මාටිං අයියා ගෙදර ඉන්නා ඉස්තිරී පාර්ශවය ඒ හැටි මායිම් කරන්නේ නැත. උදේ හිට හවහා වන තුරුත්, හවහා සිට එළි වෙන තුරුත් නිවසේ සිටිනා ඉස්තිරී පාර්ශව සියල්ලම පාහේ, මාටිං අයියාට පංසලේ නායක හාමුදුරුවන්ට වාගේ ඇබිත්තකම්, මෙහෙකම්, උවටැන් කිරීමට පේවී සිටීමත්, නිවසේ මහාධිකරණයෙන් අපරාධ චෝදනා එල්ල වී සිරබත් කෑමට සිදුවන තත්වයන් හීදී අභියාචනාධිකරණ, ඔම්බුඩ්ස්මන් ආදී රාජකාරි කිරීමත් මීට හේතු වීමට ඉඩකඩ බොහෝය. මාටිං අයියා සිතා සිටින්නේ තමා ඉතා වැදගත් පුද්ගලයෙකු නිසා හැමතිස්සේම තමාට මල් වට්ටියක්, පූජා වට්ටියක් ගාණට සලකා තමාගේ සියලූම පක්කලි වැඩ කිරීමට නිවසේ ඉස්තිරී පාර්ශවයන් බැඳී සිටින බවය. නිවෙස් වැසි ඉස්තිරී පාර්ශව සියල්ලන්ටම මාටිං අයියා මගේ දෙයියා, මගේ පණ සහ මගේ රත්තරන් කැටේ වීම නිසාත් හවසට දෙන තේ සහ බිස්කට් දොහොත් මුදුනින් මාටිං අයියා වෙත පිළිගන්නන නිසාත් දොඩම් ඇට එක හමාරක් විතර උස මාටිං අයියා නිවසේ එහේමෙහේ යන්නේ ප්‍රතාපවත් රජෙකු වීදි සංචාරය කරන්නා වාගේ සිංහ සෙය්‍යාවෙන් ය.
මාටිං අයියා නිවසේ ඉස්තිරී පාර්ශවයෙන් නිකමට හෝ මායිම් කරනවා නම් කරන්නේ අන්නක්කාව ය. මාටිං අයියාට ඕනෑ පදමට කටන්දර කියා දෙන්නේත්, ප්‍රශ්නෝත්තර සෙල්ලම කරන්නේත් අන්නක්කා නිසා, තමාට වඩා යමක් දන්නා කියන එකියක ලෙස මාටිං අයියාගේ ලෝකයේ අන්නක්කාට පොඩි තැනක් ඇත්තේය. අන්නක්කා කොහොමින් හෝ වදෙන් පොරෙන් මාටිං අයියාගේ මොළ ගෙඩියට නිතරම පාහේ අකුරක් දෙකක්, වචනයක් දෙකක් එන්නත් කිරීමට ඉතා ආසා කරන්නීය. මාටිං අයියාගේ හවස් ජාම් හොබියක් පිළිබඳ අන්නක්කාට වැඩි පැහැදීමක් නැත. මාටිං අයියා ඇඳ උඩ හරිබරි ගැසී කට ඇරගෙන ඉංදියාවේ කාඩ්බෝඩ් වීරයින් උළුප්පන කිස්නා බැලීමත්, චණ්ඩී බැලීමත් අන්නක්කාට දිරවන්නේම නැත. ඒ නිසා දවසක් අන්නක්කා මාටිං අයියාට අලුත් හොබියක් සැට් කිරීමට උත්සහා දරයි. මාටිං අයියා සමග ඇඳ උඩ එරමිණියා ගොතා ගන්න අන්නක්කා මාටිං අයියාට හා හා පුරා කියා ඩිස්කවරි නාලිකාව හඳුන්වා දෙන්නේ මේ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙසය.
ගෙදර ජනෙල් දොරවල්, තිර රෙදි, ඇඳ රෙදි, හාන්සිපුටු මේ අව් අස්සේ අන්නක්කාට ඔලොක්කුවට වාගේ හිනා වෙන්නට වුවත්, අන්නක්කා ඉන් සැලෙන්නේ නැතිව මාටිං අයියා සමග ඩිස්කවරි බැලීමට සැට් වූවාය. ඒ වෙද්දී ඩිස්කවරි චැනලයේ පෙන්නන්නේ සතුන් ගැන වාර්තා වැඩසටහනකි.
"අර මුක්කුද?" ටෙලිවිෂන් තිරය දෙස කට ඇරගෙන බලා සිටින මාටිං අයියා, අන්නක්කා වෙත සිය ප්‍රථම ප්‍රශ්නය යොමු කරයි.
"ඒ වවුල්ලු."
"හරී." මාටිං අයියා කියන්නේ ටෙලි තිරයෙන් ඇස් අහකෙට නොගෙනය.
ටික වේලාවක් යයි.
"ඇයි අර කපුටො අතු වල එල්ලිලා ඉන්නෙ?"
මාටිං අයියාට අනුව ලෝකයේ සිටින සියලුම කුරුල්ලෝ කපුටෝ ය.
"ඒ ඉන්නෙ කපුටො නෙවෙයි පැටියො, ඒ ඉන්නෙ වවුල්ලු. උන් ඉන්නෙ අතු වල එල්ලිලා."
"ඇයි උන්ට පියාඹන්න බැයිද?"
කාමරයෙන් එළියේ වූ හාන්සිපුටුවක් හැක හැක ගා සිනාසෙන්නට පටන් ගනී.
"නෑ, නෑ උන්ට පියාඹන්න පුළුවන්.උන් නිදාගන්නෙ එල්ලිලා අතුවල, ආං අර වගේ...."
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
(පරිසරයම නිහඬ වෙයි.)
.
.
.
.
.
.
(පරිසරය තවමත් නිහඬය.)
"ඉතින් ඇයි උන් එහෙම එල්ලිලා නිදා ගන්නෙ?"
මාටිං අයියා කරුණාකර නැවත ප්‍රශ්නය යොමු කරයි.
"හ්ම්...උන්ගෙ කකුල් හැදිලා තියෙන්නෙ ඒ විදියට. ඒකයි."
"හරී..." මාටිං අයියා ආයේමත් මේ අරුම පුදුම වවුල් සැට් එක දිහා බලාගෙන සිටී. ටික වේලාවකින් මේ වවුල් සැට් එක ගඟකට ඉහලින් පියාසර කරනා ගමන් පහත් වී සිය ශරීර ජලතලයේ ගාවමින් යළිත් අහසට එසවෙති.
අන්නක්කාද මෙවන් ඉලව්වක් දැක්කේ එදාමය.
"මොකද්ද උන් ඒ කරන්නෙ?" මාටිං අයියා වහාම ප්‍රශ්න කරයි.
"උන් මාළු අල්ලනවා."
"වවුල්ලු කන්නෙ මාළු ද?"
ඔරලෝසුව වේගයෙන් ටික් ටික් ගායි.
"වවුල්ලු මාළු ද කන්නෙ?"
(වේදිකාව තවමත් නිශ්ශබ්දය.)
"අන්නක්කෙ, වවුල්ලු මාළු කනවද?"
ඇත්තටම වවුල්ලු මාළු කනවද...........?
(පසුදා හවස )
"අන්නක්කෙ, අපි අර ඊයෙ බැලුව එක බලමුද?"
අන්නක්කා ඊයේට වඩා ටිකක් අඩු වේගයකින් ටැලිවිෂන් එක දිහාවට ඇවිදගෙන යයි.
ඒ වෙලාවේත් ඩිස්කවරි චැනලයේ යන්නේ සතුන් පිලිබඳවම වාර්තා වැඩසටහනකි.
කළු පැහැති වතුර නොසෙල්වී ගලයි. රූස්ස ගස් වල හෙවණැල්ල වැටී පලාතම අඳුරුය. ගං දිය අතරින් හෙමීට හිසක් ඉහළට එසැවෙයි. මාටිං අයියා ටිකාක් පස්සට විත් අන්නක්කාගේ කිහිල්ල අස්සට රිංගයි. ඩීංගක් වේලා ජල මතුපිටට ආ හිස දෙස බලා සිටින මාටිං අයියා දල්වුනු ඇස් වලින් යුතුව අන්නක්කා වෙත හැරෙයි.
"අන්නක්කෙ!"
"හ්ම්?"
"අර! අර! දැක්කද?"
"හ්ම්..හ්ම්.."
"කබරයෙක්!"
(පසුදා හවස )
"අන්නක්කෙ, අපි අර ඊයෙ බැලුව එක බලමුද?"
අන්නක්කා ඊයේට වඩා ටිකක් අඩු වේගයකින් ටැලිවිෂන් එක දිහාවට ඇවිදගෙන යයි.
ඒ වෙලාවේත් ඩිස්කවරි චැනලයේ යන්නේ සතුන් පිලිබඳවම වාර්තා වැඩසටහනකි.
කළු පැහැති වතුර නොසෙල්වී ගලයි. රූස්ස ගස් වල හෙවණැල්ල වැටී පලාතම අඳුරුය. ගං දිය අතරින් හෙමීට හිසක් ඉහළට එසැවෙයි. මාටිං අයියා ටිකාක් පස්සට විත් අන්නක්කාගේ කිහිල්ල අස්සට රිංගයි. ඩීංගක් වේලා ජල මතුපිටට ආ හිස දෙස බලා සිටින මාටිං අයියා දල්වුනු ඇස් වලින් යුතුව අන්නක්කා වෙත හැරෙයි.
"අන්නක්කෙ!"
"හ්ම්?"
"අර! අර! දැක්කද?"
"හ්ම්..හ්ම්.."
"කබරයෙක්!"
(වේදිකාව මදකට යළි නිහඬය.)
මාටිං අයියා දන්නා, වතුරේ යන ලොකුම සතා වත්ත පහල කබරයන්ය.වත්ත පහල වෙල අයිනේ ඇලේ පදිංචිව සිටින්නා වූ ද නාන ලිඳට පැන නිදන්නා වූ ද වත්තේ එහේමෙහේ සක්මන් කරන්නා වූ ද මාටින් අයියාගේ හිත ගත් ඉතා යහපත් අසල්වාසීන් වන්නේ එක්තරා කබර පවුලකි. මාටිං අයියාට අනුව මෙම පවුලේ කබර අම්මා ද, කබර තාත්තා ද, කබර පුතෙක් සහ කබර දුවක් ද වෙති.
"නෑ පැටියො, ඔය කබරයෙක් නෙවෙයි. ඔය කිඹුලෙක්."
"කුඹුලෙක්?"
"ඔව් කිඹුලෙක්."
"ඇයි එයා කබරයෙක් නෙමෙයි ද?"
"නෑ, නෑ එයා කිඹුලෙක්. එයාගෙ පිටේ කටු කටු තියනවා. කබරයගෙ පිටේ කහ පාට තිත් තිත් තියනවා." අන්නක්කා කිඹුලාගේ සහ කබරයාගේ සමවිෂමතා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරයි.
ටික වේලාවක් යනකම් මාටිං අයියා නිහඬව කිඹුලා දෙස බලා සිටී.
"ඇයි ඒ කබරයා ඔහොම ඉන්නෙ හෙළවෙන්නෙ නැතුව? ඌ මැරිලද?"
"පැටියො, ඔය ඉන්නෙ කබරයෙක් නෙමෙයි,කිඹුලෙක්. ඌ ඔය හෙළවෙන්නෙ නැතුව ඉන්නෙ සත්තු අල්ලගෙන කන්න."
මාටිං අයියා හිස වනයි. ටික වේලාවක් හැලහොල්මනක් නැති කිඹුලා දෙස බලා සිටින මාටිං අයියා හදිසියේම යමක් මතක් වූවා සේ අන්නක්කා දෙසට හැරෙයි.
"අන්නක්කෙ...."
"හ්ම්...."
"අර කපුටො ටික කෝ?"
"මොන කපුටො ටිකද පැටියො?"
"ඇයි අනේ අර ඊයෙ හිටියෙ මේකෙ..."
අන්නක්කාගේ උගුර හිරවේගන යයි.
"ආ...අර ඊයෙ හිටිය වවුල්ලුද?"
"ඔව්, ඔව් උන් තමයි. අර මාළු ඇල්ලුවෙ."
"ආහ්...හුම්ම්ම්...උන්...උන් අද නෑ. ඊයෙනෙ හිටියෙ. අද ඉන්නෙ කිඹුල්ලු."
මාටිං අයියා ඇස් දෙකම කරකවමින් ටිකක් වෙලා කල්පනා කරමින් සිටී.
"අර ඊයෙ හිටපු වලුල්ලු ටික මේ කිබුලා කාලා දාලා ද?"
කුස්සිය අහින් වළං මුට්ටි පෙරළි පෙරළී හිනාවෙන හැටි අන්නක්කාට ඇසෙයි.
"අන්නක්කෙ, ඔය කිඹුලා ඒ වවුල්ලු ටික කාලා දාපු හින්දද අද වවුල්ලු ටික නැත්තෙ?"
(හාත්පස අඳුරු රතු පැහැයකට හැරෙයි.)
(වේදිකාව නිහඬය.)
"අන්නක්කෙ, කිඹුල්ලු වවුල්ලුන්ව කනව ද?"
(වේදිකාව තවමත් නිහඬය. ටිකෙන් ටික අඳුර වැඩිවී තිරය පහතට පැමිණෙයි.)
ඇත්තටම කිඹුල්ලු වවුල්ලුන්ව කනවද......?
ඇත්තටම කනවද?....:)
ReplyDeleteලියමන මල් හතයි ඈ..
කවුද දෙයි හාමුදුරුවනේ දන්නෙ!!! ඉස්තූතියි කියෝලා කොමෙන්ටුවක් දැම්මාට!!
Deleteමාටිං අයියා එල කොල්ලෙක් නෙ.
ReplyDeleteඒකනෙ හෝබෝවගෙ රේඩාර් එකට අහුවුණේ!!!
Deleteහිනාවෙලා පණ ගියා බං.. රෙෂ්පට් ඈ !!
ReplyDeleteජය!
Deleteහරිම අපූරුයි...ඔය "චණ්ඩි" බැලීම නම් අපේ මල්ලිගේ චුටි දුවත් කරනවා..ළමයි ඇත්තටම ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා..ඩිස්කවරිය බැලීම නම් කියාපු විකල්පය...
ReplyDeleteඅනිවාර්යෙන්ම! ඉස්සර කාලෙ අපි නම් කොහොම හරි ඉංග්‍රීසි කාටුන් එකක් බලලා භාෂාව හරි ටිකක් කණට හුරු කරගත්තා. දැන් ඒකත් නෑ. ඒ මදිවට හොඳ කොලිටි කාටුන් ඇත්තෙත් නෑ.
Deleteමාටිං අයියා.. මැවිලා පේනවා..නියමයි! :)
ReplyDeleteඉස්තූතියි. දිගටම මා එක්ක කතන්දර දඩයමේ යමු!
DeleteLassana post eka!
ReplyDelete:) :) :) දිගටම කියෝගන යමු හෙනං හෝබෝවගේ කතන්දර ටික. ඉස්තූතියි. ජය!
Deleteසෛයාවෙන් යන්න සෙය්‍යාවෙන් වියයුතුයි. අතන ලියවී තිබෙන්නේ සයියාවෙන් යනුවෙනි.
ReplyDeleteකුණු ඉන්දියන් ටෙලි නාට්‍ය බලනවුන්, මන්ද බුද්ධිකයන්, විෂම සමාජානුයෝගීන් වන බව, මමද පිලිගනිමි.
ආ මේ තියෙන්නෙ! ඔයික දාපු වෙලාවේ ඉඳන් වැරැද්දක් තියෙනව කියලා දැනුනට ඒ කොතනද කියලා හොයාගන්ට බැරිවුනා නෙව. ඕං හැදුවා එහෙනම් ඉස්තූතියි. මං පොදුවේ ඉන්දියන් කතා වලට විරුද්ධ නම් නෑ. මොකද අපේ එව්වා එක්ක ගත්තම, උන්ගෙ අඩුම ගාණේ හොඳ ප්ලොට් එකකුයි, සෙටින් ටිකකුයිවත් වත් තියනවා. ඕකෙ ප්‍රශ්නෙ ඔව්වාට වුවමනාවට වඩා ඇබ්බැහි වෙන එක. අනික ඒවාට තරග කරන්න පුළුවන් මට්ටමේ වාණිජ ටෙලි නිර්මාණ බිහි නොවෙන එක. හැමෝම සම්භාව්‍ය නිර්මාණ බලන්න කැමති නෑ නොවෙ. ඒ වගේ වෙනස් රසඥතාවක් තියන එන්ටර්ටේන්මන්ට් හොයන එවුන්ට බලන්න දෙයක් නෑ අපේ චැනල් වල. ඉතින් උන් ඔය ඉන්දියන් එව්වා බලනවා.
Deleteවවුල්ලු කපුටන් තියා කුරුල්ලන් වර්ගයක්වත් නොවෙන බව (mammals) කියල දුන්නෙ නැද්ද
ReplyDeleteහපුයි ඔයික කියන්න ගියොත් ඉතිං මාත් කිරි බීලා තියනවනෙ, කෝ මට පියාඹන්න බෑනෙ කියයි. ඔව්වා ඉස්කෝලෙන්ම ඉගෙනගන්නෙ නැතෑ.
Deleteමම අපේ මැඑන් පොඩි කාලේ නර්සරි රයිම්ස් තියෙන වී සී ඩී එකක් ගෙනාවා.. ඒකේ ඉන්නේ සත්තු.. රයිම්ස් පැත්තකින් තියෙද්දි.. පොඩි මෑන් සත්තුන්ගේ පාට් ඉගෙන ගත්තා..
ReplyDeleteඅනිවාර්යයෙන්ම, පොඩි එවුන් කියන්නෙ බොහොම නිදහස් චින්තනයක් තියන උන් විශේෂයක්. උන් අපිට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ.
Deleteයකෝ මම හිතුවෙ මාටින් ලොකු එකෙක් කියලා. පස්සෙනේ තේරැනේ.
ReplyDeleteහිතහල්ලකො ලොකු වුනාම කොහොමට තියේද කියලා එහෙනං!!
Deleteඅන්නක්ක පව් :D
ReplyDeleteඅන්නක්ක වඳින්න ගියපු දේවාලෙ ඔලුවට කඩාගෙන වැටිලනෙ.
ReplyDeleteඔය මාටියාගේ ෆොටෝ කෑල්ලක් එල්ලුවානං හෙනද
ReplyDeleteමොන කපුටො ටිකද අහන්නේ? දැන් කිසි දෙයක් මතක නැද්ද?
ReplyDeleteඅම්මේහ්!! මාටියා මරු පොරක් තමයි.