙන එකක් නැ . එක්කෝ මං මැරෙනකං , නැත්තං උඹ මැරෙනකං
Deleteලියන්න, ලියන්න. ලියලා අපටත් බලන්න එවන්ට. ඔව් ඉතින් අර කපුටො හත් දෙනෙක් වමනෙ කළාය කියලා කතාව හැදුනා වගේ ඇති ඔය කටට ඉබ්බා දැමිල්ලත්. ළමයින්ව බය කරන්නත් කියනවනෙ. ළමයෙකුගේ මතකයක් නිසා ගොඩක් විට ඒ වගේ වෙන්න ඕනෙ. ඉඩි අමීනුත් හිටියාලුද! හපුයි ලඩිකාව කිව්වලු!
ReplyDeleteඅටමාට තැනක් යූ වේවා..
ReplyDeleteලස්සන කතා ටිකක් තියෙනවා හිටං කියවන්න
-----
බ්ලොගට සුබ පැතුම්..
ඉස්සරහට දිගටම එන්නම්...
ඇවිත් ගියාට බොහොම ඉස්තූතියි. දිගටම ලියන්නයි බලාපොරොත්තුව.ජය!
Deleteවෘත්තිමය වශයෙන් හීන දකින්නංගේ සංගමෙයේ යාවජීව සාමාජිකයෙක්මි..
ReplyDeleteකියවන්න හිතාගෙන ඉන්නේ දිගටම...
ඇටොම් ඈන්ට් අයියානේ කරදර කරන්නේ මේක කියවන්නය කියලා..
ඒ නිසා ආවත් බ්ලොග් එක ඕගනයිස් කරල ලේ අවුට් කරල තියෙන විදිය විතරක්ම නෙවෙයි, ලියන මාතෘකා වල පලල් විෂය පතයටත් කැමති වගේ හිතෙන නිසා එල්ලුවා ඔන්න රෝලේ...
දිගටම ලියන්න...
අනිවා! දිගටම ලියාගෙන යන්නයි කල්පනාව. ගොඩක් ඉස්තූතියි කොමෙන්ටුවට. හොඳ වගේ අඩුපාඩුත් පෙන්වලා දෙන්න හැමෝටම ඉඩ තියනවා. මොකද මේ බ්ලොගින් වලට මං අලුත්. වැඩිය ටැක්නිකල් වැඩ දන්නෙ නෑ. ඇටොම් අයියාහ් තමයි හෙල්පක් දුන්නෙ.
Deleteඅටමා පෙන්නුව පාර දිගේ ආවා. හොඳ විස්තරයක්. මමත් හිතන්නේ ප්‍රාජේ සහ රවී කියලා තියන කරුණු ඇත්ත තමයි. අපි පුංචි කාලේ අපේ අම්මාගේ අම්මා (අපි කිව්වේ මම්මා කියලා) ඔයවගේ කතා කියලා තියනවා.
ReplyDeleteඅන්න මචං තව පොටක් පෑදුනා , මටයි , බොටයි , මේ ලමයටයි , තව කාටද .....ඔය විස්තර කියල තියෙන්නේ ගෑනු ළමයි ( හරි හරි බං කාපීරි කාලේ ) ඇත්තට මොකැ ඇ ඔය විස්තර උන්දලට විතරක් මතක
Deleteවෙන මොකක්ද..කාපිරින්ගේ වාසනාව..."
Deleteවෙන මොකක්ද..කාපිරින්ගේ වාසනාව..."
Deleteහැබැයි මං දැක්කා තැනක ලියල තියනවා ඔය කට්ටය එක්ක නිල් චිත්තරපටි රඟපාන ලමයිනුත් මෙව්වා කරන්ඩ අකමැතිලු ....එතකොට මොකැ ඒ
Deleteහුටා සොරි මේක ගෑල්ලමෙක්ගේ බොකක් නේද
Deleteඔය ආපු කාපිරියන්ගෙන් පැවත් එන පරම්පරාවක් පුත්තලමේ පැත්තේ ගමක ඉන්නවා... අපේ තාත්තා ගාවත් තියෙනවා ඔය කාපිරි ගැන රස කතාවක්. හැබයි ඒක මෙතන ලියන්න බෑ..
ReplyDeleteබ්ලොග් එකේ ලියාපං
Deleteමචං ඒයාල ඉන්නේ සිරම්බඩියේ .....තව ඉන්නවා ....මඩකලපුවේ .....එයාල කතා කරන්නේ ...දෙමල ......හරියට අර දෙමල වැද්දෝ වාගේ ..........ඔය ගැන ...මාර කතා ටිකක් තියනවා .....මං දන්නවා .....ඉසඩෝර් ..කියල ...කෙනෙක් ගැන ...රජයේ සේවකයෙක් ....මීනි මස්කෑම ගැන ...ජීවමාන සාක්ශි එකක් .්....මෙහෙම කියන එක හරි නැ....හම්බුන වෙලාවක මතක් කරහං
Deleteඅක්මාව රසයිලු ....ඒක විතරක් ...දැනට කියන්නං
Deleteපල යන්ඩ. යකෝ මම පුත්තලමේ ඉන්නකොට සිරම්බි අඩියට සියපාරක් යන්න ඇති. ඒ මිනිස්සු අගේට සිංහල කතා කරනවා. සිංහල පිරිමි ඒ පවුල් වලින් හිර අරන් තියනවා. ඒ මිනිස්සු දැන් බොහොම දියුණුයි. හොඳට ඇඳලා කරලා පාරේ යන්නේ.
Deleteහැබැයි හවසට ගෑණු පිරිමි ඔක්කොමල්ලා ඩිංකල් එකනම් දානවා එකසිය ගානට.
//පල යන්ඩ. යකෝ මම පුත්තලමේ ඉන්නකොට සිරම්බි අඩියට සියපාරක් යන්න ඇති. ඒ මිනිස්සු අගේට සිංහල කතා කරනවා//
Deleteදැං කවුද කියුවේ පුත්තලමේ කට්ටිය සිංහල කතා කරන්නේ නැ කියල , දෙමල කතා කරන්නේ මඩකලපු පැත්තේ අය
මහ යුද්ද කාලෙ ගෙනාවය කියන කාබේරින් ගෙ කටට ඉබ්බො දාල හිටපු කතා මාත් අපේ කිරි අම්මාගෙන් අහලා තියනවා.තවතවත් රස වැහෙන කතා ලියන්න මාත් සුබපතනවා
ReplyDeleteආවාට සහ කොමෙන්ටුවට ඉස්තූතියි.
Deleteඅටං ගේ පිහිටෙන් හොයාන ආවේ මේ පැත්තට ✌️✌️✌️ අපූරු කතා ටිකක්!!!
ReplyDeleteලස්සන කතාව ..ඉතුරු ටිකක් හිමින් කියවන්නම්...
මාත් ඔය කාබේරින් ගැන අපේ ආච්චිගෙන් අහල තියෙනව , මිල්ලෑව හොරණ පැත්තෙ කඳවුරක් තිබිල. ඉස්සර පාර දිගේ අරං යනවලු කටට ඉබ්බොත් දාල..
ලියපු කතන්දර ටික කස්ටිය කියවන එක තරම් සතුටක් වෙන කොයිද! කොමෙන්ටුවක් ලියන්න වෙලාවක් ගත්තාට බොහොම ඉස්තූතියි.
Deleteකාබෙරි හදපු අහස් බෝක්කුව දැකල තියෙනවාද ?
ReplyDeleteකාබෙරි හදපු අහස් බෝක්කුව දැකල තියෙනවාද ?
ReplyDeleteඔය කාපිරි ගැන අපේ අම්මලත් කිව්ව කතා ඔයිට සමානයි. මේක සමහර විට කාලයත් එක්ක ආටෝප වැඩි වෙලා වෙන්න ඇති. මම අදහස් කරන්නෙ blown out of proportion.
ReplyDelete