මිත්‍යා කතාන්තර පිළිබඳ විග්‍රහයේදී සාමාන්‍ය පාඨක සමාජය තුලට සම්ප්‍රේෂණය වී තිබෙන අදහස වනුයේ ඒවා හුදු අසත්‍ය කතාන්තර බවයි. එවිට අපට නැගෙන ඊළඟ ප්‍රශ්නය වන්නේ මිත්‍යා කතාන්තර කී පැරැණ්නන් මේ කතාන්තර සැබැවින්ම විශ්වාස කළාද යන්නයි. මේ ගැටළුව විසඳා ගැනීමට මේ පෝස්ටුවෙන් අපි පැරැණ්නන් මිත්‍යා කතාන්තර පිළිබඳ දැරූ අදහස් සහ ඒවාට කළ විවේචනත් විශ්ලේෂණත් පිලිබඳව ග්‍රීක සහ රෝමානු ඓතිහාසික මූලාශ්‍ර ඇසුරින් ලුහුඬින් සාකච්ඡා කර බලමු.
ග්‍රීක සහ රෝම මිත්‍යා කතාන්තර පිලිබඳ පැරණිම ලිඛිත අදහසක් දක්වන්නේ නම හඳුනා නොගත් විවේචකයෙකි. තමා කියවමින් සිටි මිත්‍යා කතාන්තරයක පිටුවෙහි පිටත තීරයක කුරුටු ගාමින් මේ විවේචකයා මිත්‍යා කතාන්තර වල ඇති සමහ සිදුවීම් පිළිබඳව සිය අප්‍රසාදය පළ කරනවා. ඔහුගේ අදහස වන්නේ ඔලිම්පියානු දෙවිවරුන් ප්‍රසිද්ධියේ ලිංගිකව හැසිරීම වැනි අවස්ථා අශීලාචාර බවත්, සමහර පුද්ගලයන් එවැනි සිද්ධි කතාන්තර වලට ඇතුලත් වීම නොසුදුසු යැයි සිතන බවත් සටහන් කරයි.
ලංකාව තුල මෙන්ම ලෝකයේ ද ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය සාහිත්‍ය නිර්මාණ වෙත එල්ල කරන වාරණ පැනවීම් සහ නියාමනයේ උත්සාහයන්හි උත්පත්තිය විශද කරමින් මෙම ග්‍රීක කතාන්තර සංස්කරණයට ලක් විය යුතුයි මතයක් අතීතයේද පැවතිනි. ක්‍රි.පූ.429-337 කාලය තුල ජීවත් වූ සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයෙකු වන ප්ලේටෝ ද මෙවැනිම මතයක් දැරූ අයෙකි.ප්ලේටෝ කවියන්ගේ රසිකයෙකු නොවීය. මෙම කතා බොහොමයක් ශ්‍රද්ධාවෙන් තොර අසත්‍ය ඒවා බව ඔහු කියයි. මෙම කතාන්තර අසන්නන්ට ඒවායෙන් ඊටත් වඩා හානි පැමිණවෙයි. මෙම අසම්මත ක්‍රියාවන් දෙවිවරුන් විසින් සිදු කරන ලද්දක් බවත් එමගින් අසන්නන් අසන්නන් තම තමන්ගේ වැරදි සාධාරණීකරණය සිදු කර ගනු ඇති බවත් එය සමාජයෙහි පැවැත්මට හානිදායක බවත් ප්ලේටෝ පෙන්වා දෙයි.නමුත් මුලින් සාකච්ඡා කළ නම නොදන්නා විචාරකයා සහ ප්ලේටෝගේ අදහස් අතර ඇති වෙනස වන්නේ, පලමුවැන්නා සදාචාරාත්මක සහ සදාචාරාත්මක නොවන සිදුවීම් පිළිබඳව පමණක් විවේචනය කරන අතර ප්ලේටෝ ඉන් සමාජයට සහ සංස්කෘතියට සිදුවිය හැකි බලපෑම පිළිබඳව අවධානය දක්වයි. මෙවැනි කතාන්තර වලට සංස්කෘතියක් හැඩගැස්වීමත්, ඊට බලපෑම් කිරීමටත් හැකියාව ඇති බව මින් පිළිඹිබු කරයි.

මිත්‍යා කතාන්තර පිළිබඳ ඉතා ආකර්ශණීය ලෙස සිය අදහස් ප්‍රකාශ කරන සිනෝෆනීස් (ක්‍රි.පූ.6-ක්‍රි.පූ.5) හට ඇත්තේ මෙවන් අදහසකි. දෙවිවරුන් මිනිසුන් මෙන් මිනිස් ස්වරූපයෙන් ඉපිද, කා බී වස්ත්‍ර වලින් සැරසීගෙන ජීවත් වන බව මිනිසුන් සිතාගෙන සිටිති.ඉතියෝපියානුවන් තම දෙවියන් මුක්කන් නාසා ඇති කාල වර්ණ කොට්ඨාසයක් බව සිතති. ත්‍රේසියානුවන් සිය දෙවිවරුන්ට ලා නිල් පැහැ දෑස් සහ රතු කෙස් ඇති බව විශ්වාස කරති. හරකුන්ට, අශ්වයින්ට හෝ සිංහයන් හට රූප ඇඳීමට හැකියාව තිබිණි නම් උන් උන්ගේ දෙවිවරුන් හරකුන්ගේ, අශ්වයින්ගේ සහ සිංහයන්ගේ පෙනුමින් සිතුවම් කරනු ඇත. සිනෝෆිනීස් මින් පෙන්වා දෙන්නේ මානවයා සිය දෙවියන්ව මානවීකරණය කර ඇති බවයි. මින් ද නොනවතින සිනෝෆිනීස් පවසන්නේ භෞතික ස්වරූපය පමණක් නොව අප එකිනෙකා තුලින් දක්නා දෑ දෙවියන් තුලින් පිළිඹිබු කරන බවයි. මේ අනුව මිනිසා සිය භෞතික මෙන්ම මානසික ස්වරූපය ද මිත්‍යා කතාන්තර තුලින් පිළිඹිබු කරන බවට මෙම තර්කයෙන් ගොඩනැගෙයි. ඉදින් අපට පැහැදිලි වනුයේ ප්ලේටෝගේ අදහසට හාත්පසින්ම වෙනස් අදහසක් සිනෝෆිලීස් ඉදිරිපත් කරන බවයි. ප්ලේටෝ යෝජනා කරනුයේ, මිත්‍යා කතාන්තර විසින් සංස්කෘතිය ගොඩ නැගෙන බවත්, ඊට විවිධ බලපෑම් ඇති කිරීමට හැකි බවත්ය. නුමුත් සිනෝෆිලීස් යෝජනා කරනුයේ සංස්කෘතිය විසින් මිත්‍යාව නිර්මාණය කරන බවයි. බොහෝවිට මෙම යෝජනා දෙකෙහිම සත්‍යතා ගැබ්වී ඇතැයි මට සිතෙන අතර මිත්‍යාවත් මිනිසාත් අතර ඇති මානවීය සහ මායාවී බැඳියාව මා තුල ඊට ඇති ඇල්ම තවද වැඩි කරයි. එසේම අතීත මෙම කතාන්තර ඇති සැටීයෙන් පිළි නොගත් බවත් ඒවාට විවිධ අර්ථකථන දීමටත් යුහුසුහුළු වූ බව පැහැදිලිය.
Golden Fleece by Robert Graves කියවා තියනවද? අතීත මව් / පොලොව දෙවඟනගේ ආධිපත්‍යය පසුව පැමිණි ඔලිම්පියානු අහස් දෙවියන් උදුරාගැනීම (මාතෘ මූලික සිට පීතෘ මූලිකවීම) තියනවා.
ReplyDeleteනෝර්ස් මිතොලොජි ගැන ඉන්ටෙරෙස්ටෙඩ් නැද්ද? දෙවියන්ගේ විනාශය (Ragnarok) කල්තියා දකිමින් දෙවියන් ඇදහීම හරි ඉන්ටරෙස්ටින්
ග්‍රේව්ස් කියවලා තියනවා, මට අහම්බෙන් වගේ පෙන්ගුයින් එඩිෂන් එකක් සෙට් උනා බුක් ෆෙයා එකේදි. එයාගෙ තියෙන්නෙ මිතොලොජි රී-රීඩින් එකක් නිසා එයාව ඔය පරණ ක්ලැසික් ප්‍රොෆෙසර්ලාට නම් පේන්න බෑලු!
Deleteනෝර්ස් මිතලොජි වලට කැමතියි.එව්වා හරි ලස්සනයි. ඒත් ඒ නම් කියෝලා මතක තියාගන්න ගියාම පණ යනවනෙ! ඉතින් මං ගොඩක් ගැඹුරින් කියවලා බලලා නෑ.
මාත් නෝර්ස් මිතොලොජි කියවන්න ගත්තෙ වයිකින් කතාවලින් හා මාවෙල් කොමික්ස් තෝර් පොත්වලින් :-D
Deleteඒත් ගැඹුරු පැත්තකුත් තියනවා
අහුවුනොත් Henry Treece books ( e.g. Green Man ) කියවන්න
Deleteහේ හේ ... Pra Jay ට අත දිග ඇරල කමෙන්ට් දාන්න තැනක් හම්බෙලා කාිලෙකින්
"හරකුන්ට, අශ්වයින්ට හෝ සිංහයන් හට රූප ඇඳීමට හැකියාව තිබිණි නම් උන් උන්ගේ දෙවිවරුන් හරකුන්ගේ, අශ්වයින්ගේ සහ සිංහයන්ගේ පෙනුමින් සිතුවම් කරනු ඇත. "
ReplyDeleteමේක මරු කතාව!!