මං වැඩියෙන්ම කැමති කට දැවිල්ලට ලුණු ඇඹුල් සහෝදරකමට ඉන්න රහ කොච්චි
සම්බෝලයක් එක්ක සුදු බත් කන්න. මොන පාන්දර ජාමෙක උනත් ඒ වගේ සම්බෝලයක් බතක්
අඹරනවාය කියන්නෙ ඉතින් අමාරු කාරියක් නෙමෙයි. යහමින් කොච්චි සම්බෝලෙ බතුත්
එක්ක අනාගෙන කනකොට තමයි ඔන්න දත් ටික මැද්දට හිරවෙලා දිවක් තියනවා කියලා
දැනෙන්නෙ.
හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා කරන්න බැරිද කිව්වලු. කොහොමද හොඳ පොල් සම්බෝලයක් එක්ක යහපත් කරෝල කෑල්ලක් තෙල් දාලා හරි නිකාම්ම තෙලේ දාලා බැදලා ගත්තනම් කාරිය? රතට රතේ පිම්බිලා තියන නයි කොච්චියක් එහෙම නැත්නම් දම් පාට බෝල කොච්චියක් වගේ එහෙම කරෝල තෙල් දැමිල්ලට එක්කහු කලාට මගේ නම් ඕං කිසීම තරහක් නෑ ඕං කිව්වා. හොඳට බත් ඇට ටික වෙන්වෙන්ට මුතු ඇට වගේ පොඩි සම්බා හාලකුත් එක්ක තමයි මම නම් ඔහොම කරෝල බැදුමකුයි සම්බෝලෙයි කන්න කැමතියි.
හැබැයි ඉතින් මගේ කෑම ආසාව එතනින් නතර වුනානම් මොනා කරන්න බැරිද කිව්වලු. කොහොමද හොඳ පොල් සම්බෝලයක් එක්ක යහපත් කරෝල කෑල්ලක් තෙල් දාලා හරි නිකාම්ම තෙලේ දාලා බැදලා ගත්තනම් කාරිය? රතට රතේ පිම්බිලා තියන නයි කොච්චියක් එහෙම නැත්නම් දම් පාට බෝල කොච්චියක් වගේ එහෙම කරෝල තෙල් දැමිල්ලට එක්කහු කලාට මගේ නම් ඕං කිසීම තරහක් නෑ ඕං කිව්වා. හොඳට බත් ඇට ටික වෙන්වෙන්ට මුතු ඇට වගේ පොඩි සම්බා හාලකුත් එක්ක තමයි මම නම් ඔහොම කරෝල බැදුමකුයි සම්බෝලෙයි කන්න කැමතියි.
දැන් මෙහෙමෙයි, ගොඩක් අය කන්න කැමති උණු උණුවට බත්. ඒත් වැඩේ කියන්නෙ මං එහෙම උණු බත් කන්න කැමතිම නෑ. එතකොට මාළුපිනි වල රස මට දැනෙන්නෙ නෑ. වෙන එකම දේ, කට පුච්චා ගැනීම සහ කට දැවිල්ල ඉස්මුරුත්තාවටම ඒමයි.
ඕන් කියනකොට මතක් වුණේ, හොඳ කිරට බීට් අලයක් උයාලා බත් එක්ක කන්නත් මං හරි මනාපයි.ආයෙ වෙන මුකූත්ම ඕනෙ නෑ. ඒ වගේම තමයි යහමින් අබ ටිකක් අඹරලා දාලා අම්ම උයන කැකිරි මාළුව. (දැන් ඉතින් අහන්න එපා හොබෝ ටික්කො උඹ මොනා කන්නද අකමැති කියලා!)හොඳ සැපට හැදුණු පිටි වැඩියෙන් තියන වට්ටක්ක කෑල්ලක්, ලාවට තිත්ත රහ එන්න කරවිල මාළුවක්, එතකොට තව රසට ගුණට කන්න අඟුණ කොළ මැල්ලුමක්...
ඔන්න ඕව මතක් කරනකොට මට එක්තරා නොස්ටැල්ජියාවක් හැදෙනවා. ඉස්සර ගෙදර ලඟ වෙලේ සරුසාරෙට හැදිලා තියෙන ගිරා පලා කඩාගෙන ඇවිත් කිරි රහට රසට රසේ මැල්ලුමක් හදනවා මට අද වගේ මතකයි. ඒත් අද එහෙම බෑ. වෙලවල් පුරාම එක එක වල් නාශක. කෘමි නාශක. නිදහසේ පලාකොළයක් කඩාගෙන කන එකත් ලේසි වැඩක් නෙමෙයි අද කාලෙ.
හොඳ පැහුණු දෙල් ගෙඩියක් උයනකොට වත්ත පහළ මැල්ල ගහෙන් මැල්ල කොල ටිකක් කඩාගෙන ඇවිත් බැදගෙන කනකොට මට පොඩි කාලෙ දැනුනෙ මාත් මඩොල් දූවෙ උපාලියි ජින්නයි වගේ කියලා. වත්ත වටේට ඇවිදලා මයියොක්ක දළු, ජපන් බටු කොළ, තෙබු කොළ කඩාගෙන ඇවිල්ල මැල්ලුමක් හදනකොට ඒක හරි විසාල විනෝද සවාරියක් ගියා වගේ තමයි. කොරැල් දූපතේ අතරමන් වෙච්චි ළමයි ටික රහට රහේ කෑම හදාගන්න සීන් එක මතක් කරගෙන තමයි මම මැල්ලුමට කොළ හොයන්නෙ.
මස්මාංස ගැන නම් මට එහෙමට කියලා ලොකූ පිරියක් නෑ. ඉඳලා හිටලා කුකුළු මස් ඉස්ටුවක්, කුකුළු මස් හොද්දක් කෑවොත් මිසක ඔය කිරි අම්මලගෙ මස්, දන්නෝ දනිති මස් එහෙම මං කාලම නෑ. හැබැයි ඉතින් මාළු කන්න නම් හරි කැමතියි.
මට මතකයි මං පොඩි කාලෙ
තාත්තා එක්ක මාළු ගන්න පාන්දර බස් එකේ මීගමු යනවා. අපි ප්ලාස්ටික්
බාල්දියක් එහෙම අරගෙන යන්නෙ. පාන්දරම ලෙල්ලමට ගියාම ඉතින් එක එක ජාතියෙ
මාළු. මට මතකයි, මහ විසාල පර්වතයක් වගේ කළු ගෑණු මනුස්පයෙක් දැල් වලින්
කොටු කරල පාර්සල් කරපු පණ ඇති කකුළුවෝ විකුණනවා. මං කට ඇරගෙන බලාගෙන හිටියා
මතකයි ඒ දිහා. ඉතින්, අලුත් මාළු අරගෙන අපි ගෙනාපු බාල්දියත් පුරෝගෙන
තාත්තයි මාය් ගොඩවෙනවා උදේ කෑම කන්න කඩේකට. අපි දෙන්නම ඉඳි ආප්ප කන්න හරි
රුසියො. ඉතින් අපි ඉඳි ආපයි කිරි මාළුයි තමයි කන්නෙ. ආයෙ ඉතින් රහ ගැන
කියන්න ඕනෙ නෑනෙ. අර සයිවර් කඩ වල තියෙන ටින් බාල්දි වලින් යාරෙට හොදි
වක්කරනවා මට තවම මතකයි. හොඳ හැටි බඩකට පුරෝගෙන මාළු බාල්දියත් අරගෙන අපි
දෙන්න එළිය වැටෙන්න පටන් ගන්නකොට ආපිට ගෙදරත් ඇවිල්ල අහවරයි. මට මතකයි
ඉස්සර අපෙ අම්මා අනුරාධපුරේ ගුරු පුහුණු ඉන්න කාලෙ මායි තාත්තයි කෝච්චියෙ
අම්මව බලන්න යනවා. තාත්ත මට මුද්දරස්පලං දාපු බනිස් ආගෙන දෙනවා යනගමන් කකා
යන්න කියලා. මාත් ඉතින් බෑ නොකියා කනවා. අපි එදා ඉඳන් ඔය කෑමට බීමට ඇඹරෙන
ජාතියක් එහෙම නෙමෙයි ඔන්න.
මං බත් කන ගමන් රතු ළුුණු, අමු තක්කාලි, අමු මාළු මිරිස් කන්න හරි ආසයි. මං
පොඩි කාලෙ මට තක්කාලි ඇලජික්. ගෑවුණත් පළු දාලා කසලා සෙම ඇවිස්සෙනවා. ඒ
කාලෙ තමයි මට තක්කාලි කන්න පෙරේතකමක් ආවෙ. පස්සෙ පස්සෙ තක්කලි ඇලජික් එක
නැතිව ගියා. ඒ නිසා ඉතින් දැන් නම් මොන තක්කාලියක්වත් මගේ ඇහෙන් බේරිලා
එළවළු බක්කියෙ හැංගිලා ඉන්නවා බොරු. වතාවක් මම ඔය රටපිට ගිය වෙලාවක
ගොවිපොළකට යන්න වාසනාව ලැබුණා. කෑමකට ඇරයුමකුත් ලැබිලඉ තිබුණේ. ගොවිපොළේ
අලුත් එළවළු පලතුරු සහ මල් වලින් පිරුණු පාට පාට ලෝකයක් මේසෙ උඩ තිබුණා
මතකයි. හප්පේ, "ගාඩන් සලාදෙ" තිබුණු ලා දළු සහ සුදු පාට, දම් පාට සළාද
කොළයි ඇබිත්තං බෝල තක්කාලි වලයි රහ!
කාලා ඌෂ්ණ බිබිලි දාලා කස කසා ඉන්න වුණත් කමක් නැත් දෙයක් තමයි අච්චාරු
කියන්නෙ. කොළපොතකින් කට වහපු මැටි මුට්ටියක විනාකිරි සහ අබ සුවඳ ගොජ ගොජ
ගාන සිංහල අච්චාරුවක රහ අපට කියල දෙන්න එපා මහත්තයෝ, කියලා තමයි කියන්න
වෙන්නෙ ඉතින්, හා නැද්ද? ඔය සිංහල අච්චාරුවට කැරට් දාන එක තරම් කේන්තියන
එකක මට තවත් නෑ. අමු පැපොලක රහ වගේද හා?
හැබැයි ඉතින් අම්මා සූප විස්කම් දාලා හදන මැලේ අච්චාරුවෙ නම් කැරට් නැත්නම් මහ පාළුවක්. මිරිස් කුඩුයි සීනීයි වතුරයි පදමට ලිපේ තියලා ඉදවනකොට එන්නෙ හරිම වෙරිකාර මත්වෙන සුවඳක්. ඒකට බොම්බයි ළුුණු ලොකුවට කපලා, මාළු මිරිස් එක්ක චර බර ගාලා හපන්න කැරට් කෑලි දාපුවම තමයි අපූරු අච්චාරුව! එපා එපා, ඔය අන්නාසි අරවා මෙව්වා ඔන්නම් චට්නි හදාගෙන කන්න, මේ මැලේ අච්චාරුවට දාන්නෙ නැතිව.
ලුණුදෙහි ගැන අපි වෙන්මම දවසක කතා කරමු!
ඔය සේරමත් හරි කිරිහොද්දත් හරි. උළු හාල් ඇට නටන ලස්සන කහ පාටට ඉතිරෙන්න නොදී හැඳිගාලා පරිස්සම් කරගත්තු, රම්පෙ කරපිංචා වලින් සාර වෙච්චි කිරිහොද්දක් එක්ක මොනවද කන්න බැරි. සුද්දගෙ තිරුවානා ගල් හිටන් මේ කිරිහොද්දට දියවෙනවා නොවෙද හා? දන්න කියන ඉඳිආප්පයක් එක්ක මුහු වෙලා ඉන්නකොට බලන්ට එපායැ කිරිහොද්දෙ ආඩම්බර! එයිත් එක්ක යන්න හොඳ මාළු ඇඹුල් තියලක් එහෙමත් නැත්නම් හීනි කූනිස්සො එක්කසු කරපු තිබ්බොටු මැල්ලුමක්...රුහුණුකරේ කරක්ගහල එත්දි ගෙනාපු ජාඩි ටිකක් තිබේ නම් ඉතින්...මේවනෙ හීන කියන්නෙ බ්‍රෝ!
මේකයි, කෑම ගැන කියන්න ගියොත් බඩකිනි වෙනකම් මාගලක් දිගට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම්කො. "මම නම් කන්න කැමති මේවා. එතකොට ඔයා?"
මේකයි, කෑම ගැන කියන්න ගියොත් බඩකිනි වෙනකම් මාගලක් දිගට කියන්න දේවල් තියෙනවා. ඒ නිසා මම මෙහෙම කියන්නම්කො. "මම නම් කන්න කැමති මේවා. එතකොට ඔයා?"
This comment has been removed by the author.
ReplyDeleteරතු, ලොකු, සුදු, කොල ඕනෑම ලූණු ජාතියකට කැමතියි. උම්බලකඩ සමග නම් තවත් හොඳයි. අමු රතු ලූණු බත් එක්ක අවශ්‍යම වගේ දෙයක්. කෑවාම ගඳ දැනෙන්නෙ අනිත් අයටනෙ.
Deleteකරීස් නම් ඔක්කොම එකට අනාගෙන කන්න අකමැතියි. වෙන වෙනම බත් එක්ක කන්න කමැතියි . අනනවට පොඩි කාලෙ ඉඳන්ම අකමැතියි.
මාළු ගන්න ලෙල්ලම්වලට (පානදුර/මීගමුව ) යන එක කැමති දෙයක්. ජාඩි- yum yum ( පොඩි කාලෙ කන්න දීලා නෑ. දැන් හොයාගෙන යනවා.) දික්වැල්ල පැත්තේ දැල්ලෝ ඇඹුල්තියල් කාල තියනවද? ooh!
දැන් බඩගිනී ! Thanks.
හනේ, ජාඩි වලට නම් පුදුම පෙරේතකමක් තියෙන්නෙ! අනේ නෑනෙ, දැල්ලො ඇඹුල් තියල්??? රහ දන්නෙ නැතිවත් කටට කෙළ උණනවා ඉතින් ඔන්න! අපි එක වතාවක් යාලෙ පොඩි ධීවර වරායක් වගේ තැනකට ගියා. මට නම අමතකයි. එතනත් එක එක ජාති මාළු හිටියා. මට මතකයි මෝරු දෙතුන් දෙනෙක් හිටියා. දුකත් හිතුණා හැබැයි දැක්කම. ලොකු උන් නෙමෙයි පොඩි එවුන්, අඩි දෙකක් විතර දිගයි, සුදු පාටට හුරුයි. එහෙදි අපි හොඳ පොකිරිස්සො හොද්දක් ඉව්වා බීච් එකේම. රසම රසයි ඒක නම්!Thank you for the comment Pra Jay.
Delete++++++++
ReplyDeleteමාලු හොදි හෝ හාල් මැස්සන් හොදි, පොල් සම්බෝල එක්ක බත් කියන්නේ රජ කෑම.
හාල් මැස්සො හොද්දක් එක්ක නම් බත් හැලියම කතහැකි. කට්ට කරෝල හොද්දට කොයි මාළුවත් පරාදයි! කොමෙන්ටුවට ස්තූතියි!
Deleteතිබ්බටු මැල්ලුම, එළබටු වෑංජනේ මිටිකිරි ජුංඩක් දාල, කෙහෙල් මුහ ඇඹුල,අළු කෙහෙල් පොතු තෙල් දාල,
ReplyDeleteකොළ ගෝවා මැල්ලුම,ගෙඩි ගෝවා කිරට, වල් ඌරා හීනිතීරු කපල තෙල් දාල,තිලාපියා හමත් එක්ක බැදුම, කතුරුමුරුංගා මල් බිත්තර සාරුවල දාල අරගෙන යම්තමට බැදල......
රොඩ්නි ජොන්ක්ලස් ඒ කාලෙ වීක් එන්ඩ් පත්තරේට ලිව්ව සතිපතා කොළමක් ලංකාවෙ කෑම බීම ගැන...මම බොහොම ආසාවෙන් කියෙව්ව කෙල හැලි හැලි..... එකතු කරල පයිල් එහෙක දාලත් තිබ්බ. ඒත් අපි ඔය එහෙ මෙහෙ ගෙවල් මාරුකරනකොට ඒ පයිල් එක අන්තරස්දාන වුනා...
ලිවිල්ල මල් හතයි හෝබෝ...කීප් ඉට් අප්...:)
මේක හරියන්නෙ නෑ, අපි කස්ටිය එකහුවෙලා කෑම කඩයක් දාලා අපිම උයාගෙන කමු. මෙව්වා කියවනකොට මගෙ බඩකින්න ඔන්න ඉතින් ඩිස්කො නටනවා. කොමෙන්ටුවට ස්තුතියි!
DeletePS. ගෝවා කොළ මැල්ලුම...යම් යම්! අපේ ගෙදර අපි ගෝවා වැවුවා. අර ලොකු කොළ ගෝවා එක. මුකුත් බෙහෙත් ගහන්නෙත් නැතිව හැදුවෙ. මැල්ලුම හදපුවාම රහේ බෑ.
හලේ..... මගේ ජාතියේම කෑමදාසියක්! මගේ ලිස්ට් එක කියන්නේ නැහැ. සමාජෙන් කොන් වෙන හින්ද
ReplyDeleteකියාපන් බලන්ට. උඹැයිලා කොහොමත් සමාජෙන් කොන් වෙලා තමා ඉන්නෙ, මැද හරියෙ ඉන්නවා කියලා හිතාන උන්නට! හැක් හැක් හැක් (වියරු සිනාවක් තිරය පිටුපසින් ඇසෙයි.)කෝ අර අපේ සමාන්තර ලෝකෙ එරන්දියා? ඒ පැත්තෙ යන්නත් බැරි වුණා.
Deleteඑහෙම කොහොමද? එතකොට මගේ නම්බු කටුව? හුහ්
Deleteඇයි කොච්චි මිරිස් තක්කාලි එහෙම දාල හදන ලේන හතු බැදුම.
ReplyDeleteහනේ මට ඒක හදලා තැපැල් කරලා එවන්න බැරිද......???? කොමෙන්ටුවට තැන් කූ!
Deleteබී ළූණු හීනියට දිගට ලියලා, හාල්මැස්සෝ crispy වෙන්න බැදලා සැරට හදපු බැදුම සමග දෙල් උකුවට කිරට උයලා, කතුරුමුරුංගා මැල්ලුම එක්ක දෙනවනං තුන්වේලම මැරෙනකන් කන්නම්.
ReplyDeleteඅද තමයි මුලින්ම බ්ලොග් එකට අවේ. දිගටම ලියමු. ජයවේවා !
ඔහොම කියන්න එපා මල්ලි. බඩේ පණුවො සියදිවි නසාගන්න හදනවා. එල්ලෙනවද...කෝච්චියට බෙල්ල තියනවද...කොමෙන්ට් කරන්න වෙලාව ගත්තට බොහොම ස්තූතියි.
Deleteමොන මගුලක්ද බන් මේව දාල කට දෙපැත්තෙන් කෙල පෙරෙනව කියෝන ගමනුත් කෙල ගිලිනව උබට බඩේ අමාරුව හැදෙයි
ReplyDeleteහික් හික් ගික්, මම මේ කොමෙන්ට් වල තියන කෑම ජාති කියව කියව කෙල හල හල ඉන්නෙ තඩී!
Deleteලුණු දෙහි මතක් වෙලා නම් කෙල ඉනුවා. අපේ තාත්තා ඉන්න කාලේ කරන මරු වැඩක් තමයි දවල් හරි උදේ හරි උයපු බාජන වල ඉතිරි වෙලා තියෙන ජාති ඔක්කොම දාල ඉතිරි බත් එක්ක එකට අනල හවස 4-5 ට වගේ කන එක.. වලං වල අඩියේ ඉතිරි වෙන ටික බත් වලට එකතු වුනාම එන රහට මම පුදුම ආසයි. තාත්තා කරන්නේ ඔය වෙලාවට අපි ගෙදර ඉන්නවනම් හැමෝටම කට කට ගානෙවත් කව කව වළදත් අරන් ගේ පුරා යන එක.. හෙහ් හෙහ්... මමත් හිටපු ගමන් ඔය වැඩේ දැන් කරනවා. හැබැයි තාත්ත අනල කවපු රස නම් තාම දැනෙන්නේ නැද්ද මන්ද
ReplyDeleteමයියොක්කා කොළ කොටලා හොඳට මිරිස් කෑලි ටිකක් එක්ක තෙල් දාල කාල තියෙනවද? හෙහ් හෙහ් කියල වැඩක් නෑ..
ඔය මොකුත් නැති ඕනෙම වෙලාවක කීරමින් (අපි කියන්නේ තොන්ඩයෝ කියල) කර වෙන්න තෙල් දාල පරිප්පු ටිකක් එක්ක කන්න තියෙනවනම් ඉතින්....
ලුණු දෙහි කියද්දී මතක් වෙන්නේ ඉස්සර තාත්තා ගෙදර ඉන්න වෙලාවට වහලේ උඩ දාල ලුණු දෙහි වේලපු හැටි..
මරු පෝස්ට් එකක්..
ඉස්තූති පැතුම් කොමෙන්ටුවට. ඔව් අනේ ලුණු දෙහි කියන්නෙ මාර සබ්ජෙක්ට් එකක්. හදන පිළිවලට රහ වෙනස් වෙනවනෙ.. දිලිසෙන ලුණු කැට ගෙදර දෙහි ගහේ කහ පාට බෝල බෝල ගෙඩි මැදට තියලා, වට්ටියෙ දාලා වහලේ උඩ වේලෙන්න තියලා, කපපු දෙහි ඉස්ම වෙනම එකතු කරලා...ඒක වෙනමම ප්‍රොසෙස් එකක්නෙ. එහෙම තමයි අපි ගෙදර හදන්නෙ. ඊට පස්සෙ ඉස්කෝලෙ හෝම් සයන්ස් වලට අර දෙහි ගෙඩියට ලී උලකින් ඇනලා ඒවා තම්බලා හීන් කොච්චි එක්ක වෙන තාලෙකට ලුණු දෙහි හැදුවා මතකයි යන්තමට වගේ.
Deleteඅනේ ඔව්, මුට්ටියෙ දංකුඩේ ඉතිරි මාළු පිනි එක්ක අනලා කනකොට හරිම රහයි තමා. අනික වළඳෙ බත් අනාගෙන කනකොට මරු පහයි. හෑහ්...?? ගෙදර ගිය ගමන් මයියොක්ක කොළ කොටාගෙන කාල බලන්න ඕනෙ.
ලුනුදෙහි ඉස්සර අපේ අත්තම්මත් හදනවා. හදනකොට හදන්නේ කඩේකට තොග ගානට හදනවා වගේ ( එයාගේ වැඩ කොහොමත් මෙගා) මාව තමයි අව්වේ දාපුවා එහාට මෙහාට පෙරලවන්න කියලා යවන්නේ.
Deleteමට නේද ඉතින්! හි හි හි
දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.. ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ.... ආයෙමත් දෙකක් පෙරලනවා, එකක බාගයක් කටේ....
ඊට පස්සේ මම එනවා.
"කපුටෝ ගෙනියනවද කොහෙද ** දුවේ..."
කියල අත්තම්ම ඔන්න ඊට පස්සේ දැලකුත් දානවා. ඊට පස්සෙත් 'කපුටා' කනවා... ඒ කාලේ තමයි දැලක් උනත් උස්සලා ලුනුදෙහි කන කපුටෝ හිටියේ..! ( හුප්! කට වසා ගමි )
මේ වගේ පත වැස්ස වෙලාවක කට දැවිල්ලට
ReplyDeleteමොනවා හරි කාලා උණු කෝපි එකක් ගහන්නඩ තියෙනවා නම් දිව්‍ය ලෝකේ ගියා වගේ පුතී