අතීතය වත්මන් ඇසින් විමසීම විටෙක කාල විරෝධී යැයි කෙනෙකු සිතන්නට පුළුවන. නුමුත් වත්මන ගොඩනැගුනුයේ අතීතය මතින්,අතීතය අතික්‍රමණය කොට, අතීතයෙන් උගෙන හෝ ඊට ප්‍රති විරෝධය පාමිනි. වත්මනෙහි යමක් ගොඩනැගී ඇත්ද එහි පාදම අතීතයෙන් අපට විමසා දැන ගත හැකි වනු ඇත. වත්මන් කාන්තාව සහ ඈ සෙවූ, සොයා යන පුද්ගල නිදහස අතීතයෙහි එය කෙසේ වීද යන්න මත තීරණය වනවා යැයි මා සිතන්නේද මේ හේතුවෙනි. ලොව පුරා වූ ප්‍රවාද, මිත්‍යා සහ වෘතාන්තයන්හි එන කාන්තා චරිත අතුරින් මා ඉතාම සිත් ගත් තැනැත්තී ප්‍රඥා සම්පත්තියට, යුධ උපක්‍රම, ශිල්ප කලාවන්ට,කලා ශිල්පයට, වීරත්වයට, අනුප්‍රාණයට, නීතිය සහ සාධාරණත්වයට අධිපති ඇතීනා ග්‍රීක දෙවඟනයි. ඕ ග්‍රීක මිත්‍යාවන්හී ඇතීනා හෝ පලාස් ඇතීනා යන නමින් විස්තර කෙරෙන අතර ඇයගේ රෝමානු මූර්තිය වන්නේ මිනර්වා නම් රෝමානු දෙවඟනයි.
අතීතයේ සාහිත්‍ය තුල හෝ වේවා ආගම තුල වේවා දේශපාලනය තුල හෝ වේවා ස්වාධීන කාන්තා නියෝජන අතිශය සීමිතය. ඇතීනා දෙවඟන, ස්වාධීන කාන්තාවක නියෝජනය කරන වග කාන්තා නිදහස අගයන්නන්ගේ ආදරයට පත්ව ඇත්තේ මෙවැනි වටපිටාවක් තුලදීය. ඇතීනා දෙවඟන වෙත කුඩා කල සිටම මා ද ඇල්මක් දැක්වූයේ එවන් ස්වායත්ත චරිත ලක්ෂණ ඇයගෙන් විද්‍යමාන වන බැවිනි. නුමුත් කලක පටන් ඇය දෙස ආපිට හැරී බලත්දී මා දකින ඇතීනාව එසේමද, එසේත් නැත්නම් ඇය මා දකින්නට ආශා කරන ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් සඟවාගෙන සිටින්නීද යන ගැටළුව මා අභිමුව සෙමින් ගොඩ නැගෙන්නට විය. ඇතීනාට එරෙහිව ඇතීනා ලිපියෙන් මා විමසා බැලීමට යත්න දරනුයේ එම පැනයට පිළිතුරකි.
කවීන්ටද මූර්ති ශිල්පීන්ට ද කතන්දර කියන්නන්ටද සිත්තරුන්ට ද ඇතීනා අපූරු සංකල්ප රූප මවන්නියක වූවා ය. වචනයෙන් ද මැටියෙන් ද ඇතීනා රූපයට නගන ලද සියල්ලන්ම පාහේ සෘජුව දෙපා වලින් සිටගත්, සන්නාහයෙන් සැරසුණු, සුරතින් හෙල්ලක් ද වමතින් මෙඩූසාගේ හිස සහිත ඊජස් නම් යුධ මෙවලමක් ද දරාගෙන , ස්වර්ණමය උර තහඩුවකින් සහ ඔලිව් කොල හැඩය ඇති යුධ හිස් ආවරණයකින් ආරක්ෂිතව නැගී සිටින යුධයෙහි ශූරියක සහ ප්‍රඥාවෙහි අග්‍ර වන්නියක ලෙස ආලේඛනය කර ඇත.
ඇතීනා දෙවඟන රූපයෙන් සේම තාන්නමාන්නයෙන්ද ශූර ගැහැණියක වීර දෙවඟනක ලෙස මෙ නයින් අපගේ සිත් වල තැන්පත් වන්නීය. නුමුත් ඇයගේ කතාන්තරය ආරම්භයේ පටන්ම මොකක්දෝ නුහුරක්, අමුත්තක් ,ගැටළුවක් හොඳින් විමසා බලන්නකුගේ ඇසට හසුවනු ඇත. බොහෝමයක් දෙවිවරුන් සහ දේවතාවියන් මවකගේ සහ පියෙකුගේ එකතුවෙන් උත්පත්තිය ලබත්දී, ඇතීනා දෙවඟන උපත ලබන්නේ ඔලිම්පියානු මහා දෙවියා වන සියුස්ගේ හිසෙනි. එක් කතාවක, මෙම උපත ඉබේම හිසින් උත්පත්තිය ලබන බව කියැවෙන අතර, තවත් කතාවක කියැවෙන්නේ මෙතිස් නම් වූ දූරදර්ශීභාවයට අධිපති දෙවඟනට දාව සියුස් මහා දෙවියන්ට වඩා බලසම්පන්න දරුවකු බිහි කරන බවට අනාවැකි පළ කල හෙයින් මහා දෙවියා එම දෙවඟනව ගිලබත් කළ බවත්, එහි අතුරු ප්‍රථිඵලයක් ලෙස සියුස් මහා දෙවියාගේ හිසින් ඇතීනා දෙවඟන වැඩිහිටි ස්වරූපයෙන්ම බිහිවූ බවත් ය.
එසේ නම් ඥානයට සහ යුධ උපක්‍රමය ඇතුලු බොහෝ ශිල්පයන්ට අධිපති වූ දෙවඟන ඉපදී ඇත්තේ පුරුෂ ශීර්ෂයකිනි. ඕ අස්වාභාවික යැයි කිව හැකි උපතකට හිමිකම් කියන්නේ ඇය වැන්නියක බිහිකිරීමට තරම් සමත් ගැහැණිය නොමැතියැයි කතාකාරයා විශ්වාස කළ හෙයින් ද? එවැන්නියක බිහි කළ හැක්කේ පුරුෂයෙකුට පමණක් ද? එසේ නම් ඇතීනා නම් ධීර, මහබලැති දෙවඟන පුරුෂ නිර්මාණයක් ද? ඕ නිර්වචනය කරනුයේ පුරුෂයින් ද? යන ප්‍රශ්න සමූහය, ඇතීනා දෙවඟනගේ උපත සමග ගොඩනැගේ. ඉතා සරළවම ගත් කළ වත්මන් සමාජයෙහි පවා 'සෙක්ස් ගොඩස්' ලෙස තීව්‍ර කර තිබෙන ආලයට අධිපති දෙවඟන වන ඇෆ්‍රොඩයිටිගේ ප්‍රොෆයිලය වෙනුවට ආදේශනය කිරීමට ඉතිරිව ඇති ආදර්ශමත්-මොඩලය වන ඇතීනාව බිහිවන්නේ පුරුෂ ශීර්ෂයෙනි. මෙම බිහිවීම අතීතයට හා සමානව වත්මනට ද අදාළ නොවේදැයි මට සිතීම අරුමයකැයි නොසිතමි.
ඇතීනා දෙවඟනගේ උපත පමණක් නොව ඇගේ පැවැත්ම පුරාවටම මෙවැනි වූ ගැටුම්කාරී තත්වයන් බොහොමයක් ඇත. ඉන් එක් ජනප්‍රියම කතාන්තරයක් වන්නේ ඇරහ්නා නම් තරුණියගේ කතාවයි. ඇරහ්නා මැහුම්ගෙතුම් ඇතුලු හස්ත කර්මාන්තයට ඉතා දක්ෂ වූවාය. ඕ හස්ත කර්මාන්තයට අධිපතිනිය වන ඇතීනාටද වඩා තමා දක්ෂ වන බැව් පුරසාරම් දෙඩූ නිසා, උදහසට පත් ඇතීනාව අරහ්නිට තමා සමග තරගයකට එන ලෙස අභියෝග කළාය. එම තරගයේදී ඇතීනා දෙවඟන සිය විභූතිය ප්‍රදර්ශනය කරමින් ඔලිම්පස් කන්දේ වැඩ විසූ දෙවිදේවතාවියන් ගෙත්තම් කරමින් විචිත්‍ර ටැපැස්ට්‍රියක් නිර්මාණය කළ අතර ඇරහ්නා උපහාසාත්මක ලෙස, ඔලිම්පියානු දෙවියන්ගේ අසම්මත ගතිපැවතු, කාන්තාවන්ට සිදු කරන අතවර කිරීම් ගෙත්තමට නගමින් සිය ටැපැස්ට්‍රිය නිර්මාණය කළාය.
ඇරැහ්නාගේ නිර්මාණයෙහි කිසිදු අඩුලුහුඩුකමක් සොයා ගත නොහී කෝපයට පත් ඇතීනාව, ඇරහ්නාගේ ටැපෑස්ට්‍රිය විනාශ කොට ඇයට අපහාස කළාය. ඉන් වේදනාවට පත් ඇරැහ්නා සිය දිවි නසාගැනීමට ගිය කළ, ඇතීනා දෙවගන විසින් මකුළුවකු බවට පත් කළ බව කියැවේ. ඇරහ්නා තමාගේ උඩඟුබවට දඬුවම් විඳි බව මින් ප්‍රකට කිරීමට යත්න දරා ඇති සේම, අතිශය පුරුෂවාදී කතාකරුවෙකු ලෙස ප්‍රකට ඕවිඩ් විසින් ලේඛනගත කොට ඇති මෙම කතාන්තරයෙන්, කාන්තාවන් ඊර්ෂියාවෙන් භරිත කොටසක් ලෙස උලුප්පා පෙන්වීමට ගෙන ඇති උත්සාහය ද කියවීමට අප අමතක නොකළ යුතුය. මෙහි අප අමතක නොකළ යුත්තක් ඇත.ඇතීනාව ඇරහ්නාගේ ටැපෑස්ට්‍රිය විනාශ කරන ලද්දේ දේශපාලනික බලය යොදාගනිමින් කාන්තාවන් අතවරයට, දූෂනයට ලක් කරමින් අයහපත් කල්ක්‍රියාවෙන් යුතුව කල් ගෙවන දෙවිවරුන් හට සිදුවන අවමානය නිසාවත් ද!මෙහි ගැබ්ව ඇති උපහාසය වනුයේ කාන්තාවන්ගේ ආදර්ශ-මොඩලයක් ලෙස රූපයට නංවන ඇතීනාව අතින්ම ඇරහ්නා වන් සුවිශේෂී කාන්තාවක සාපයට ලක්වීම සහ විවේචකයෙකු ගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය උදුරා ගැනීමත්, කාන්තාවන් හටසිදුවන අසාධාරණය ප්‍රසිද්ධියේ හෙළා දකින්නියක මර්ධනයට ලක්වීමයි.

රූප සුන්දරියක ලෙස ප්‍රසිද්ධ මෙඩූසාටද ඇතීනා දෙවඟනගෙන් අයත් වන්නේ මෙවැනිම ඛේදනීය ඉරණමකි. ඇතීනා හට වඩා තමා රූපයෙන් අගතැන්පත් බවට මෙඩූසා වහසි දෙඩූ බව කතාන්තරයේ කියැවෙයි. නුමුත්, මෙඩූසා ඔය කියා තරම් උඩඟු වූවා නම් ඈ සිය ස්වරූපය සම කර පෙන්විය යුත්තේ ඇතීනා හට නොව, ආලයට සහ සුන්දරත්වයට අධිපති ඇෆ්‍රොඩයිටි හට විය යුතුය. එසේ නම් මෙම චෝදනාව සැබැවින්ම සත්‍යක් ද යන වග අප අසන්නෙකු ලෙස මුලින්ම කල්පනා කළ යුතුය. මෙඩූසා පිළිබඳ කතාවේ එක් අනුවාදයකට (මෙයද ඔවිඩ්ගේ රචනය ඇති සඳහනකි.) අනුව සුන්දර තරුණියක වන මෙඩූසාව වශී කරගත් සමුදුරට අධිපති පොසයිඩන් දේවතාවා ඇතීනාගේ දේවාලයේදී ඇයව දූෂණයට ලක් කළ බවයි. කාන්තාවකට අතවර කිරීම සහ ඊට දේවතාවියකගේ දේවාලයම යොදා ගැනීම මගින් ඇතීනාට අපහාස කරන ලද පොසයිඩන් දේවතාවා සමග සිය ආරවුල බේරාගැනීම පැත්තකින් තබන ඇතීනාව, සිය දේවාලය කෙලෙසීමේ වරදට මෙඩූසාව සර්ප කඳක් සහිත ගොර්ගනයෙක් බවට පත් කරයි. මෙම අරුම තීන්දුව වත්මනෙහි පවා දූෂණයට ලක්වූ කාන්තාවකට එරෙහිව පොදු සමාජය විසින් එල්ල කරනු ලබන "උඹට උඹේ ආරක්ෂාව තහවුරු කර ගන්න තිබුණා නොවේද" යන චෝදනාව, දූෂණයට ලක්වූ තරුණියක නිවසින් පන්නා දැමීම, ඇයව සමාජයේ අපහාසය ලක් වීම සහ අවසානයේදී ඇයව ගණිකාවක් බවට පත් කිරීම ආදී සියලු ඛේදනීය ප්‍රතිචාරයන් මට සිහිගන්වයි. පුරුෂ ශීර්ෂයෙන් බිහි වන ඇතීනා දෙවඟන කාන්තාවකගේ කන්‍යාභාවයට පුරුෂවාදී නිර්වචනයක් (මෙඩූසා කළාක් සේ කාන්තාවක් සිය රූපය උලුප්පමින් ඇයගේ රූප සොභාව අන්‍යන්ගේ අවධානයට යොමු නොකළ යුතුය.එසේ කළහොත් මෙඩූසා සේ දූෂණයට ලක්ව විනාශ වීමට සිදුවනු ඇත හඟවන) මෙහි දී ලබා දී නොතිබේද යන්න විමසිය යුතුමය. මන්ද මෙම තීන්දුව අද කාළේ නංගිලා බස් වල කොටට ඇඳගෙන නොයා යුතුය, ස්කිනි නොඇඳිය යුතුය හා සමාන කතන්දරයක් බව මට හැඟී යන නිසාවෙනි. එසේ නම් මෙඩූසාට මෙම තීන්දුව දෙනු ලබන්නේ ඇතීනාවමද යන්න සිතා බැලීම වටනේය.
මෙම කතාවෙහිම එන තවත් අනුවාදයක මෙඩූසා සිය කැමැත්තෙන්ම ඇතීනාගේ දෙවොලෙහි දී පොසයිඩන් හා නිදිවදින්නීය. කතාවෙහි ඇති එකම වෙනස මෙඩූසා දූෂණය පත් නොවීම පමණකි. ඇගේ ඉරණම එසේමය. ඇතීනාගේ උදහසට ලක්වනුයේ කාන්තා පාර්ශවය පමණි. පුරුෂ පාර්ශවය බලසම්පන්න දෙවියෙකි.අවසන එයද තවත් එක් කැකිල්ලේ තීන්දුවකි.අද හන්දියේ ටවුමේද මීට වඩා ලොකු වෙනසක් ඇත්තේ නැත. හෝටල් කාමර වලට යන නංගිලා මෙඩූසලාය. පුරුෂ ශීර්ෂයෙන් උපන් ඇතීනා නම් අම්මා පොසයිඩන් පුතාව කහවතුරින් නහවා ගෙට ගන්නීය. මෙය කියවා මා හා එකඟවන්නෙකු වෙතොත් ඔබද මාද ඇරහ්නා සේ මකුළුවන් වී සාපලත් අවකාශයක සිට අකුරු ගොතමින් සිටිමු.
ඇතීනා දෙවඟන පලාස් ඇතීනා යනුවෙන් හඳුන්වන බව ලිපියේ ඉහතින් සඳහන් කර ඇති බව ඔබට මතක ඇතැයි සිතමි. පලාස් යනු කලෙක ඇතීනාගේ මිතුරියකි. අත්වැරදීමකින් ඇතීනා අතින් පලාස්ව මරණය පත් වන්නේලු! ඉන් ශෝකයට පත් ඇතීනා සිය මිතුරියගේ නම සිය නමට ඉදිරියෙන් භාවිත කිරීමට පුරුදුව සිටි බව කතාකරුවන් කියති. ඇතීනා දෙවඟන වට සිටින අනෙකුත් කාන්තාවන් මෙලෙස මරණයට හෝ ඛේදජනක අවසානයන්ට මුහුණ දීම අතිශයෙන්ම උපහාසාත්මක සිදුවීම් පෙලකි. ඇතීනාවගේ උදහසට ලක් නොවූ කාන්තාවන් කිහිපදෙනෙකු අතුරින් ඔඩිසිගේ බිරිය වන පෙනිලෝප ඉදිරියෙන්ම සිටී. ඇතිනාවගේ ගජ මිතුරියක වූ කරික්ලෝගේ පුත්‍රයා, තමාව නිරුවතින් දැකීමේ වරද හේතුවෙන් අන්ධභාවයට පත් කිරීමට ඇතීනාවට සිදුවෙයි.
ඇතීනා දෙවඟන කාන්තාවන් ආශ්‍රයට දක්වන්නේ යම් දුර්වලතාවක්ද ඒ හා සමාන දුර්වලතාවක් පුරුෂයින් ඇසුරේදී ද දක්වන හේතු නිසාදෝ ඇයව අවිවාහක ස්ත්‍රියක ලෙස ප්‍රකට කිරීමට කතාකරුවා උත්සුක වී ඇත. මින් හැඟවෙන්නේ පුරුෂ ලක්ෂණ මතින් නිර්මාණය වූ ඇතීනාව බිරිඳකට හෝ මවක නොසුදුසු බවදෝයි මගේ සිතෙහි හොල්මන් කරයි. එපමණකුදු නොව, රෝමානු මිත්‍යා කතාන්තර වලට අනුව වරෙක වල්කන (ඔහුගේ ග්‍රීක මූර්තිය හෙපස්ටස් වේ.) මිනර්වාට පෙම් බැඳ ඇය හා ප්‍රේමාලිංගනයේ යේදීමට උත්සාහ කර ඇතත් ඕ එය ප්‍රතික්ශේප කර ඇත. සුන්දර මෙන්ම දක්ෂ ඇතීනාවට ආලය කරන්නේ විරූපී රූපකායකින් හෙබි වල්කන පමණක් වීම ද පුරුෂ අනන්‍යතාවකින් ගොඩ නැගුණු කාන්තාවකට කෙරෙන අනතුරු හැඟවීමක්දෝ හෝ යි සිතීමට ද අයෙකුට නිදහ ඇතැයි මා සිතමි.
ඇතීනාව නිරන්තරයෙන් පුරුෂ වීරයින්ට මාර්ගෝපදේෂකයෙකු වූවාය. ඔවුන් හට උපකාර කලාය. ඔවුනට පක්ෂපාතී වූවාය. අයිකිලොස්ගේ ඉයුමනයිඩ් වේදිකා නාට්‍යයෙහි ඕ විවාහය පිලිබඳ හැරුණුකොට අන් සියල්ලේදීම මා මාගේ පියාණන් හා එකඟ වෙමි, පුරුෂයින් හා එකඟ වෙමි'යි කීවාය. පුරුෂ අනන්‍යභාවයක් සහිත කාන්තාවන්ගේ ආදර්ශ-මොඩලය සිය මිතුරියන් අහම්බෙන් මරා දමමින්, සිය තරඟකාරියන්ට සාප කරමින් යන්නියක් බවට හදිසියේම පත් කර ඇත්තේ මෙලෙසය.
ඇතීනා පුරුෂ නිර්මිත වහල් චරිතයකැයි මා කියන්නේ නැත. ඇය ඇතීනා නම් ස්වාධීන ධීර දෙවඟන වන්නීය. නුමුත් ඇය පුරුෂ ශීර්ෂයකින් උපන්නීය. පුරුෂ ශීර්ෂය ඈ වෙනුවෙන් තීරණ ගන්නේය. ඕ සංකීර්ණය. ඇතීනා ඇතීනාට එරෙහි විය යුතු කාලය එලැඹ ඇත.
බොහොම සුන්දර ලිවිල්ලක්... දිගටම ලියන්න.. සුපැතුම්...!!!
ReplyDeleteඅර ආච්ච්ගේ කතන්දර අපූරුයි..
කොමෙන්ටුවට බොහොම ස්තූතියි! අත්තම්මාගේ රස කතා වඩියක් ඉක්මනටම ලියන්නයි කල්පනාව. ජය!
Deleteසියුස්ට විතරක් නෙමෙයි ලොකු හිසරදයක් වෙන්නෙ :-D
ReplyDeleteකෝ අර වනිතක්කා
ReplyDeleteඋන්දැ ඉන්න තිබුනේ මෙතන