මහ පොළොවෙ පය ගහන්න ඕනෙ නම් හුස්ම ගන්නත්
ඇවිදින්නත් අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒ දෙකම බැරිව හිටපු පුංචි දිය කිඳුරිය
මුහුදු පතුලෙ ඉන්න නපුරු මුහුදු මන්තරකාරියකගෙන් ඉල්ලා ගත්තු මැජික්
පානයකින් තමන්ගේ යටිකය වරල වෙනුවට කකුල් දෙකක් ලබාගෙන එයාගෙ ආලවන්ත කුමාරයාව
හොයාගෙන ගිය කතාව බොහෝ දෙනෙක් අහලා ඇති.
මේ කතාන්තරයේ අනුවාදයන් දෙකක් තිබෙනවා. ඉන්
එකක තිබෙන්නෙ ඛේදාන්තයක්,
අනෙක්
අනුවාදයට නම් සතුටුදායක අවසානයක් තිබෙනවා. දිය කිඳුරිය ගොඩබිමට එද්දි එයාගෙ දෙපා
වෙනුවට එයාගෙ මිහිරි කටහඬ කැප කරන්න වෙනවා. එයාගෙ ඒ නැති වෙන කටහඬ කතාවේ හැටියට
ගොඩබිමේ වෙසෙන වෙනත් කුමාරිකාවකට ලැබෙනවා. කතාවේ මෙන්න මේ කොටස කියවද්දි මට කල්පනා
වුණා, සමහර විට මේ කතාව
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අතින් ලියැවෙද්දි, එයාට නොදැනීම
එයා විශ්වාස කරන සමහර දේවල් මේ කතාවට එකතු වෙන්න ඇති කියලා. සාමාන්‍යෙන් විද්‍යාව
විශ්වාස කරන ලෝකයේ තර්කයක් තියෙනවනෙ, මේ විශ්වයේ
තිබෙන ධාතු/පදාර්ථ ප්‍රමාණය වෙනස් කරන්න බැහැ කියලා. ඒ කියන්නෙ සරලවම
"මැවීම" කියන කාරනාව පසෙකට දාලා තිබෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ ඔය
ඉන්දියාවේ සෘෂිවරු එහෙම "මවනවා" කියලා කියන්නෙ යම් පදාර්ථ සමූහයක් එක්
තැනක සිට තවත් තැනකට අදෘශ්‍යමානව පරිවහනය කිරීමේ හැකියාව කියලයි. ඒ විදියට බැලුවොත්, අර මූද යට ඉන්න මන්තරකාරිගේ මැජික් පානය
නිසා නැති වෙන දිය කිඳුරියගෙ මිහිරි කටහඬ වචනාර්ථයෙන් ගත්තොත් නැත්තටම නැති වෙලා
නැහැ, ඒක වෙන කෙනෙකුට ලැබිලා
තිබෙනවා. මේක ටිකක් ඕනෙවට වඩා සහසම්බන්ධයක් දකින්න උත්සහ කිරීමක් වෙන්නත් ඇති. ඒත්
ඉතින් හිත රස්තියාදු ගහන සමහර වෙලාවට මේ වගේ අභූත අදහස් ඔළුවට එනවා.
මේ අදහසත් එක්ක ඔය දිගටම හිතාගෙන හිතාගෙන
යනකොට මට තවත් අදහසක් හිතට ආවා. ඒක ටිකක් සංකීර්ණ වුණාට හරිම විනෝදජනක අදහසක්. අපි
හැමෝම කල්පනා කරනවනෙ මහ පොළොව මත ජීවය බිහි වුණේ කොහොමද කියලා. ඒක පැහැදිලි කරන
විද්‍යාඥයෝ යෝජනා කරන්නේ මුහුදේ මුලින් ඇත් වූ ජීවය පසු කලෙක ගොඩබිමට අවතීර්ණ වුණා
කියලයි. කොහේ හරි විද්‍යා පාඩමක... නැත්නම් ඉස්සර විදුසර පත්තරේ කියවනකොට මේ
විස්තරේ මුලින්ම දැනගත්තු වෙලාවෙ මගෙ හිතේ ඇඳුණේ මාළුවෙක් වෙරළෙන් ගොඩට ඇවිත්
කෙලින් හිටගෙන වරල් දෙකකින් ඇවිදගෙන යන රූපයක්!
ඒත් පස්සෙ කාලෙක පොතින්පතින් මේ ගැන වැඩි
දුර විස්තර හොයාගෙන මේ උභතෝකෝටික ප්‍රශ්නයෙන් ටිකක් මිදෙන්න මට පුළුවන් වුණා. ඒත්
තාමත් අර මාලුවා ඇවිදගෙන යන රූපෙ නම් එහෙමම හිතේ තියනවා!!! මම අහලා තියෙන විදිහට
නම් මේ ගැන මුලින්ම කල්පිතයක් ගොඩ නැගෙන්නෙ ග්‍රීන්ලන්තයේ සිදුකරන ලද පර්යේෂණයකදී
හම්බවුණු පොසිලයක් මගින්. ඩෙවෝනියානු යුගයට අයත් මේ පොසිලගත වෙලා හිටපු ජලයේ වෙසෙන
සත්වයා වසර මිලියන 360 ක් පමණ පැරණි බව විද්‍යාඥයින්
හඳුනා ගන්නවා. මේ සත්වයාට තිබෙන්නෙ මාලුවෙකුට එහා ගිය උරග පෙනුමක්. නමුත් මුහුණ
මාළුවෙක් ආකාර ගන්නවා, ඒත් මාළුවෙකුගේ හිසට
වඩා ශක්තිමත්. මෙම සත්වයා මීටර එකක්, එහෙම නැත්නම්
අඩි තුනක් විතර දිගයි කියලා තමයි විශ්වාස කෙරෙන්නෙ. මේ සත්වයාව සාමාන්‍යයෙන්
හඳුන්වෙන්නෙ lobe-finned fish කියලා. වර්තමානයේ
ජීවත් වෙන coelacanth සහ lungfish කියන මාලු විශේශ මේ සත්වයාට නෑකම් කියනවා
කියලත් විශ්වාසයක් තිබෙනවා. මේ සත්වයාගෙ
අපූර්වත්වය වුණේ, ඌට අත්,පා පිහිටා තිබීමත් ඇඟිලි පිහිටා තිබායි. ඒ
විතරක් නෙවෙයි, මේ සත්වයාට ඇඟිලි අටක්
පිහිටලා තිබිලා තියෙනවා. පෙඳපාසි,කොළ ගහන, ඔක්සිජන් අඩු නොගැඹුරු දියෙහි තමයි මේ
සත්වයා ජීවත් වෙලා තියෙන්නෙ. මේ නොගැඹුරු දිය තුල/ගොහොරු බිම ඔස්සේ ඇවිද යන්න
පහසු වෙන විදිහට තමයි මේ සත්වයාගෙ අත්,පා සහ ඇඟිලි
පිහිටලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි,
නොගැඹුරු
දියෙහි අඩු ඔක්සිජන් ප්‍රමාණය ඇති නිසා ජලයෙන් මතු පිටට ඇවිත් හුස්ම ගැනීම සඳහා මේ
සත්වයාට පෙනහළු නිර්මාණය වෙලත් තිබෙනවා කියා විශ්වාස කෙරෙනවා. ඒ වගේම මේ සත්වයන්ට පිහිටා
තිබුණු අත්,පා,ඇඟිලි නිසා දියෙන් ගොඩට තමන්ව රැගෙන යන්න
පුළුවන්කම තිබෙනවා. නිකම් මතක් කරගන්න පුංචි දියකිඳුරි මුහුදු රැලි අතරින් වෙරළ
වෙනකම් තමන්ගෙ අත් දෙක පාවිච්චි කරලා යටිකය වරළ කොටස ඇදගෙන ගොඩබිමට සේන්දු වුණ
හැටි......
ඉතින් පසු කලෙක සිව්පාවුන්, උරගයින්, උභයජීවීන්, ක්ශීරපායීන් සහ කුරුල්ලන් බවට පත්වුනේ මේ
සත්වයින් කියලා තමයි විශ්වාස කරන්නෙ. අපේ පුංචි දියකිඳුරියට නම් සාගර පත්ලේ ඉඳන්
තමන්ගේ රාජධානිය අතහැරලා ගොඩබිමට එන්න හිතුණේ ආදරය නිසානෙ. එතකොට ඇයි මේ නොගැඹුරු
දියෙහි ජීවත් වුණු මේ උභයචාරී සත්වයින් ගොඩ බිමට සේන්දු වුනේ? ඇත්තටම හිතලා බැලුවොත් එයාලත් මේ ගොඩබිමට
එන්නෙ එක්තරා විදිහක ආදරයක් හින්දා තමයි. හැබැයි ඒ කඩවසම් කුමාරයෙක් හින්දා නෙවෙයි, එයාලට එයාලගෙ ජීවිතේට තියන ආදරය නිසයි! මේ
කාලේ සාගරයේ ජීවත් වුණාලු ඉතාම වේගවත් සහ භයානක මාළු විශේෂ. මේ මාළුන්ගේ වේගය
වැඩිවෙන්න එක් හේතුවක් වෙලා තියෙන්නෙ උන් සතු අමතර වරල් සංඛ්යාවක්. ඉතින් මේ
වේගවත් මාළුවගෙ දඩයමට, මේ නොගැඹුරු දිය පත්ල
මත ඉතාම හෙමින් ඇවිදගෙන යන සත්වයින්ව පහසු දඩයමක් වුණාලු. තමන්ගෙ ජීවිතාශාව හින්දම
පුළුවන් තරම් නොගැබුරු දියට සහ මඩ ගොහොරු වලට පලා ගිය මේ සත්වයින් අවසානයේදී
ගොඩබිම දිග්විජය කළා කියලා තමයි විද්‍යාඥයින් විශ්වාස කරන්නෙ.
මීට වසර මිලියන තුන්සිය හැට හැත්තෑවකට කලින්
මහපොළොවට සේන්දුවුණු ජීවීන් ගැන මේ සිද්ධාන්තය ඉදිරිපත් කරන්න මෑත කාලීන් විද්‍යාඥවරියක්
තමයි එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෙනිෆර් ක්ලැක්. නමුත් මේ
පොසිල භාවිතයෙන් මිහිමත අතීත ජීවය සොයායාමේ ගවේෂණය සහ ඒ පිළිබඳ නූතන යුරෝපයේ අධ්‍යයනය
පටන්ගන්නේ 14 වන ශතවර්ශය තුලදි.
නමුත් ඊට බොහෝ කාලයකට, ඒ කියන්නෙ ක්‍රිස්තුපූර්ව
480 වගේ කාලයේ ග්‍රීක
දාර්ශනිකයන් වන සිනෝෆිනීස්,
හෙරඩෝටස් වගේ
අය මුහුදු ජීවී පොසිල ගැන සඳහන් කරලා තිබෙනවා. 14 සිට 17 වන ශතවර්ශ කාලය තුල යුරෝපයේ ඇතිවන පුනරුද
සමයේ අධ්‍යයනය ඇරඹෙන මේ මාතෘකාව,
ඒ කාලයේ දී
කතාබහට ලක් වීම පුදුමයක් නොවේ. මොකද යුරෝපයේ පුනරුදයේ මූලික පදනම වෙන්නෙ ග්‍රීක
ශිෂ්ටාචාරය. ඒ නිසා මේවා අතර තියෙන සියුම් සහසම්බන්ධය ඔයාලට පේනවා ඇති.
මේ විදියට ඇරඹුනු පොසිල අධ්‍යනය එහෙමත් නැත්නම් පාෂාණීය ධාතු විද්‍යාව, වඩාත් නිවැරදිව ඇරඹෙන්නේ සහ වඩා ජනප්‍රිය වෙන්නෙ 17 සහ 18 වන ශතවර්ශ වලදීයි. මේ උඩින් දැක්වෙන සිතුවම ඇඳලා තියෙන්නෙ තියෙන්නෙ 1830දි Henry Thomas De la Beche කියන භූ විද්‍යාඥයා. මේ කාලයේදී මේ විෂය ඉතාම ජනප්‍රිය වෙලා තිබෙනවා. මෙන්න මේ කාලයේදි තමයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ජීවත් වෙලා තිබෙන්නෙත්. (1805-1875) සමහරවිට, එයාත් මේ විෂය ගැන උනන්දුවක් දක්වන්න ඇති. පුංචි දියකිඳුරිය කතාව ලියද්දි සමහර විට මේ අධ්‍යයනිත කරුනු ගැන රචකයෙක් විදිහට, පොතපත ඇසුරු කරන්නෙක් විදිහට යම් දැනුමක් ඇන්ඩර්සන්ට තිබෙන්නත් ඇති. මීට තවත් ටිකක් පසුකාලීනව සර් ආතර් කොනන් ඩොයිල් (1859-1930) Lost World කෘතිය (1912) කියන පොත ලියද්දීත් මේ පොසිල ආශ්‍රිත අධ්‍යයනය ජනප්‍රිය තලයක තිබුණා.
ඉතින් ආයෙමත් වතාවක් කාට හරි පුංචි දිය
කිඳුරිය කියවන්න හිතුණොත්,
මීට අවුරුදු
මිලියන තුන්සිය ගාණකට කලින් මේ මහපොළොව දිග්විජය කළ අපේ අතීත මුතුන්මිත්තන් ගැනත්
ටිකක් මතක් කරගමු!
ෂා නියමයි
ReplyDeleteඇටොම් අයියෙ ඉස්තූතියි!
DeleteSahithyayen widyawata
ReplyDeleteකියවල අදහසක් කිව්වට ස්තූතියි...
DeleteNiyamayi..😊😊👍👍
ReplyDeleteකියවල අදහසක් කිව්වට ස්තූතියි. :)
Delete++++++++++++
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Walking_fish
ReplyDelete“I must be a mermaid, Rango. I have no fear of depths and a great fear of shallow living.”
― Anais Nin
“It is not the strongest or the most intelligent who will survive but those who can best manage change.”
― Leon C. Megginson
මම නම් හිතන්නේ ඔය අන්තිමට දාල තියෙන පින්තුරේ තමා නියම හේතුව. ලෝකේ කොච්චර පරිනාමය උනත් ඒ මාළුවට අවුරුදු මිලියන ගානකට තිබ්බ ප්‍රශ්නේ තාම එහෙමම ඉතුරු වෙලා තියෙනවනේ.. විද්‍යාඥයෝ හරි නම් ඒ ගැන වැඩි දුර පරීක්ෂණ කරන්න ඕනේ... හෙහ් හෙහ්
ReplyDelete