Friday, July 15, 2016

දිඹුල් කොළ, ආන්ජලෝ සහ පීනස් අමාරුව

කොරන්ට රස්සාවක් නැතුව ගොඩ වෙදකමක් පටන් ගත්තා හෙම නොවෙයි ඕං. අද කතාව ඇස් වලටයි හිත් වලටයි වැලඳුණු පීනස් අමාරුව සුව කොරන දිඹුල් කොල ගැනයි, ආයුබොවං! 
මීට ශතවර්ෂ ගණනාවකට පෙර පටන් මිනිසා චිත්‍ර කලාව සහ මූර්ති කලාව සිය නිර්මාණශීලී චින්තනය පරිවහනය කරන්නාවූ මාධ්‍යයයක් ලෙස භාවිත කරනවා. මානව රූප ප්‍රතිනිර්මාණය මේ කලාවේ විශේෂ තැනක් ගන්නවා. මානව රූප සිතුවම් කිරීමේදී සහ මූර්ති නිර්මාණයේදී මානවයාගේ නිරුවත මූලික කොට ගැනීම සිතුවම් සහ මූර්ති කලාව සංස්කෘතිකමය, ආගමික සහ සදාචාරාත්මක වශයෙන් ඝට්ටනයකට ලක් කිරීමක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මීට වසර දෙදහසකට පමණ පෙර ග්‍රීක සහ රෝම නිර්මාණකරුවන් අතින් නග්න මූර්ති නිර්මානය වීම එක්තරා සංස්කෘතිකමය ප්‍රාතිහාර්යයක්. බොහෝ දෙනෙකු මෙම නග්න ප්‍රතිමා පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදැක්වූවත්, මෙලෙස නග්න දේහ මූර්තියට නැංවීම මානව කලා නිර්මාණකරණයේ විප්ලවයක් විදියට අපට සලකන්නට පුළුවන්.
ක්‍රිස්තු පූර්ව 730 ට ඈත අතීතයේදීත් මෙලෙස මානව නග්න දේහ ප්‍රතිනිර්මාණය කිරීම පැරැන්ණන් විසින් සිදු කර තිබෙනවා. මීට පෝයවල් ගණනාවකට උඩදී ඉස්ලාම් අන්තවාදීන් විසින් අතීත අසිරියාවේ (වත්මන් ඉරාකයේ) තිබුණු එවැනි නග්න කලා කෘති භෞතික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් බුල්ඩෝසර් කර දමනු ලැබුවා.මෙම පෞරාණික අසිරියානු නග්න කලාකෘති සහ සම්භාව්‍ය යුගයේ (500BC to 200AD) නග්න කලා කෘති අතර විශාල වෙනසක් තිබෙනවා. පෙර කී කලා කෘතීන්හි සෑමවිටම පාහේ යුද්ධයේ පරාජිතයන්, පරාජය වී මිය ගියවුන්,ආබාධයන්ට ලක්වූවන්, හිසගසා දමන ලද්දවුන් සහ එලෙස අසරණ අඩියකට පත්වූවන්  ව්‍යංගනය කිරීමට තමයි මෙම නග්නභාවය යොදා ගැනෙන්නේ.ජයග්‍රාහී අසිරියානුවන් සියල්ලෝම මනා වස්ත්‍රයෙන් සැරසී සිටිනවා. නමුත් සම්භාව්‍ය යුගයට එන විට මෙම ව්‍යංගනය එහෙමපිටින්ම කණපිට පෙරැලෙනවා. ග්‍රීක සහ රෝමානු නග්න මූර්තීන්හි ව්‍යංගනය කෙරෙනුයේ රණශූරත්වය,ජයග්‍රහණය,පුරුෂ කාය ශක්තිය,ක්‍රීඩා කෞශල්‍යය, කාන්තා ලාලිත්‍ය, සුනම්‍යභාවය සහ සරාගී ගුණයනුයි. 

සමච්චලයට සහ අවමානයට ලක් වුණු මිනිස් සිරුරෙහි නග්නභාවයට වීරත්වයක්, ජයග්‍රාහීබවක් මුල්ම වරට ආරෝපණය වන්නේ සම්භාව්‍ය යුගයේ කලාකරුවන් අතිනුයි.සාමාන්‍ය ජීවිතයේදී ග්‍රීකයන් නග්නව නොසිටියත් ඔවුන් පෞරාණික ඔලිම්පික් ක්‍රීඩා සඳහා ජවන සහ පිටිය ක්‍රීඩා වල නිරත වන විට ඔලිව් තෙල් මිශ්‍ර දූවිලි විශේෂයක් පමණක් ශරීරයේ ගල්වාගෙන තිබෙනවා. ග්‍රීකයින් මෙලෙස නග්නව ක්‍රීඩා කිරීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නැහැ. මේ පිලිබඳ එක් මතයකට අනුව, වරක් ඔලිම්පික් උළෙලකදී මීටර 200 දිවීමේ ඉසව්වේ පලමුවැනි තැන ගත් ක්‍රීඩකයා, දුවන අතරතුරේදී ඔහුගේ ඇඳිවත කඩාවැටුණු බවත්, එය දුටු ඔහුගේ සහචර ක්‍රීඩකයිනුත් සිය ඇඳිවත් උනා දමා තරගයේ නියුතු වුණු බවත් කියැවෙනවා! තවත් ජනප්‍රිය මතයක් වන්නේ, යොවුන් වයසට එලැඹීම නිමිති කොටගෙන, මෙතෙක් කලක් නොමේරූ පිරිමි දරුවන් හැඳි ගවුමක හැඩයෙන් යුතු ඇඳුම් උනා දමා තමා දැන් නිසි වයසට එලැඹ ඇති බව ප්‍රදර්ශනය කිරීම උදෙසා මෙලෙස ඇඳුම් උනා දමමින් ක්‍රීඩාවෙහි නියුතු වෙන්නට ඇති බවයි. ඔලිම්පික් උළෙල එකල ඔලිම්පසයේ විසුවා යැයි විශ්වාස කරන ලද දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වූවක් නිසා, වැඩිවියට පැමිණීම සැමරීම මෙම උත්සවයේ කොටසක් වන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්. සම්භාව්‍ය යුගයේ නිර්මාණය වූ බොහෝ මූර්ති ක්‍රීඩාවෙහි නිරත වන අයෝමය දේහධාරී නග්න රූප ලෙස ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ මේ කාරණාව නිසා වෙන්නට ඇති. මෙම නග්න මූර්ති වල සුවිශේෂීත්වය වන්නේ, කිසිම අවස්ථාවක පුරුෂ නග්න දේහයේ පුරුෂ ලිඟුව උදර්ජනය වී ඇති ආකාරයට නිර්මාණය කර නොතිබීමයි. මෙලෙස උදර්ජනය වූ ලිඟුවක් නිර්මාණය නොකෙරුණේ, පොදු ස්ථාන වලදී එසේ හැඟීම් උද්දීපනය කරගැනීම වරදක් සහ ලජ්ජා සහගත එකක් බවට ග්‍රීකයින් විශ්වාස කළ නිසයි. 

නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම නග්න කලා නිර්මාණයන්ට පීනස් අමාරුවක් වැලඳෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට, අද වෙද්දී වතිකානු කෞතුකාගාරයේ ඇති සෑම පෞරාණික නග්න කලා නිර්මාණයකම පුරුෂ ලිඟුවක්ම හැලී වෙන්වීගොස් හෝ දිඹුල් කොලයකින් වසා තිබෙනවා. ඉතින් ශත වර්ෂ ගණනාවකට පස්සේ මේ නග්න නිර්මානයන්ට වැලඳුණු දරුණු පීනස් අමාරුව මොකද්ද? මේ පීනස් අමාරුව මුලින්ම ඇතිවන්නේ හතරවන පාවුලු පාප්වහන්සේත් සමගයි. මේ පාප්තුමාගේ පාලන සමය වර්ෂ 1555 සිට 1559 දක්වායි. යාන්තමට වගේ ඇති වුණු මේ පීනස් අමාරුව Pope Innocent X කියන පාප්තුමාගෙ (1644-1655) කාලෙදි තව ටිකක් වැඩි වෙනවා. මේ ලෙඩේට පිළියමක් වශයෙන් පිළිතුරක් සොයාගෙන යනකොට තමයි Innocent X පාප්වහන්සේට දිඹුල් කොළ හම්බුවෙන්නෙ. ඉතින් එයා තීරණය කරනවා මේ පීනස් අමාරුවට දිඹුල් කොළ ඉතා හොඳ බෙහෙතක් බව. ඒ අනුව එහේ මෙහේ පීනස් එළියේ දමාගෙන සිටිනා ග්‍රීක සහෝදරවරුන්ගේ පීනසය උඩින් දිඹුල් කොලයක් අලවන්ට මේ අහිංසක පාප්වහන්සේ තීරණය කරනවා. 1758-1769 කාලයේදී සිටි Clement XII පාප්වහන්සේ මහා පරිමාණයෙන් දිඹුල් කොළ නිෂ්පාදනය කර සෑම නග්න මූර්තියකටම පාහේ වැලඳිලා තිබුණු මේ පීනස් අමාරුව සනීප කරන්න විශාල ප්‍රයත්නයක් දරනවා. මේ පීනස් භීතිකාව අන්තිම දරුණු තත්වයට ලඟා වෙන්නේ Pius IX පාප්වහන්සේගේ කාලයේදීයි. මේ පාප්වහන්සේට දැඩි පීනස් භීතිකාවක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ අණ කලා මෙතෙක් පිළියම් නොකළ සියළු පීනස් වහාම කඩා විනාශ කර දමන ලෙස. ඔන්න ඔය අණෙහි ප්‍රතිඵලයක් විදියට ඉතාමත්ම වටිනා Apollo Belvedere වැනි විශිෂ්ට ප්‍රතිමාවන්ට සිය ලිංගය අහිමි වෙනවා. 
මෙන්න මේ වගේ දරුණු පීනස් භීතිකාවක් තිබුණු කාලයේදී තමයි මයිකල් ආන්ජලෝ නම් අග්‍රගණ්‍ය චිත්‍ර සහ මූර්ති ශිල්පියා සිය කලා දිවියේ පරිණත අවධිය ගත කරන්නේ. ඉතින් මේ කාලයේදී ආන්ජලෝට ආරාධනාවක් ලැබෙනවා වතිකානුවේ සිස්ටයින් දෙව්මැදුරේ The Last Judgment යන තේමාවෙන් බිතුසිතුවමක් නිර්මාණය කරන්නට. එකල වතිකානුවේ අවසන් තීන්දුව සිතුවමට නැගීමේදී එහි ඇතුලත් වන පුද්ගලයින් සිය තානාන්තරයට ගැලපෙන පරිදි වස්ත්‍ර වලින් යුතුව නිර්මාණය කර තිබුණා. නුමුත්, ආන්ජලෝ මෙම බිතුසිතුවමේදී මහා පෙරැළියක් කිරීමට තීරණය කළා. ඔහු මෙම බිතුසිතුවමට හාරසියයක් වූ නිරුවත් පිරිසක් කිසිදු තානාන්තරයකින් තොරව බලා සිටිනු නිරූපනය කළා. නිරුවත් පවුකාරයින් දකුණු පසින් පහළට යන අයුරිනුත්, නිරුවත් ආශිර්වාද ලද්දෝ වම් පසින් ඉහළට යන අයුරුත් ඔහු චිත්‍රයට නැගුවා. 
ආන්ජලෝගේ මේ කෙරුවාව වතිකානුවේ හිටි පීනස් අමාරුකාරයින්ට නම් ඇල්ලුවේ නැහැ. ලොකු පීනස් අමාරුකාරයෙක් වුණු Biagio da Cesena මේ චිත්‍රකාරයාගේ කෙරුවාවට එහෙමපිටින්ම විරුද්ධ වුණා. දෙව්මැදුරක් වැනි ඉතා ගෞරවනීය තැනෙක ලැජ්ජාවක් නැතිව තමන්ගේ හෙළුව ප්‍රදර්ශනය කරමින් ඉන්නා නූල්පොටක් නැති ශරීර සිතුවම්කොට තැබීම ඉතාම නින්දා සහගත යැයි Cesena කියා සිටියා. මේ වගේ චිත්‍ර හොඳ තැබෑරුම් වලටයි, පොදු නාන ස්ථාන වලට විතරයි කියලා තමයි Cesenaගේ අදහස වුණේ.  ආන්ජලෝ කියන්නෙත් නිකම්ම නිකං චිත්‍රකාරයෙක් නෙවෙයිනේ. ඉතිං Cesenaගේ මේ පීනස් අමාරුව දෙපිටින් යන්න දහංගලේ වැඩක් දෙන්න එයා තීරණය කළා. ග්‍රීක දේව වන්දනාවට අනුව, මරණයෙන් පසු සෑම මනුෂ්‍යයෙක්ම අවසාන තීන්දුවට මුහුණ දිය යුතුයි. මේ තීන්දුව දෙන්නෙ මිනොස්, ආකස් සහ රදමන්තුස් කියන තිදෙනෙකුගෙන් යුතු විනිශ්චය මඩුල්ලක්. ආන්ජලෝ මිනොස්ගේ මුහුණ අපේ පීනස් අමාරුකාරයාගේ මුහුණ විදිහටම සිතුවම් කළා! ඒ විතරක් නෙවෙයි,නිරුවත් Cesenaගේ ඔළුවට බූරු කන්දෙකක් ද මතක ඇතිව ඇඳලා දාපු ආන්ජලෝ Cesenaගේ හෙළුව වසාගෙන සර්පයෙකු වෙලී සිටින අන්දමත්, ඒ සර්පයා Cesenaගේ ලිඟුව කා දමනවාත් සිතුවම් කළා! Cesena මේ පිළිබඳ III වන පාවුලු පාප්වහන්සේට පැමිණිලි කලත්, මාගේ තීන්දු තීරණ දිව්‍ය ලෝකයට කැප වූවත් අපායට කැප නැති බව කියමින් උන්වහන්සේ මේ පීනස් අමාරුකාරයාව මගහැරියාලු. 

1564 දී ආන්ජලෝ මියගිය පසු, පල්ලියේ මැදිහත්වීමෙන් මෙම බිතුසිතුවමෙහි වූ නග්න ශරීර වල ලිංගේන්ද්‍රියන් මත දිඹුල් කොළ සිතුවම් කරමින් නොපෙනෙන ලෙස සකස් කෙරෙව්වාලු. මේ විදියට දිඹුල් කොළ ඇඳපු Daniele da Volterra නම් චිත්‍ර ශිල්පියාට "the breeches maker" (හෙළුව/කටී ප්‍රදේශය වසන්නා) කියලා නමකුත් පටබැඳුණාලු. 1980 සිට 1994 දක්වා වතිකානු දෙව්මැදුරේ සිදුකරන ලද පුනස්ථාපන කටයුතු වලින් පස්සෙ පීනස් අමාරුකාරයින් විසින් මේ සිතුවමෙහි ස්ථානගත කරන ලද දිඹුල් කොළ වලින් අඩක් පමණ ඉවත් කරගන්නට පුළුවන් වුණාලු. 

20 comments:

  1. බොහොම හොඳ කරුණු සම්පිණ්ඩනයක්. තොරතුරු රාශිඅක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි. පුළුවන් තරම් හොඳින් කරුණු රැස් කරලා හරවත් හෝ රසවත් යමක් පෝස්ට් කරන්න තමයි මගේ උත්සාහය. කොමෙන්ටුවක් දාලා ධෛර්යමත් කරන එක ඉතා වටිනවා.

      Delete
  2. Replies
    1. ඉස්තූතියි! ඔබට ජය.

      Delete
  3. අදයි දැනගත්තේ පීනස් අමාරුව කියන්නේ මොකක්ද කියලා... බොහෝම රහයි ලියවිල්ල..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මාතලන් අයියා මේ පැත්තෙ ඇවිත් ගියාට.

      Delete
  4. Not, දිඹුල් කොළ but Fig leaf!

    දිඹුල් කොළ can't be used to cover male genitalia as they are really small!

    ReplyDelete
    Replies
    1. Fig leaf is translated into sinhala as either අත්තික්කා or දිඹුල්. And දිඹුල් and දිවුල් are two different leaves. The දිඹුල් leaf is not small.

      Delete
    2. Fig is neither අත්තික්කා norදිඹුල්....

      Fig is FIG!

      Delete
    3. මෙහේ ඒවා නෙමෙයි අනේ එයා කියන්නේ ග්‍රීක් වල ඒවා... මෙහේ ඒවා වහන්න හැලප කොල තමයි ගන්න වෙන්නේ...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. As much as i know, a certain tree could be called different names!
      AND MOST IMPORTANTLY the fig leaves that we are talking about here, are not the real ones but the metaphorical ones!!!!!What matters is only the shape of the leave! It is not like the Greeks went around sticking real fig leaves upon statute penises!!!!! They created fig leaves from bronze or cement or some other material!!!!
      SOOOOOO...what matters here in concern is not much of a issue after all!!!!

      Delete
  5. අද වෙනකල් නිකමටවත් හිතුනේ නෑනේ පීනස් අමාරුව කියන්නෙ මේකයි කියලා.

    ReplyDelete
    Replies
    1. සප්‍රායිස්!!!!!!

      Delete
  6. මාතලන්ගේ කොමෙන්ට් එකෙන් දකින කම් මට මීටර් වුනේ නෑනේ.. පීනස් අමාරුව ගැන හෙහ් හෙහ්....දිවුල් නම් කොල හරි පොඩියි සා රස කියල තියෙනවා වගේ..

    සැහෙන වටින විස්තරයක්.. මගේ ළඟ තියෙනවා ආන්ජලෝ ගේ ජිවිත කතාවම තියෙන ෆුල් කලර් ෆොටෝ එහෙම තියෙන ලොකු පොතක්.. උඩින් පෙරලලා බැලුව විතරයි තාම.. මේක කියෙව්වම ඒ පොත කියවන්න හිතුන...

    අදමයි මේ බ්ලොග් එක දැක්කේ.. එල

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි දීර්ඝ කොමෙන්ටුවක් දාන්න වෙලාව ගත්තාට. දිගටම බ්ලොග් එක කියවලා ගුණදොස් කියන්න. පොතක් තියේ නම් අතේ මගනෑර කියවන්න. ජය!

      Delete
  7. දිඹුල් කොලොන් අරක වහන්ඩ අනේ මන්දා , මට දැං මේ බ්ලොග් එක කියවන්ඩ එපාවේගන එන්නේ

    ReplyDelete
    Replies
    1. ඒම හොඳ නෑ අයියා! ඔය සීගිරි ලඳුන්ට තාර ගාපු, අක්ෂරය තහනම් කරපු පීනස් අමාරුකාරයන්ගෙන් පැවතෙන සාඩම්බර රටක අපි ඉන්නෙ ඈහ්!

      Delete
  8. Replies
    1. Thank you for reading my blog. Hope to see you around.

      Delete