Sunday, January 7, 2024

හෝබෝ ටික්කාගේ කාරුණික නිවේදනය !

ඉඳහිට බ්ලොග් ලිවීමේ කලාවේ පිකාසිනිය වන හොබෝ ටික්කා හා හා පුරා කියා 2024 වසරට අප්ඩේට් එකක් ලියන්නේ කාලාන්තරාවේ ආගමනය ගැනය. අලුතින් ඉංගිරිස් කවි පොතක් ද ප්‍රකාශනය කර ඇතත් ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට සිතුවෙමි. පහුගිය පැන්ඩෙමික් සමයේ පටන් එහෙටමෙහෙට වෙමින් ලියූ කාල විද්‍යා ප්‍රබන්ධය කාලාන්තරාව නමින් එළි දකින්නේ අලුත් මුහුණුවරකිනි. කතාන්තරය පිළිබඳව යම් අදහසක් ගැනීමට කතාවේ කොටස් කිහිපයක් මේ බ්ලොග් පිටුවේම එල්ලූ පරිදි එසේම තිබේ. පහළින් ඇත්තේ කොළඹ ජර්නලය සමඟ කාලාන්තරාව පිළිබඳ සිදු කළ සාකච්ඡාවකි.  




ලියන්න හිතුවෙ කෙටි චිත්‍රපටියක්, නමුත් ලිව්වෙ විද්‍යා ප්‍රබන්ධයක්

කාලාන්තරාව ඔබ ලියපු පළවෙනි විද්‍යා ප්‍රබන්ධය. විද්‍යා ප්‍රබන්ධ කියවන්න පාඨකයො උනන්දුයි කියලා ඔබ හිතනවද?

ඔව්, මම හිතනවා වයස් බේදයකින් තොරව විද්‍යා ප්‍රබන්ධ කියවන්න ඉතාම උනන්දු පාඨක පිරිසක් අපට ඉන්නවා කියලා. ඒ වගේම ඉතාම දක්ෂ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයින් පිරිසකුත් බිහිවෙමින් පවතිනවා. අපේ විද්‍යා ප්‍රබන්ධ පාඨකයින්ට තියෙන්නේ නිකම්ම උනන්දුවක් නෙවෙයි, එයාලා එක්තරා විදිහක විශේෂීකරණයකුත් වෙලා තියෙනවා. එයාලා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක් කරන්නත් පෙළඹිලා තියෙනවා. එයාලා ලංකාවේ පළවෙන විද්‍යා ප්‍රබන්ධ ගැන හොයනවා, කතා කරනවා, රසාස්වාදය කරනවා වගේම අනෙක් විද්‍යා ප්‍රබන්ධ ලෝලීන්ව ඒ පොත් ගැන දැනුම්වත් කරනවා. මේක මම හිතනවා ඉතාම ධනාත්මක ප්‍රවණතාවක්. මේ ප්‍රවණතාව නිසා මම හිතනවා අපේ සිංහල සාහිත්‍යට බද්ධව අලුත්, ස්ථාවර ෂානරයක අඩිතාලම වැටෙනවා කියලා.

ඔබ කිව්වා මේ ‘කාලාන්තරාව’ ලිව්වෙ කොරෝනා කාලෙ ගෙදර ඉන්නකොට කියලා. ඒ වගේ දුෂ්කර වගේම පීඩා සහිත කාලෙක ලියන එක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

ඇත්තටම කාලාන්තරාව ලියවෙන්නෙ පැන්ඩෙමික ආවේශයකින්. ඒක ලියවෙන්න පටන්ගන්නෙ ලාංකික-දිස්තෝපීය රංගතල පසුබිමක් පාදක කරගන්න කෙටිකතාවක් විදිහට. මේ කතාවට මූලික වස්තු බීජය මගෙ හිතට එන්නෙ පැන්ඩෙමික් කාලයට කලින්, සයිෆයි කෙටි චිත්‍රපටයක් සඳහා. නමුත් පැන්ඩෙමික් සමය මගේ මේ ලිවීමට දරුණු ලෙස බලපෑමක් කරනවා. සරලවම කතාව කණපිට හරවනවා. කතාවේ තානයට, හැඩයට, චරිතවලට වගේ හැම ඉසව්වකටම ඒ බලපෑම එල්ල වෙන්නෙ ඉන්දියාවේ මුම්බායි නගරය ගිලගන්න කළු,දුම් වළාව වගේ. ලොක්ඩවුන් එක නිසා සීමා කෙරුණු සංචරණය, කොරෝනා මරණ සංඛ්‍යා වාර්තාවන්, මානසික පීඩන, නෂ්ටාපේක්ෂාවන් ආදී සියලු ඛේදසහගත අත්දැකීම් කාලාන්තරාවේ ගලායාමට දැඩිව බලපානවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි කෙටිකතාවක ඉඳන් සයිෆයි නොවෙලාවක් ප්‍රමාණයට මේ කතාන්තරය ගොඩනැගෙන්නෙ.

For the full article : 

https://colombojournal.lk/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%8a/?fbclid=IwAR28KfOWl8a12nTKtWkuYceR9fH4Ds4Zfvc32nC06CX82Sy4cqPd0TdcMIA

19 comments:

  1. මේක මේ බ්ලොග් පෝස්ට් එකක් නෙවීනේ. කොපි පේස්ට් එකක් නේ.
    බෑ. මේව ගණං ගන්න බෑ. 😏😏🙈🙈

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් ගණන් ගන්නෙපා. ටින් එකක් එයි.

      Delete
  2. ස්තූතියි නැවත ලියන්න පටන් ගැනීම ගැන!

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේ ලියන්න හැකි උත්සාහ දරනවා.

      Delete
  3. යලට මහට වගෙ ලියවෙන
    බ්ලොගයක පාටකුත් පෙනෙන
    තැනකට ආවයි කියන්න
    කවියක් ඇමිණුවා මෙන්න

    ReplyDelete
    Replies
    1. කවි ලියන්නට බැරිය
      පැමිණ විත් ගිය බුදල් අනුගාමිකයාට
      ඇවිත් කවි ලිව්ව්වාට තුති ය!

      Delete
  4. Mail එකක් දැම්මා.. බලන්න

    ReplyDelete
  5. ඉතිරි ටික කියවන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ලිපියේ ඉතිරිය ලින්කුව ඇත. කතාවේ ඉතිරිය පොතේ ඇත!

      Delete
    2. ඔය පොත කැන්ගරු දේසෙට එවන්න පුළුවන් ද

      Delete
  6. මේ ඔය නම තියෙන යකෙක් ගැන මං ලියන ෆැන්ටසි සයිෆයි එක ගැන හිතෙන දේ සහ පොඩි අවවදානුසාසනා ටිකක් ලබා ගන්න කැමතියි ..
    පුළුවන් නම් ගිහින් බලන්න

    https://medium.com/@virtualpathum/%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD-%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82-1-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8-43f3a5dfe0b4

    ReplyDelete