එකෝමත් එක කාලෙක ජීවත් වුණු හැමෝම බොහෝම සතුටින් අන්තිමේදි ජිවත් වුණා කියලා අපි අහලා තිබුණට ඒ කාලෙ හිටපු හැමෝගෙම ඉරණම ඔය කියන තරම් සුන්දර වෙලා තිබුණෙ නෑ. ග්‍රීම් සහෝදරයින්ගේ මැදිහත් වීමෙන් තමන්ගෙ අවාසනාවන්ත ඉරණම සතුටුදායක අවසානයක් ලෙස වෙනස් කරගත් කෙනෙක් තමයි Little Red Riding Hood හෙවත් පුංචි රතු හැට්ටකාරි.
පුංචි රතු හැට්ටකාරිගේ අතීත අනුවාදයේ එයාවවත් එයාගෙ අත්තම්මාවත් බේරගන්න දර කපන්නෙක් එන්නෙ නෑ. රතු හැට්ටකාරිගෙ ඉරණම මරණය තමයි. රතු හැට්ටකාරි කා දැමුවාට පස්සෙ විශාල නපුරු වෘකයා දිගු නින්දකට වැටෙනව.ප්‍රකාශනයට පත් මුල්ම අනුවාදයේ කතාව අවසන් වෙන්නෙ එහෙමයි.මේ කතාව ප්‍රකාශනයට පත් කරන්නෙ චාල්ස් පෙරුල්ට් කියලා කෙනෙක්. ඒ විතරක්ද, තවත් අනුවාදයකට අනුව නපුරු විශාල වෘකයා, අත්තම්මාගේ මස් උයලා ඇගේ ලේ වයින් වීදුරුවකට දමා තියනවා මේසයක් උඩ. අත්තම්මාව බලන්න ආපු රතු හැට්ටකාරී, ඒවා කෑමට ගන්නවා. ඊට පස්සෙ තමයි වෘකයා ඇයව කාලා දාන්නේ.
පුංචි රතුහැට්ටකාරි කතාවේ නිධාන කතාව හොයාගෙන ලෝකෙ පුරාම ගිය එන්ගලන්තයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ ජෙයිමි ටෙර්හානි කියන මානව විද්‍යාඥයා අපූරු සොයාගැනීම් කිහිපයක් කරලා තියනවා. එයාට අනුව විවිධ අනුවාද වලින් මේ කතාන්තරය ලෝකයේ රටවල් සහ සංස්කෘති කිහිපයකම ජනප්‍රියව තිබෙනවා. අග්නිදිග ආසියාවේ මේ කතාවේ වෘකයා වෙනුවට විශාල කලෑ පූසෙකු ආදේශ වී තිබෙනවාලු. එතකොට ඉරානය ආශ්‍රිතව තිබෙන කතාන්තරයේ පුංචි ගැහැණු ළමයෙක් වෙනුවට ඉන්නෙ පුංචි පිරිමි ළමයෙක්. මොකද ඒ සංස්කෘතියට අනුව පුංචි ගැහැණු ළමයිට එහෙමෙහෙ ඇවිදින්න අයිතියක් නැහැ! මේ මානව විද්‍යාඥයා පවසන අන්දමට චාර්ල්ස් පෙර්ලුට් 17 වන සියවසේදී පුංචි රතුහැට්ටකාරි ප්‍රකාශනයට පත් කරන්න කලින් 11 වන සියවසේදී, පූජකයෙකු විසින් සටහන් කොට තබන ලද බෙල්ගියානු කවියක පුංචි රතුහැට්ටකාරිට සමාන කතාවක් අන්තර්ගතව ඇති බවයි. මීට අමතරව "වෘකයා සහ ළමයි" කියන ජන කතාවත් මෙවැනිම තේමාවක් සහිතයි. මේ කතාවේ, එළු ආයම්මා කෙනෙක් තමන්ට බලාගන්න බාරවෙලා ඉන්න එළු පැටවුන්ව මොහොතකට ගෙදර දමලා එළියට යනවාලු. එයා එනකම් වෙන කිසිම කෙනෙකුට දොර අරින්න එපා කියලා තමයි එයා යන්නෙ. මේ කතාව හොරෙන් අහගෙන හිටපු වෘකයෙක් එළු ආයම්මා වගේ රඟපාලා පුංචි එළු පැටවු ටික රවටලා උන්ව ගිල දමනවාලු. ඊටපස්සෙ අර එළු ආයම්මා මේ වෘකයාව ලුහුබැඳලා ඌව මරලා, බඩ පලලා පැටවු ටික එලියට ගන්නවාලු. මේ කියන කතාවේත් පුංචි රතු හැට්ටකාරිගේ කතාවේ අනුවාද චීනයේත් තිබෙනවාලු. නමුත් ජෙයිමි ටෙර්හානිට අනුව රතු හැට්ටකාරි කතාවේ දැනට සොයාගෙන තිබෙන පරණම සටහන පෙර කී බෙල්ජියානු කවියයි.
මට නං මතක තියෙන්නේ අනුරාජපුරේ මොනිටිසොරියේ චිචර් කියල දුන්න කතාව
ReplyDeleteඔව්නේ අපි අහල තියෙන්නේ HAPPY ENDING කතා විතරමද මන්දා ලමා කාලයෙදි.
ReplyDelete