Saturday, June 19, 2021

ලිලිත්ගේ අභිනිෂ්ක්‍රමණය සහ ස්ත්‍රිය යක්ෂාරෝපිත කිරීම – ලිපිය I

 

ඕ හරිත වර්ණ දිලිසුම් ඇස් ඇත්තීය. ස්වර්ණ වර්ණ මුහුලැත්තීය. ඕ මුල්ම ගැහැනිය ය.  ආදම්ගේ මුල් බිරිඳ ය. ඕ නිදහස සොයා ඒදන් උයන අතැර අඳුර වැළඳගත්තීය. සහස්වස් ගෙවමින් එකලාව මිහිමත සරන්නීය.

ලිලිත් කියන්නෙ කවුද කියල අන්තර්ජාලයෙන් සොයා බැලුවොත් ඕනෙම කෙනෙක්ට පහසුවෙන්ම එළඹෙන්න පුළුවන් නිගමනය තමයි ලිලිත් කියන්නෙ යක්ෂණියක් කියන එක. ඇය පිරිමින් මුලා කරන්නියක්, පොළඹවා ගන්නියක්, මන්තරකාරියක්, එසේත් නැතිනම් කුඩා දරුවන් කා දමන්නියක් කියාත් ඒ හඳුන්වා දීමට ඇතුලත් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ලිලිත් යක්ෂණියක් ද?  මානව ශිෂ්ටාචාරයේ වසර හාරදහසකටත් එපිට පුරාවෘත පෙත්මග දිගේ විසි එකවෙනි ශතවර්ෂය තෙක්ම ලිලිත් එන්නෙ ඉතාම දීර්ඝ සහ වෙහෙසකාරී ගමනක්. ඒ ගමන්මඟ පුරාවටම ඇයට එරෙහි වන්නන්, කෙනෙහිලිකම් කරන්නන් සහ ඇයව ඔවුන්ගේ මිනුම්දඬුවලින් අවබෝධ කරගන්නන් අපමණයි.

නමුත් ලිලිත් හා ආලයෙන් වෙළෙන කතාකරුවන්, ලියන්නන් සහ සිත්තරුන් ආදී සෞන්දර්යවාදීන් කාලාන්තරයක් තිස්සේ ඈ කියවාගැනීමට උත්සාහ දරනවා. පසුකාලීනව පුනරුද අවධියේත් කාන්තා විමුක්ති අරගලයේ දෙවැනි රැල්ල කාල සීමාවේදීත් ලිලිත් ප්‍රතිකියවාගැනීම්  කිහිපයක්ම සිද්ධ වෙනවා. සාරම්භයේ යක්ෂණියක් ලෙස උපත ලබන ලිලිත් අද වන විට නිදහස් ස්ත්‍රී නිරූපණයේ සලකුණක්, එතනිනුත් ඉදිරියට ගොඩනැගී පොදුවේ රාමුගත චින්තනයන්ට එදිරිව පෙළගැසෙන ස්ත්‍රී හා පුරුෂ නිදහස් අරගලකරුවන්ගේ අනුප්‍රාණයකුත් බවට පත්වන්නේ ඒ විදිහටයි.


 

Read me more at Manthrana :

https://www.manthrana.com/2021/06/11/lilith/

 

6 comments:

  1. දෙවගනක් ලෙස
    https://journeyingtothegoddess.wordpress.com/2012/02/29/goddess-lilith/

    හෝබෝ කැමතිවෙයි රොබර්ට් ග්‍රේව්ස්ගෙ ද ගෝල්ඩන් ෆ්ලීස් පොතට. ජේසන් සහ ආර්ගොනට්ස් වර්ශන් එකක්.
    https://books.google.lk/books/about/The_Golden_Fleece
    ඒකෙ මුල දිග prelude වගේ තියනවා සියුස් ප්‍රමුඛ ග්‍රීක අහස් දෙවියන් විසින් මාතෘ දෙවගන යටපත් කිරීමට පෙර තිබුන මාතෘ මූලික සංස්කෘතිය ගැන රසවත් හා හෝබෝගෙ කෙටිකතාවක ශයිලියට පොඩ්ඩක් සමාන විදිහට

    ReplyDelete
    Replies
    1. Well, i reckon it is a prologue, not a prelude.

      Delete
    2. Why all these academics hate Robert Graves with spirit?

      Delete
  2. සෑහෙන්න රිසර්ච් කරල ලියපු ලියමනක්....තැන්කූ හෝබෝ....🙏

    ReplyDelete