ග්‍රීක මිත්‍යා කතාන්තර මහා ගොන්නක් අතරේ අද මම කියන්න හදන්නෙ පොඩි මල් කතාවක්. ලෝකෙ තිබෙන ලස්සන මල් බිහිවුණේ කොහොමද කියලා පැරණි ග්‍රීකයින් විවිධ කතාන්තර ගොතා කිව්වා. අද මම ලියන්නෙ ඒ අතරින් එන කතාන්තර කිහිපයක්. ආදරවන්තයින්ගේ දිනයත් ළඟපාත එන නිසා පුංචි මල් කතාවක් කිව්වොත් ගැලපෙනවා කියලා හිතුණා.
අනෙමොන් (Anemone)
මේ මලේ නම බොහොම ප්‍රසිද්ධ ආල කතාවකට සෘජුවම සම්බන්ධ එකක්. ආලයට අධිපති වූ
ඇෆ්‍රොඩයිට් දෙවඟනට සිටි එක් ආලවන්තයෙක් ලෙස සැලකෙන අදෝනිස් හට සිදුවුණු
විපත තමයි මේ මලට නම වැටෙන්න හේතුවෙන්නෙ. කාලෙන් කාලෙට වෙනස් වෙන
ඇෆ්‍රොඩයිටිගෙ ආලවන්තයින් අතර ලොක්කෙක් තමයි ඒරිස් හෙවත් යුධ දේවතාවා.
ඒරිස් එක්ක ඇෆ්‍රොඩයිටි හාද වෙලා ඉන්න කාලෙ ඒරිස් ඇගේ හිටපු පෙම්වතා
අදෝනිස් ගැන ඊර්ෂියාකම් කරනවා.
මෙහෙමයි, කොහොමත් මේ ග්‍රීක කතාන්තර වල අනුවාද කීපයක්ම තිබෙනවා. ඉතින් කතාව අතරමගදී එක් එක අනුවාද වල යම් යම් කරුණු වෙනස් වෙනවා. අදෝනිස් කියන්නෙ ඉතා කඩවසම් දඩයක්කරුවෙක්. ඔහුගේ උපත සිදුවෙලා තිබෙන්නෙ ව්‍යභිචාරයෙන් කියලා තමයි ජනප්‍රවාදයේ පැවත එන්නෙ. මිරා කියන කුමරිය සයිප්‍රසයේ සිනිරස් නම් වන සිය පිය රජු පිළිබඳ කාම සිත් ඇතිව ඔහු හා රාත්‍රී නවයක් නිදිවැදුණාලු. මේ කාම සිතට මුල් වෙලා තිබෙන්නේ ඇෆ්‍රොඩයිටිගේ සාපයක්. තමා නිදිවැද තිබෙන්නේ තමාගේම දියණිය සමග කියා දැනගන්න රජතුමා බොහෝම කේන්තියට පත්වෙලා ඇයව මරාදාන්න සෙව්වාලු. ඇෆ්‍රොඩයිටිගේ ඉල්ලීම මත දෙවිවරු මැදිහත්ව මේ කුමරිය ගසක් බවට පත් කලාලු. ගසක්ව සිටියදී මේ කුමරිය අදෝනිස්ව බිහි කලා කියා තමයි කියන්නෙ. සමහර කතාන්තර වල කියැවෙනවා අදෝනිස් සිය උපත පිළිබඳ ඇෆ්‍රොඩයිටි සමග කේන්තියෙන් සිටිය බව. තවත් කතාන්තර වල නම් ඒ බවක් සඳහන් වෙන්නේ නෑ.
ඒ කොහොම නමුත් අලුත උපන් අදෝනිස් ළදරුවාව ඇෆ්‍රොඩයිටි වේවැල් පෙට්ටියක දාලා මළවුන්ගේලොව රැජිණ වූ පර්සිෆෝනාට භාර දෙනවාලු. අදෝනිස් තරුණයකු වෙන තෙක් හැදී වැඩෙන්නේ ඈ යටතේයි. අදෝනිස් ඉතාම කඩවසම් තරුණයෙකු ලෙස හැදීවැඩුණු පසු ඇෆ්‍රොඩයිටිට මේ තරුණයා පිළිබඳ සිත් ඇතිවේලු. නමුත් බොහෝ කලක් හදාවඩා ගත් නිසා ඔහුව ආපිට ලබා දෙන්න පර්සිෆෝන් කැමති වෙන්නේ නෑ. මේ හබය විසඳීමට අනෙකුත් දෙවිවරු මැදිහත් වෙනවාලු. දිවි වරුන්ගේ මහ දෙවි සියුස් අදෝනිස් හට අණ කරනවා වසරේ තුනෙන් එකක් පර්සිෆෝනා සමගද තවත් තුනෙන් එකක් ඇෆ්‍රොඩයිටිට් සමග ද ඉතිරි තුනෙන් එක තමන් රිසි කෙනෙකුද හා ගත කරන්නට කියා. අදෝනිස් තම රිසි කාලය ඇෆ්‍රොඩයිටි හා ගත කරන්න තෝරාගන්නවාලු.
මෙන්න මේ තෝරා ගත් කාලය තුල දිනක් අදෝනිස් වනයේ දඩකෙළියේ නිරත වෙලා ඉන්නා විට ඒරිස් දරුණු වල් ඌරෙකුගේ වෙස් ගෙන අදෝනිස්ට පහර දී මරා දරුණු තුවාල කරනවා. සමහර කතාන්තර නම් කියන්නේ, අදෝනිස් ඉතා හොඳ දඩයක්කරුවෙක් නිසා ඒ ගැන ඊර්ශියාවෙන් ආටිමිස් දේවතාවිය වල් ඌරෙකු එව්වා කියායි. ඒ කෙසේ නමුත්, මරණාසන්නව වැටී කෙඳිරිගාමින් සිටි අදෝනිස්ගේ කෙඳිරිල්ල ඇෆ්‍රොඩයිටිට ඇසෙනවා. ඈ ඉක්මනින් එතනට ආවත් ඈ එතකොටත් ප්‍රමාද වැඩී. සිට හිටපු පෙම්වතාගේ නිසල සිරුර සිට දෑතට ගත් ඇෆ්‍රොඩයිටි දෙවියන් පානය කරන අමෘතය ඒ දේහයට ඉස්සාලු. අදෝනිස්ගේ රුධිරයත් සමග එක් වූ අමෘතයෙන් මේ අනෙමොන් කියන මල ඉපැදුණා කියලා තමයි කියැවෙන්නෙ. අදෝනිස්ගේ අකාල මරණයට සමාන කෙටි ජීවිතයක් තමයි මේ මලටත් තියෙන්නෙ. මේ මල පිබිදෙන්නෙ සුළං හමන විටදියි.ඊට පසුව එය ඉක්මනින්ම මිලින වෙලා යනවා. සුළඟේ උදව්වෙන් පිබිදෙන නිසා තමයි මේ මලට ඒ නම ලැබිලා තිබෙනවා කියන්නෙ.

*අදෝනිස් පිළිබඳ මේ කතන්තරය ගෙන එන්නේ ඔවිඩ් නම් ග්‍රීක කවියෙකුයි. ඒ මෙටමෝපෝසිස් නම් ඔහුගේ කෘතියේ එන විස්තරයක දීය.
අයිරිස් මල් (Iris)
අයිරිස් මල් නම් කොට ඇත්තේ ඔලිම්පසයේ මහ දෙවි සියුස් සහ මව් රැජිණ හේරාගේ පණිවුඩ ගෙනයන දේවතාවිය නමින් කියා තමයි ග්‍රීක වැසියන් විශ්වාස කරන්නේ. අයිරිස් දේවතාවිය දේදුන්නට අධිපතිනියයි. අයිරිස් යන වචනයෙහි අරුත දිව්‍ය ලෝකයේ ඇස යන්නයි.
හිසැන්තියා මල් (Hyacinths)
හිසැන්තියා මල් නම් කෙරෙන්නෙ ඉතාම කඩවසම් ස්ප්‍රාටානු තරුණයෙකුගේ නමින්. ඔහු කෙතරම් සුන්දර තරුණයෙකුද කිව්වොත් ඇපලෝ දේවතාවාත්, බටහිර සුළඟට අදිපති දේවතාවත් යන දෙන්නාම මේ හිසැන්තියස් ගැන පිළිබඳ සිත් ඇති කරගන්නවා. වරක් ඇපලෝ දේවතාවා මේ තරුණයාට කවපෙත්ත විසි කරන ආකාරය කියාදෙමින් ඉන්නකොට, ඒ පිළිබඳ ඊර්ෂියාවට පත්වුණු බටහිර සුළඟ, එම කවපෙත්තෙන්ම හිසැන්තියස් තරුණයාගෙ ගෙල සිඳ දැම්මා කියලා තමයි කියැවෙන්නෙ. මේ සුන්දර තරුණයා අකල් මරනයෙන් පසු හිසැන්තියා නම් මලක් බවට පත්වුණු බවයි මිත්‍යා කතාන්තර වල කියැවෙන්නෙ.
නාසිසස් (Narcissus)
ග්‍රීක දේශයේ ජීවත් වූ නාසිසස් නම් තරුණයෙකු සිටියා. ඔහු ඉතාම කඩවසම්. තරුණියන් බොහෝ දෙනෙකු නාසිසස් ගැන පිළිබඳ සිත් ඇති කරගෙන දුක් වුනා. මේ තරුණයා තමන්ට තරුණියන් ආකර්ෂණය වීම ගැන උඩඟු සිත් ඇති කරගෙන මේ සියළු තරුණියන්ට ඉතාම කෲර ලෙස හැසිරුණා. කිසිවෙකුට අනුකම්පා කලේ නැහැ. මේ අකරුණාවන්තකම පිළිබඳ උරණ වුණු දෙවිවරු නාසිසස්ට සාප කලා. මෙතෙක් කලක් නාසිසස් තමන්ගෙ රූප ස්වභාවය සියැසින් දැක තිබුනේ නැහැ. ඔහු විල් තෙරක් අසබඩ ඉන්නා වෙලාවක අහම්බෙකින් වගේ තමන්ගේ ඡායාව පිරිසිදු නිල් දිය තුල දකිනවා. ඔහු තමන්ගේම රූප ස්වභාවයට වසඟ වෙනවා. දවස තිස්සේම, දිවා රෑ නැතිව සති ගනන් නාසිසස් විල් තෙරෙන් පෙනෙන තමන්ගෙ රුව දිහා බලාගෙන ඉඳ ඉඳලා වියැකිලා යන්න පටන් ගන්නවා. අවසානයේදී ඔහුව විල වෙත නැඹුරු වුණු මලක් බවට පත් වෙනවා. එදා ඉඳන් ඒ මල් හඳුන්වන්නේ නාසිසස් නමින්.
මේ කතාවෙ තවත් අනුවාදයක් තිබෙනවා. ඒ නාසිසස් සහ එකෝ නම් වනදෙවඟන්ගේ කතව. එකෝ නම් වනදෙවඟන කතාවටත්, කේලාම් කීමටත්, ඕපාදූප දෙඩවීමටත් බොහොම දක්ෂයිලු. වරක් හේරා දෙවඟන එකෝගේ මේ දෙඩවිල්ල නිසා ඈ සමග කේන්ති ගන්නවාලු. සමහරු නම් කියන්නෙ එකෝ වරක් හේරා දෙවඟනගේ සැමියා වන සියුස් මහදෙවිඳුන් වන දිව්‍යාංගනාවන් පිරිසක් සමග අනඟ රැගුම් පාද්දී, ඒ ක්‍රියාව අතටම අල්ලගන්න උත්සාහ කරපු හේරා දෙවඟනට බාධා කරලා මහ දෙවිඳුත් තමන්ගෙ මිතුරියනුත් බේරා ගත්ත තරහට හේරා එකෝ සමග කේන්ති ගත්තා කියලය්. කොහොම නමුත්, හේරාගේ සාපයට අනුව, එකෝට කතා කරගන්න බැරිව යනවා. ඇයට පුළුවන් අන් කෙනෙක් කියන දෙයක අවසන් වචන කිහිපය ප්‍රතිරාව නංවන්නට පමණයි. දුක සේ වනන්තරයක කාලය ගත කරන එකෝ දෙවඟන නාසිසස් නම් ඉතා කඩවසම් තරුණයා දකිනවා. ඕ ඔහුත් සමග ප්‍රේමයෙන් වෙලුණත්, ඇගේ ආලය ප්‍රකාශ කරන්න ඇයට බැහැ. දිනක් හොර රහසේම එකෝ නාසිසස් පසුපස එනවා. ඇගේ පයට පෑගෙන කෝටුවක් බිඳී යන හඬ අසා නාසිසස් කලබල වෙනවා. "කවුද ඔතන?" ඔහු අහනවා. "ඔතන...ඔතන..." එකෝට කියන්න පුලුවන් එපමණයි. නාසිසස් තරුණයා හරිම උද්දච්චයි. බොහෝ තරුණියන් ඔහුට ආලය කලත් ඔහු ඒ කිසිවෙකුට පෙරළා ආලය කරන්නේ නැහැ. මෙයින් ඉතාම දුකට පත්වන එකෝ සිය හදවතේ වේදනාව නිසාම බොහෝ කෘෂ වී ගිහිල්ලා අවසානයේ ඇයව නොපෙනී ගියාලු. නාසිසස් තරුණයා එකෝගේ හඬ ඇසූ දිනම, වෙහෙසව විල් තෙරකට පැමිණ ඉන් සිය රූපය දුටුවාලු. නාසිසස් කුඩා කළ එක්තරා අනාගත වාක්‍යක කියවිලා තිබෙනවාලු, නාසිසස් බොහෝ කලක් ජීවත් වේවි, ඔහු සිය රුව සියැසින් නොදකින තුරා කියලා. ඉතින් පැහැදිලි විල් දිය ජලයෙන් සිය රූපය දකින් නාසිසස් තමන්ගේම රූපයට ආලය කරන්න පටන්ගන්නවාලු. ඔහු තමන්ගෙ රූපය දෙසම බල බල ඊට් ආලය කරමින් තමන් වෙත එන්න කියලා ඉල්ලා සිටිමින් හඬා වැටෙනවා. හරියට ඔහුගේ ආලය ඉල්ලා හඬා වැටුණු එකෝ වගේ. අවසානයේ දුකට පත් නාසිසස් එකෝ වාගෙම කෘෂ වෙමින් ගොස් නොපෙනී යනවාලු. අවසානයේදී ඔහු එතැනම විල් දියට නැඹුරු වී පිපෙන නාසිසස් මලක් බවට පත් වෙනවාලු.
ක්‍රොකස් (Crocus)
ක්‍රොකස් කියන්නේ හර්මීස් දේවතාවාගේ මිතුරෙක්. ඔහු වරක් හර්මීස් දේවතාවා සමග යම් ක්‍රීඩාවක නිරත වෙලා ඉන්නා විට හදිසි අනතුරකින් මිය යනවා. මෙසේ මිය යන ක්‍රොකස්ගේ ශරීරයෙන් ලේ බිඳු තුනක් මහපොළොව මත වැටෙනවාලු. ක්‍රොකස් මල් උපදින්නේ ඒ විදියටයි.
මේ මලේ උප්පත්තිය පිළිබඳ තවත් කතාන්තරයක් තිබෙනවා. ඒකට අනුව ක්‍රොකස් කියන මනුශ්‍ය තරුණයා ස්මිලැක්ස් නම් වනදෙවඟන හා ආලයෙන් වෙලී ඉතාම දුකට පත්වෙනවා. ඒ නිසා දෙවිවරු තීරණය කරනවා ඔහුව කහ ගසක් (Saffron) බවටත් ස්මිලැක්ස් වනදෙවඟන ගිරිතිල්ල වර්ගයේ වැලක් බවටත් හරවන්න.
ඩැෆ්නි (ලෝරල්) (Laurel)
ඩැෆ්නි නමින් එක්තරා වන දෙවඟනක් වාසය කළා. ඇය කන්‍යාවක් ලෙස දිවි ගෙවීමට ආටිමිස් දෙවඟනට කැපවී සිටි වන තරුණියක්. ඇගේ පියා ගංගා දේවතාවයි. ඇපලෝ දේවතාවා වරක් කියුපිඩ් (මල්සරා) හට විහිළු කරනවා. ඇපලෝ කියන්නේ දුනුහී වලට අධිපති දේවතාවායි. කියුපිඩ් සතුව තිබෙන්නේ මල් ඇමුණූ හීතල. මේ බව කියලා ඇපලෝ කියුපිඩ්ට විහිළු කරනවා. මින් කෝපයට පත් කියුපිඩ් ඇපලෝගෙන් පළිගන්න තීරණය කරනවා. ඔහු ඇපලෝ දේවතාවාට ඩැෆ්නි ගැන පිළිබඳ හිතක් ඇතිවෙන්න රන් හීසරයක් විදිනවා. ඒ ගමන්ම ඩැෆ්නි දෙවඟනට ඇපලෝ පිළිබඳ ජුගුප්සාවක් ඇතිවෙන්න ඊයම් ඊතලයක් විදිනවා. ඇපලෝ දේවතාවා ඩැෆ්නිට වහ වැටිලා ඈ පසුපස පැන්නුවත් ඩැෆ්නි ඔහුගෙන් බේරී පලා යනවා. මේ විදියට ඇපලෝ ඩැෆ්නි පස්සෙ ගිහින් ගිහින් අන්තිමට කියුපිඩ්ට දුක හිතෙන නිසා ඩැෆ්නිව අල්ලා ගන්න ඇපලෝට උදව් කරනවා. නමුත් ඇපලෝ දේවතාවා ඩැෆ්නිව අල්ලාගන්න කොටම ඇය තමන්ගේ පියාට/ආර්ටිමිස් දේවතාවියට තමාව බේරගන්න කියලා ඉල්ලීමක් කරන්නවා. ඊට ඇහුම්කන් දීලා ඩැෆ්නි වනදෙවඟනව ලෝරල් ගසක් බවට පත් කරනවා. යළි පියවි සිහියට පැමිණෙන ඇපලෝ දේවතාවා ඩැෆ්නිට ගෞරවය පිණිස ලෝරල් අත්තක් පලඳිනවා. ඒ වගේම ඔහුගේ පූජනීය ගස බවටත් ලෝරල් ගස පත්කරගන්නවා. ඒ වගේම ඔලිම්පික් උළෙලේ ශූරයින්ටත් පලඳවන්නේ ලෝරල් හිස් පලඳනාවකයි.
රෝස (Rose)
මල් ලොවේ රැජිණ වන රෝස බිහිවෙන්නේ මල් වලට අධිපති දෙවන්නගන වන ෆ්ලෝරා
අතින්. වරක් ඇය වනාන්තරයේ ඇවිදින්න යනවිට මියයමින් සිටි වනදෙවඟනක්
හමුවෙනවා. ෆ්ලෝරා දේවතාවිය ආලයට අධිපති දෙවඟන ඇෆ්‍රොඩයිටිව සහ වයින් වලට
අධිපති ඩයොනිසස් දේවතාවත් මියයමින් හුන් දෙවඟන සිටි තැනට කැඳවා ගන්නවා. මිය
ගිය දෙවඟන මලක් බවට පරිවර්තනය වන විට ඇෆ්‍රොඩයිටි දෙවඟන එයට සුන්දරත්වය
තෑගි කරනවා. ඩයොනිසස් දේවතාවා එම මලට ඉමිහිරි සුවඳක් ලැබෙන ලෙස අමෘතයෙන්
බිඳක් ඉසිනවා. බටහිර සුලඟ අහසේ වළාකුළු මෑත් කොට හිරු දෙවියාට බැබලීමට
සලස්වනවා. දීප්තිමත් හිරු එළියේ මේ අපූරු කුසුම පුබුදිනවා. ඒ තමයි මල් ලොව
රැජිණ වන රෝස කුසුම.
මල් ඉපදෙන්නේ එහෙනං මලමිනිවලින්
ReplyDeleteහෑපු ඇටොම් අයියා ඒක කිව්ව කැත ඉතරක්!!!
Deleteනෙලුම් මල විෂ්ණුගේ බුරියෙන් ආවයි කියනවා. (පොහොට්ටුවක් විදිහට වෙන්න ඇති )
ReplyDeleteමේ තවත් අද්බූත මල් :http://www.icytales.com/mystique-flowers-ancient-india/
මේ මේ කින්ඩි දාන්ඩ එපා හරිය ..... සර්
Deleteහික් හික් පොහොට්ටුව උපන්නේ මරා මහ දෙවිදුන්ගේ බුරියෙනි!!! හැක හැක හැක
Deleteහික් හික් පොහොට්ටුව උපන්නේ මරා මහ දෙවිදුන්ගේ බුරියෙනි!!! හැක හැක හැක
Deleteයකෝ ඒ කාලෙනෙ ඉන්ඩ තිබ්බෙ..... අයි ඩොන්ට් නෝ වයි??? මුන් හෙන කාමුකයි නේ.....
ReplyDeleteනෑ බම්. ඉස්සර උන් අය ඔයි ගැන කලාතමක විදියට විවෘතව කතා කළා. අද කාලෙ ඉතිම් සුදු පිරුවටෙන් වැසූ මහා කුනු ගොඩක් නෙව තියෙන්නෙ.
Delete