Wednesday, July 14, 2021
වසංගතය – එක් නපුරු සුරංඟනා කතාවක්
කතාවේ ඉතිරි ටික කියවන්න : https://www.manthrana.com/2021/07/05/epidemic-dark-fairy-tales-sinhala-stories/
Saturday, July 3, 2021
හයිඩ්‍රිල්ලා වත්ත
හයිඩ්‍රිල්ලා වත්තේ ප්ලේටියා නැන්දා මොන තරම් වේගෙකින් සාරියාගෙ නාහෙ ඉස්සරහින් පීනගෙන ගියා ද කිව්වොත්, ඔහේ ඈලිමෑලිකමේ ඈනුම් යව යවා හිටපු සාරියා වල්ගෙ ලෙස්සල ගිහින් පරණ වෙච්චි මාළු කෑම පල්පයක් උඩට තකස් ගාලා ඇදගෙන වැටුණා.
“යකෝ…. මේ මොන… බ්ලොබ්….බ්ලොබ්….” වැටුණු හදිස්සියට හුස්ම ගන්න අමතක වෙලා සාරියගෙ කරමල් අස්සට වතුර ගියා.
මේ යෝදි මේ මද්දහන්කරේ දැති මෝරෙක් ආවේස වෙලා වගේ හතිමුණින් දාගෙන කොහෙ පීනනව ද කියල හිතා ගන්න බැරිවුණු සාරියා අමාරුවෙන් නැගිටගෙන ප්ලේටියා නැන්දා පස්සෙන් යන්න පටන් ගත්තෙ කුණු මාළු කෑමවලින් ආපු අප්පිරියාවත් පැත්තකට දාලා.
“ප්ලේටියා නැන්දේ! ප්ලේටියා නැන්දේ!” සාරියා බෙරිහන් දුන්නත් ප්ලේටියා නැන්දා නෙමේ පැත්තවත් හැරිල බැලුවෙ. එයා හයිඩ්‍රිල්ලා ගාල් අස්සෙන් විදිලි ආඳෙක් වගේ අතුරුදහන් වුණා. සාරියත් අතෑරියෙ නෑ. ප්ලේටියා නැන්දා පස්සෙන්ම පන්නගෙන ගියා. කොහොමත් වත්තෙ එකෙක්ට හදිසියක් කරදරයක් වුණාම කර ඇරලා බෑනෙ.
ඔය අස්සෙ සාරියගෙ බෙරිහන් දීම ඇහිලා හයිඩ්‍රිල්ලා ගාලක් අස්සෙ ඉඳන් එළියට පැන්නෙ කොට වරලෙ මාමා.
“මොකෝ සාරියෝ තෝ මේ ඉර මුදුන් කණිසමේ බෙරිහන් දෙන්න තියාගත්තෙ?” කොට වරලෙ මාමා සාරියා පස්සෙ පන්නන්න ගත්තා.
“මන්දා කොටෙ මාමෙ, ආං අර ප්ලේටියා නැන්දා ආත්බූත කඩාගෙන සිහිසන් නැතිව පීනනවා. මං මේ ඒකයි පොඩ්ඩක් බැලුවෙ…” සාරියා කිව්වෙ ගමනෙ වේගෙ ටිකක් බාල කරලා.
“හෑ? මේ අපෙ ප්ලේටියා නඟා? ඒ මොකොදැ…. යමං යමං බලන්න! පලයං ඉතින් මෙතන දැවටි දැවටි ඉන්නෙ නැතුව…. මං එංඤ්ඤං පස්සෙං!” කොට වරලෙ මාමා එහෙම කියලා හයිඩ්‍රිල්ලා ගොල්ල අස්සට ඔලුව දාලා කෑගහන්න පටන් ගත්තා.
“ඒ සිප්පි කට්ටෝ! මෙහෙ වරෝ! බොම්බිලියෝ, ඉක්කන්ට වරෝ!”
කොට වරලෙ මාමා එන වේගෙකින් එන්නෙ නැතෑ කියලා සාරියා ආයෙමත් ප්ලේටියා නැන්දා පස්සෙ වැටුණා. කොට වරලෙ මාමා නොන්ඩියට පීනද්දි එයාවත් පහුකරගෙන ආපු සිප්පි කට්ටයි, බොම්බිලියයි සාරියාට කිට්ටු වුණා.
“මොකද සාරියො වලියක් ද? කවුද ඩෝ අපේ සාරියා මල්ලිට ගේම ඉල්ලපු එකා. කපනවා පෙත්ත පෙත්ත ඩෝ! මාළු කපනව වගේ තමයි ඈ!” සිප්පි කට්ටා කොරපොතු අස්සෙ ගහගෙන හිටපු බිලී කොකු දෙකක් එළියට අරගත්තා.
“නෑ! නෑ! සිප්පි අයියෙ. අර බලහන්කො අර! ප්ලේටියා නැන්දාට මොකක් හරි හදිස්සියක්. මං මේ දුවන්නෙ මොකද බලන්න.” සාරියා කියන්නෙ කතාවටවත් ගමන නතර නොකර. මොකද එන්න එන්නම පීනිල්ල අසීරු වෙනවා. මේ ඉසව්වට වැඩිය කවුරුත් එන්නෙ නෑ. ටැංකියේ බටහිර කෙළවරටම දැන් කිට්ටු වෙලා වෙන්න ඕනෙ. ඒ තරම් ඕසෙට හයිඩ්‍රිල්ලා වැවිලා. වලිගෙ හිරවුණොත් ආයෙම ගැලවිලා යනවා බොරු.
“ඒ අර බලහංකො ඒ අස්සෙ අන්න ටෙට්‍රා මහත්තයායි ටැංකි සුද්දයි කොට වරළෙ මාමා පස්සෙ වැටිලා!” බොම්බිලියා ගොළුබෙලි කට්ටකින් හදලා තිබ්බා හීනි දිග කඩුවකින් හයිඩ්‍රිල්ලා ගාල කපලා පාර හදාගන්න ගමන් ඔත්තු බැලුවා.
“අනේ…. මගෙ පුතේ! ආයියියියෝ මාගේ පුතේ!” ප්ලේටියා නැන්දගෙ විලාපෙට හයිඩ්‍රිල්ලාවත්තම දෙදරලා ගියා.
“ප්ලේටියා නැන්දේ! මොකද මොකද මේ?” ප්ලේටියා නැන්දා විලාප දෙන්නෙ මොකටද කියල සාරියට හිතාගන්න බෑ.
“අනේ අර බලාපං පුතේ! අර අපේ පොඩි එකා!” ප්ලේටියා නැන්දා හයිඩ්‍රිල්ලා ගාලෙ ඉහළම කෙළවර පෙන්නුවාම තමයි සාරියාව උඩ විසික් වුණේ.
“යකෝ රතු පැටියා නේද! ඒ පොඩි එකෝ! බැහැපිය බිමට පරයා!” සාරියාට උන්හිටි තැන් අමතක වුණා. රතු පැටියා ප්ලේටියා නැන්දගෙ බාලම කොලුවා. ඌ නාහෙට අහන්නැති නසරානියෙක්. වත්තෙ එවුන් නම් කියන්නෙ ඌ ප්ලේටියා මාමාගෙ එකෙක් නෙමේ කියලා. ඒක නම් ඇත්තටම වෙන්න පුළුවන්. ප්ලේටියා මාමා හරිම ඈලිමෑලියි. වතාවක් හයිඩ්‍රිල්ලාවත්ත සුද්ද කරන වතාවක ඔය ප්ලේටියා නැන්දාව කොහේද බේසමකට දාලා තිබ්බලු ටික දවසකට. ආපිට හයිඩ්‍රිල්ලා වත්තට එද්දි ප්ලේටියා නැන්දා බඩින්ලු කියලා සාරියගෙ ලොකු අම්මා, සාරියාච්චි එක්ක මොන මොනවද කියනව සාරියට ඇහිලා තියෙනවා. හඩ්‍රිල්ලා ගාලෙ ඉහළටම පීනලා හිටපු රතු පැටියා වීදුරු ටැංකියේ කෙළවර උඩ පනිමින් හිටියා.
“ආනේ මයෙ පුතේ! බැහැපං කොලුවෝ මං කියන දේ අහලා… උඹ හොඳ එකානේ….” ප්ලේටියා නැන්දා ඒ අස්සෙ දිගටම විලාප දෙනවා.
“රතු පැටියා කොලුවෝ! මේ අම්මා කියන එක අහලා ඔතනින් බැහැපං මයෙ පුතේ!” කොට වරළෙ මාමා පිංසෙණ්ඩු වුණා. මොන! රතු පැටියා නෙමෙයි හැරිලාවත් බැලුවේ. ඇට්ටරයා හති දම දම දිගටම උඩ පැන්නා. වීදුරු ගැට්ටෙ වැදිලා දෙපාරක් ඇදගෙන වැටුණා. ඒ හැපුණු පාරට සීරුමක් කැපුමක් නැතිවෙන්න විදිහක් නෑ.
“ඈ බං ප්ලේටියා හාමිනේ, මොකද මේ රතු පැටියා ටැංකිය කෙළවරට වෙලා උඩ පනින්නෙ? ඌ දන්නෙ නැද්ද එහාපැත්තෙ ටැංකියෙ ඉන්නෙ අර මාළු ගිලින වසවර්ති ඇලිගේටරයා කියලා?”එහෙම ඇහුවෙ ගරු කටයුතු ටෙට්‍රා මහත්තයා. එයා තමයි හයිඩ්‍රිල්ලා වත්තෙ මුලාදෑනියා.
“අනේ ටෙට්‍රා මහත්තයෝ මේ අපේ අවලං ලොකු එකී අපේ පොඩි එකාට ඊයෙ රෑ කතන්දරයක් කියලා. මූ මේ ඒකෙ ඇත්ත නැත්ත බලන්න තමා හොරෙන් ගෙදරින් පැනලා මේ අස්සෙ රිංගල තියෙන්නෙ…” ප්ලේටියා නැන්දා ඉකි ගහනවා.
“කතන්දරයක් කිව්වාය කිව්වෙ?”
“අනේ මහත්තයෝ අපේ එකී මේ මොකද්ද මාළු පැටව් රංචුවක් මකර දොරටුවෙන් පැන යනවා කියල කතන්දරයක් කියලා දීලා. රතු පැටියා අහලා මකර දොරටුව කොහේද තියෙන්නෙ කියලා….”
“ඉතින්…ඉතින්..” ටෙට්‍රා මහත්මයා හූමිටි තිබ්බේ රතු පැටියා දිහා ඇහැ ගහගෙනමයි.
“ඉතින් අපේ පරට්ටී කියල මකර දොරටුව තියෙන්නෙ ටැංකියෙ කෙළවරේය කියලා…. ඒ මදිවට මකර දොරටුවෙන් එහා පැත්තෙ ඉන්නෙ භයංකාර මකරෙක් කියලත් මේකි කියලානෙ මහත්තයෝ…… අනේ….. අයියෝ!!! කවුරුත් නැද්දෝ….. මගෙ පැටියෝ…. බැහැපං පුතේ….” ප්ලේටියා නැන්දා ආයෙම විලාපෙ පටන් ගත්තාම ටෙට්‍රා මහත්මයා පස්සට විසික් වුණා.
“එතකොට දැන් මූ මේ මකර දොරටුවෙන් පනිනව කියල හිතාගෙන ද අර ඇල්ගේටරයාගෙ ටැංකියට පනින්න හදන්නෙ?” බොම්බිලියා නිකට අතේ ඔබා ගත්තා.
“ආනේ…ඕව්ව්ව්ව් පූතේ….” ප්ලේටියා නැන්දා ඉකි ගහ ගහ මොර දෙනවා. “මං කොච්චර කිව්වත් එහා පැත්තෙ ඔන්නෙ සම්බෝලයා පූසාගෙ හොම්බ කාපු ඇලිගේටරයා කියලා මූ විශ්වාසෙට ගන්නෙම නෑනෙ පුතේ…. ඉන්නෙ මකරෙක්මලු! මකරව බලන්න ඕනෙමලු! අනේ මගෙ පුතාව බේරලා දීපන් පුතේ…..”
READ MORE :
https://www.manthrana.com/2021/06/24/hydrilla-garden/
Saturday, June 19, 2021
ලිලිත්ගේ අභිනිෂ්ක්‍රමණය සහ ස්ත්‍රිය යක්ෂාරෝපිත කිරීම – ලිපිය I
ඕ හරිත වර්ණ දිලිසුම් ඇස් ඇත්තීය. ස්වර්ණ වර්ණ මුහුලැත්තීය. ඕ මුල්ම ගැහැනිය ය. ආදම්ගේ මුල් බිරිඳ ය. ඕ නිදහස සොයා ඒදන් උයන අතැර අඳුර වැළඳගත්තීය. සහස්වස් ගෙවමින් එකලාව මිහිමත සරන්නීය.
ලිලිත් කියන්නෙ කවුද කියල අන්තර්ජාලයෙන් සොයා බැලුවොත් ඕනෙම කෙනෙක්ට පහසුවෙන්ම එළඹෙන්න පුළුවන් නිගමනය තමයි ලිලිත් කියන්නෙ යක්ෂණියක් කියන එක. ඇය පිරිමින් මුලා කරන්නියක්, පොළඹවා ගන්නියක්, මන්තරකාරියක්, එසේත් නැතිනම් කුඩා දරුවන් කා දමන්නියක් කියාත් ඒ හඳුන්වා දීමට ඇතුලත් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ලිලිත් යක්ෂණියක් ද? මානව ශිෂ්ටාචාරයේ වසර හාරදහසකටත් එපිට පුරාවෘත පෙත්මග දිගේ විසි එකවෙනි ශතවර්ෂය තෙක්ම ලිලිත් එන්නෙ ඉතාම දීර්ඝ සහ වෙහෙසකාරී ගමනක්. ඒ ගමන්මඟ පුරාවටම ඇයට එරෙහි වන්නන්, කෙනෙහිලිකම් කරන්නන් සහ ඇයව ඔවුන්ගේ මිනුම්දඬුවලින් අවබෝධ කරගන්නන් අපමණයි.
නමුත් ලිලිත් හා ආලයෙන් වෙළෙන කතාකරුවන්, ලියන්නන් සහ සිත්තරුන් ආදී සෞන්දර්යවාදීන් කාලාන්තරයක් තිස්සේ ඈ කියවාගැනීමට උත්සාහ දරනවා. පසුකාලීනව පුනරුද අවධියේත් කාන්තා විමුක්ති අරගලයේ දෙවැනි රැල්ල කාල සීමාවේදීත් ලිලිත් ප්‍රතිකියවාගැනීම් කිහිපයක්ම සිද්ධ වෙනවා. සාරම්භයේ යක්ෂණියක් ලෙස උපත ලබන ලිලිත් අද වන විට නිදහස් ස්ත්‍රී නිරූපණයේ සලකුණක්, එතනිනුත් ඉදිරියට ගොඩනැගී පොදුවේ රාමුගත චින්තනයන්ට එදිරිව පෙළගැසෙන ස්ත්‍රී හා පුරුෂ නිදහස් අරගලකරුවන්ගේ අනුප්‍රාණයකුත් බවට පත්වන්නේ ඒ විදිහටයි.
Read me more at Manthrana :
https://www.manthrana.com/2021/06/11/lilith/
Sunday, June 13, 2021
ළැම පෙන්වා ළය සඟවන ළඳුන්
ශ්‍රී ලංකාවේ තත්ත්වය එහෙම වෙද්දි, ගණිකා ව්‍යාපාරය සහ විශේෂයෙන්ම ගණිකා ව්‍යාපාරය ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරයක් තිබෙන රටවල් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ අතරින් ගැම්බියාව, කැරිබියන් දූපත්, තායිලන්තය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, පිලිපීනය සහ කැම්බෝඩියාව ඉදිරියෙන් ඉන්නා රටවල් කිහිපයක්. ලෝකයේ මුස්ලිම් සම්භවයක් තිබෙන රටවලින් දකුණු ආසියාතික රටක් වන බංගලාදේශය ගණිකා ව්‍යාපාරය නීතිගත කර තිබෙන රටක්. බංගලාදේශයේ ගණිකා වෘත්තිය නීත්‍යානුකූලයි. නමුත් ඔවුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ සූදුව සහ ගණිකා ව්‍යාපාරය පිටුදකිනා බවයි. ලෝකයේ තිබෙන විශාලම ගණිකා මඩමක් කියලා ගණන් ගැනෙන දව්ලට්දියා කියන ගම්මානය පිහිටලා තිබෙන්නේත් බංගලාදේශයේ රාජ්බාරී කියන දිස්ත්‍රික්කයේයි. මේ ගම්මානයේ දිනකට ගණිකාවන් 1600ක් පමණ දිවා රාත්‍රී කාලයේ සේවය කරනවා. ඔවුන්ගේ දෛනික පාරිභෝගික සංඛ්‍යාව දළ වශයෙන් 3500-4500 ක් පමණ වෙනවා. මෙම ගම්මානයේ සිටිනා සමහර ගණිකාවන් එහි සිටි ගණිකාවන්ගේම දරුවන්. බංගලාදේශයේ ගණිකාවක් ලෙස ලියාපදිංචි විය හැකි අවම වයස අවුරුදු 18ක් වුවත් වයස අවුරුදු 16 සහ 14 වයසේ පසුවන දැරියනුත් විවිධ ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන විත් සේවයට යොදවන බව වාර්තා වෙනවා. දව්ලට්දියා ගම්මානයේ සිටින ගණිකාවන්ගෙන් බහුතර පිරිසක් නීත්‍යානුකූල වයසට වඩා අඩු බව එම ප්‍රදේශවල සේවයේ නිරත වන සමාජ ක්‍රියාකාරීන් පවසනවා. මේ දව්ලට්දියා ගම්මානය අයිති බංගලාදේශයේ ඉතාමත් පොහොසත් පවුලකට බවත් එම පවුලට මේ ගම්මානය බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ පටන් අයිතිව තිබුණු එකක් බවත් සඳහන් වෙනවා. බංගලාදේශයේ ගණිකාවක් වීමට නම් අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයෙන් ඒ සඳහා අදාළ පෝරම පුරවා, තමා වයස 18ට වැඩි බවත්, ස්ව කැමත්තෙන් මෙම වෘත්තීයට එළැඹෙන බවත් සහතික කොට, ලියාපදිංචි ගාස්තු ගෙවිය යුතුයි. බාලවයස්කාර දැරියන් ලිංගික මෙහෙකාර සේවයේ යොදවන අය පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දී වයස වැඩියෙන් පෙන්වා අදාළ ලියාපදිංචිය ලබා ගන්නවා.
READ me MORE with Manthrana :
https://www.manthrana.com/2021/05/26/prostitution-in-sri-lanka/
Sunday, June 6, 2021
සම්බෝලයාගේ කොරෝනා දිනපොත
අද
කුරුමානං අප්පුහාමිලාගේ දොන් ඉඟුරු පාට සම්බෝලයා වන මාගේ ජීවිතය මේ කොරෝනාව නිසා එහෙම් පිටින්ම බකල් වී ඇත්තේය. ලොකුම වදය වන්නේ ගෙදර ඈයින් වැඩට යන්නේ නැතිව ගේ අස්සට වී උඩ බලාගෙන සිටීමය. උදේ හතහමාරෙන් පස්සේ මගේම වෙන සැපට සැප සෝපාව ගෙදර දෝණියැන්දා බද්දට අරගෙනය. දවසම ඒ යෝදි මගේ සෝපාවේ දපා වැටී ස්මාට් ෆෝන් එක දිහා කට බලියාගෙන ඉන්නවා හැරෙන්නට වෙන කිසිම වැඩක් කරන්නේ නැත. පැත්තට මූණ හරව හරවා පොටෝ ගන්නා අතර වෙලාවකට මට ද පුදමාකාර වදයක් දෙමින් මගේ ද පොටෝ ගන්නවාය. මගේ පොටෝ ඔය සෝශල් මීඩියාවල තැන තැන එල්ලනවාට මම කොහෙත්ම කැමති නැති වුණත් ඤාව්ලන්තයේ බුද්ධිමය දේපොළ අයිතිය බල්ලාට ගොස් ඇති බව කියන්නේ ඉස්සරහ ගෙදර කළු කෝට්කාරයාය. කළුකෝට්කාරයාගේ ගෙදර ඉන්නේ බව්-බව් ටොමියාය. බව්-බව් ටොමියා නම් කියන්නේ ඌට කොහෙත්ම ඔය කියන වර්ගයේ දේපොළක් නැති බවය. තමා කොහෙත්ම බොරු කියන්නේ නැති බවත් ඒ වෙන නරක බල්ලෙකු විය යුතු බවත් බව්-බව් ටොමියා කීවේය.
අද
දිගටම පරිප්පුයි බතුයි කාලා ඇති වෙලාය. එක්කෝ මීයන්, හූනන් සහ කැරපොත්තන් නිරෝධායනය සඳහා කන්දකාඩු ගෙනගොස් තිබිය යුතුය. අද එකෙක්වත් පේන්නවත් හිටියේ නැත. දෝණියැන්දාගේ ලැප්පොට් එකෙන් දෙමලිච්චෙකු රවටා ගන්නා ආකාරය ගැන බලාගන්නට පුළුවන් විය. හෙට එය අත්හදා බැලිය යුතුය. හවස හොඳටම හෙන ගහ ගහ වැස්සේය. චූං-පාන් අයියාගේ ජෙට්ටෙක අල්ලා ගන්නට බැරි වීම නිසා අද උණු ජෑම් බනිස් කොටහ ද ලැබුණේ නැත.
අද
නිදි බව පෙන්නා ලේනුන් රවටා ගැනීමට ඇති එකම හාන්සි පුටුවේ ඇලවී සිටින්නේ ගෙදර මනුස්සයාය. දවසේ වැඩි හරිය ගෙදර බලාධිකාරී මව්යානාවගේ උදහසට ලක්වෙන ගෙදර මනුස්පයා ගැන මට දුකය. වෙනදාට සිංහයෙක් මෙන් ටයිපටයි සූට්බූට් සැන්පවුඩර් දමාගෙන සිංහයෙක් මෙන් වැඩට යන ගෙදර මනුස්පයා මේ දවස් ටිකේම උදේට උදේට නැගිට පොල් ගාන්නටත්, උදුළු ගාන්නටත්, කුණු පුච්චන්නටත්, ලයිට් බල්බ් අලුත් කරන්නටත්, පරණ බෝතල් ගෝනිමළුවලට අඩුක් කරන්නටත්, වහළය සුද්ද කරන්නටත්, කුස්සියේ ඉඳුල් වතුර යන බටේ සුද්ද කරන්නටත් පටන් ගැනීම නිසා මට ඇත්තටම මේ කොරෝනා වසංගතය පිළිබඳ ඇති භීතිකාව හොඳටෝම වැඩි වී ඇත. ලේනෙක් අල්ලාගැනීමට අලුත් ක්‍රමයක් සොයාගත යුතුය. ගෙදර මනුස්පයා ඉන්නේ මට වඩා අසරණ අඩියකය.
Read more at :
https://www.manthrana.com/2021/06/02/dairy-book/
#කොරෝනාවෛරසය #කොරෝනාවෛරසයගැන #පූසාගැනවිස්තර
#catdiary
Friday, September 18, 2020
ශේක්ස්පියර්
ශේක්ස්පියර් තනිකරම මුරණ්ඩු ඩෑල් එකකි. හෙනම ලොකු සීන් එකේ සිටිය ද අහිංසකයින්ට ශේක්ස්පියර්ගෙන් කිසිම කරදරයක් නැත. උඩ කරණම්, බිම කරණම් ඇතුලු සියලු වර්ගයේ ජිම්නාස්ටික් සහ සර්කස් කිරීමට උපන් හපන්කමක් ඇති ශේක්ස්පියර් ඉඳහිට බෙල්ල උලුක්කු වෙන පිමි නොපනින්නේ ද නොවේ. ශේක්ස්පියර් කන්නට ආසාම කඩල ය. නැතිනං ගස්ලබුය. නිස්කලංකයේ සිටින විට කොහේ හෝ මුල්ලකට වී හැලහොල්මනක් නැතිව ඉන්නා ශේක්ස්පියරයා කවුරුන් හෝ අහලින් පහලින් යන විට ඇස් රවුම් කරමින් සීසීටීවී පාරක් දමා ඒ කවුදැයි විමසා බලයි. උදේ හිට කංකුං ද මුකුණුවැන්න ද හිටු කියා ගිල දමයි. අඩි එක හමාරක් තරම් වූ දිගින් ද වියතක් තරම් පළලින් ද යුතු ශේක්ස්පියරයා ලා කහ පැහැයකට හුරු ජයන්ට් ගුරාමියෙකි. අපේ සිංහලෙන් කිව්වොත් "ජෑම් ගුරාමියෙකි."





















