Monday, February 10, 2020

දං පඳුරට ආ රැහැයියා

                                                        Update එකක් පහළින් එල්ලා ඇත.

හොබෝටික්කා ගෙදර ඈයින්ට එහෙම්පිටින්ම හෙන ඩිසපොයින්ට්මන්ට් එකකි. අපේ වර්ගයේ හුඟක් එවුන් මෙන් හොබෝටික්කාට ද මුලින්ම යුධ වදින්නට වුයේ ගෙදර ඈයින් සමඟය. ඒවා සොඳුරු සහ අඳුරු සටන් ය. සමහර අවස්ථාවල ඒ සටන් වලින් දෙපාර්ශවයම දිනයි. නමුත් සමහර විටෙක දෙපාර්ශවයම පරාජය වෙයි. හොබෝටික්කාට කවදාවත් උපාධියක් ගන්නට, ලොකු රස්සාවල් කිරීමට හෝ සල්ලි හම්බ කරන්නට හෝ කාර් එකක් ගන්නට ගෙයක් හදන්නට පවුල් වෙන්නට වගේ සමාජ-අරමුණු සාක්ශාත් කරගැනීමේ අභිලාශ තිබුණේ නැත. ඒවා සමහරක් ඉබේම සිදු වී තිබුණත්, ඒවා නැතැයි කියා හොබෝවාට ගාණකුත් නැත. උදේ හවහා පන්සිල් නොගත්ත ද වැස්සකට හෝ පන්සලකට නොගිය ද හොබෝවා බොහෝ දේ අතහැර හිතේ නිස්කාංසුව සොයන එකෙකි.  හොබෝවා කළේ හැමදාමත් රස්තියාදු ගැසීමය. පත්තර රස්සාවක් හොයාගත්තේ ද රස්තියාදු ගැසීමටය. 

 "ඇයි ඔයාට සාමන්‍ය ළමයෙක් වගේ හිතලා ජීවත් වෙන්න බැරි?" හොබෝවාට මූණදෙන්න වෙන්නේ ඒ වගේ ප්‍රශ්න වලටය. ඒවාට උත්තර දීමට කොනක් හිතාගත නොහැකි නිසා බොහෝ වේලාවට හොබෝවා නිහඬව සිටින්නේය. මං හිතමතා මේ වගේ වුණා නෙමේ කියා කියන්නට සිතුණ ද ආයෙ පස්සේ ඔහේ නිකම් ඉන්නට හොබෝවා සිතයි. හොබෝවාව ඇහෙන්නේ දැනෙන්නේ සහ අවබෝධ කොට ගන්නේ එහෙමත් එකෙක් නිසා හොබෝවාව තේරුම් නොගන්නා සියලු දෙනාටම ඉතසිතින් සමාව දීමට හොබෝවා සූදානම්ය. හැමෝම රස්තියාදුවේ යන්නට අකමැතිය. සමහරුන්ට කම්මැලිය. සමහරු බයය. උන් හොබෝවාව තේරුම් නොගත්තාට උන්ගේ කෝණයන්, මානයන් සහ භීතිකාවන්, ආශාවන් පිළිබඳ යම් ඇතුලාන්තමය අවබෝධයක් ගන්නට හොබෝවාට හැකිය. ඒ හොබෝවා හැකිතාක් අනිත් උන්ගේ ජීවිත සඳහා තීරණ නිකුත් නොකරන බැවිණි. 

හොබෝවාට තිබුණු එකම අරමුණ ලිවීමය. ඒ අරමුනේ එක් ප්‍රයත්නයක් සාර්ථකව ඇත. ඒ නිසා මේ ගුරු දා (13) මහවැලිය අසබඩ හොබෝවගේ පළමු ස්වතන්ත්‍ර නිර්මානය එළිදැකීමට නියමිතය.එය කෙටි කතා එකතුවකි. නමින් "දං පඳුරට ආ රැහැයියා" ය. 2019 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසාන වටයට නිර්දේශිත් වූ මේ කෙටිකතා සංග්‍රහය පිළිබඳ මගේ බ්ලොග් ලියන, කියවන සනුහරයට දැන්වීමට සිතූවෙන් ලිවීමි. ජය!  



Event and Location - 2019 ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය කළ කෘති දොරට වැඩුම සහ ජයග්‍රාහී ලේඛක ලේඛිකාවන්ට සම්මාන සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මහවැලි කේන්ද්‍රයේ දී සවස තුනට
  2020. 02. 13 

UPDATE: 

2019 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්තම කෙටිකතා සංග්‍රහයට හිමි සම සම්මානය "දං පඳුරට ආ රැහැයියා" කෘතියට හිමි විය. 

ඒ සමඟ සම සම්මාන දිනූ අනෙක් කෘතිය Sandini Prarthana Tennakoon ගේ "ගඩ්නේවාලා" කෘතියයි. සඳිනිට සුබ පැතුම්!

24 comments:

  1. Replies
    1. පැණිකු ස්තූතියි! ඔන්න පොත කියවල අදහසක් ඕනෙ.

      Delete
  2. Replies
    1. ස්තූතියි තිලකසිත!හැකිනම් පොත කියවලා බලන්න.

      Delete
  3. ගොඩගේ එකෙන් නිවසටම පොත් ගෙන්වා ගැනීමේ පහසුකමක් තිබෙනවාලු. දුරකතන අංක 0112685369 අමතන්න කියලා කියනවා.

    ReplyDelete
  4. ඒ වෙලාවේ සේවා ස්ථානයේ ඉන්නම වෙන නිසා එන්න වෙන්නෙ නෑ. ඒත් පොත ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඔව්, රාජකාරි වෙලාවනේ. ඒකට කමක් නැහැ. පොත ගන්න. ගොඩගේ එකේ තිබෙනවා. එයාලට කියලා ඔන්ලයින් වගේ ඕඩර් කරගන්නත් පුළුවන්. Kbooks.lk එකටත් එනවා.

      Delete
  5. සුභ පැතුම් , කොහෙන්ද ගන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ගොඩගේ එකෙන් ගන්න පුළුවන්.ගොඩගේ එකෙන් නිවසටම පොත් ගෙන්වා ගැනීමේ පහසුකමක් තිබෙනවාලු. දුරකතන අංක 0112685369 අමතන්න කියලා කියනවා. Kbooks online වල තිබේ අද ඉඳන්.

      Delete
  6. සුභ පැතුම්..නිවියන කෙටිකතා පහනට ගිනි සිළුවක්...දංපදුරට ආ රැහැයියා...ජයම වේවා..

    ReplyDelete